4. නසාන්ති සූත්ර වර්ණනාව
සිවු වැන්නෙහි - කමනීයාති රූපාදි ඉෂ්ටාරම්මණ, අපුනාගමනං අනාගන්තා පුරිසො මච්චුධෙය්යා ත්රෛභූමික වෘත්ත සංඛ්යාත වූ මෘත්යුධෙයයෙන් (මාර රාජ්යයෙන්) අපුනාගමන (යළි නො පැමිණීම්) සංඛ්යාත නිර්වාණයට නො පැමිණෙන්නාහු, සත්ත්වයෝ නිර්වාණයෙන් යළි නො එත් ම ය. එහෙයින් එය ‘අපුනාගමන’ (යළි නො පැමිණීම) යි කියනු ලැබේ. කාමයෙහි බැඳුණා වූ ද, ප්රමාද වූවෝ ද ‘අනාගන්තා’ (නො පැමිණෙන්නාහු) නම් වෙත්, පැමිණීමට නො හැකි වේ. එහෙයින් මෙසේ කී ය. ඡන්දජං තෘෂ්ණා ඡන්දයෙන් හටගත් අඝං පඤ්චස්කන්ධ දුක; දෙවන වචනය ඊට සමාන වචනයකි. ඡන්ද විනයා අඝවිනයො තෘෂ්ණාව දුරු කිරීමෙන් පඤ්චස්කන්ධ දුරු කිරීම (වේ). අඝවිනයා දුක්ඛවිනයො පඤ්චස්කන්ධය දුරු කිරීමෙන් සසර දුක දුරු කරන ලද්දේ ම වේ. චිත්රානි අරමුණු වශයෙන් විචිත්ර වූ, සංකප්පරාගො සංකල්පිත රාගය යි. මෙසේ මෙහි වස්තුකාමය හා ක්ලේශකාමය ‘කාමය’ යි පවසන ලදි. මේ අර්ථය පසූරසූත්රයෙන් පැහැදිලි කරගත යුත්තේ ය. තෙරුන් වහන්සේ විසින් සංකල්පරාගය කාමයයි කියන ලද්දේ පසූර පරිව්රාජකයා මෙසේ පැවසී ය:
“න චෙ තෙ කාමා යානි චිත්රානි ලොකෙ
සංකප්පරාගඤ්ච වදෙසි කාමං
සංකප්පයං අකුසලෙ විතක්කෙ
භික්ඛුපි තෙ හෙස්සති කාමභොගී”
සංකප්පරාගඤ්ච වදෙසි කාමං
සංකප්පයං අකුසලෙ විතක්කෙ
භික්ඛුපි තෙ හෙස්සති කාමභොගී”
(ලෝකයෙහි යම් විචිත්ර වූ (රූපාදී අරමුණු) ඇත්තේ ද, ඒවා කාමයෝ නො වෙත් (යයි ද) සංකල්පිත රාගය (ම) කාමය යි (ද) කියන්නෙහි ය. අකුසල විතර්කයෙහි සංකල්පනය කරමින් භික්ෂුව ද, කාමභෝගී වන්නේ ය.)
ඉක්බිති තෙරුන් වහන්සේ ඔහුට (මෙසේ) පැවසූහ :
“තෙ චෙ කාමා යානි චිත්රානි ලොකෙ
සංකප්පරාගං න වදෙසි කාමං
පස්සන්තො රූපානි මනොරමානි
සත්ථාපි තෙ හෙස්සති කාමභොගී
සංකප්පරාගං න වදෙසි කාමං
පස්සන්තො රූපානි මනොරමානි
සත්ථාපි තෙ හෙස්සති කාමභොගී
සුණන්තො සද්දානි ඝායන්තො
ගන්ධානි සායන්තො රසානි
ඵුසන්තො ඵස්සානි මනොරමානි
සත්ථාපි තෙ හෙස්සති කාමභොගී”
ගන්ධානි සායන්තො රසානි
ඵුසන්තො ඵස්සානි මනොරමානි
සත්ථාපි තෙ හෙස්සති කාමභොගී”
(ලෝකයේ යම් විචිත්ර වූ (රූපාදි දේ) ඇත්ද ඒවා කාමයෝ ය; සංකල්පිත රාගය කාමය යි නො කියන්නෙහි ය. මනොරමණීය වූ රූප දක්නා ඔබගේ ශාස්තෘවරයා ද කාම භෝගියෙක් වන්නේ ය.
ශබ්දයන් අසමින් සුගන්ධයන් ආඝ්රාණය කරමින්, (විවිධ) රස විඳිමින්, මනරම් වූ ස්පර්ශයන් විඳිමින් ඔබගේ ශාස්තෘවරයා ද කාමභෝගී වන්නේ ය.)
අථෙත්ථ ධීරා ඉක්බිති පණ්ඩිතයෝ ඒ අරමුණුවල ඡන්දරාගය දුරු කරති. සංයොජනං සබ්බං දශවිධ වූ සංයෝජන, අකිඤ්චනං - රාග කිළුට ආදියෙන් තොර, නානුපතන්ති දුක්ඛා සංසාර දුක් ඔහු මත පතිත නොවේ.
ඉච්චායස්මා මොඝරාජා “පහාසි සංඛං” යන ගාථාව අසා ඒ පිරිසෙහි ගැලපීම්හි දක්ෂ වූ මෝඝරාජ නම් තෙරණුවෝ මේ ගාථාවේ අර්ථය යථා පරිදි ගලපා නො ගන්නා ලද්දේ යයි සිතා අනුසන්ධි පරිදි ගටන්නාහු මෙසේ කී සේක. එහි ඉධ වා හුරං වා මෙලොව හෝ පරලොව නරුත්තමං අත්ථචරං නරානං සියලු ආශ්රවයන් ප්රහීණ කළා වූ නරෝත්තමයන් මෙන් ම මිනිසුන්ට හිත වැඩ සලසන්නාහූ ද, තෙරුන් වහන්සේ බුදුන් වහන්සේ අරභයා මෙසේ පැවසූ සේක. යෙ තං නමස්සන්ති පසංසියො තෙ ඉදින් එසේ මිදුණු උන්වහන්සේට දෙව් මිනිස්සු ප්රතිපත්තියෙන් නමස්කාර කරත් ද එවිට යම් කෙනෙක් භාග්යවතුන් වහන්සේට කයින් හෝ වචනයෙන් හෝ අනුප්රතිපත්තියෙන් හෝ නමස්කාර කරත් ද ඒ භික්ෂූහු පැසසිය යුත්තෝ ද? නැතහොත් නො පැසසිය යුත්තෝ ද? මෝඝරාජ යි තෙරුන් ආමන්ත්රණය කරයි. අඤ්ඤාය ධම්මං චතුස්සත්යය දැන සඞ්ගාතිකා තෙපි භවන්ති යම් කෙනෙක් කයින් හෝ වචනයෙන් හෝ අනුප්රතිපත්තියෙන් හෝ උන්වහන්සේට නමස්කාර කරත් ද ඔවුහු චතුස්සත්යය දැන විචිකිච්ඡාව හැර දමා ‘සංගාතිග’ (ඇලීම් ඉක්ම ගිය) වෙත්. පැසසිය යුත්තෝ ද වෙත්.
සිවු වැනි සූත්රය යි.
5. උජ්ඣානසඤඤී සූත්ර වර්ණනාව
පස් වැන්නෙහි - උජ්ඣානසඤ්ඤිකා “උජ්ඣානසඤ්ඤී” දේව ලෝකය යි විශේෂ වූවක් නම් නැත. මේ දේවතාවෝ තථාගතයන් වහන්සේගේ ප්රත්ය සතර පරිභෝගය අළලා නින්දා කරමින් පැමිණියහ. ඔවුනට මෙසේ සිතුවිල්ලක් ඇතිවිය: ශ්රමණ ගෞතමයෝ භික්ෂූන්ගේ පංශූකූල සිවුර පිඬු සිඟා ලත් බත, රුක් මුල්හි ශයනාසන ගවමුත්රාදී බෙහෙත යන මෙයින් (වන) සන්තෝෂය ම අවසානය කරන ලද්ද වර්ණනා කරති. තමා පත්තුණ්ණ රටෙහි දුහුල් කොම බවට පත්පිළියෙන් යුත් උසස් චීවර දරයි. රජවරුනට සුදුසු උතුම් බොජුන් වළඳයි. දෙව්විමන් බඳු ගඳකිළියෙහි උසස් යහනෙහි සයනය කරයි. ගිතෙල් වෙඬරු ආදි ඖෂධ පාවිච්චි කරයි. දහවල් කාලයේ මහජනයාට ධර්මය දේශනා කරයි. මොහුගේ වචන එක පැත්තක ය ක්රියා තව පැත්තක යි අවඥා කරමින් පැමිණියහ. එහෙයින් ඔවුනට ධර්ම සංග්රාහක තෙරුන් වහන්සේලා විසින් “උජ්ඣාන සඤ්ඤිකා” යන නම තබන ලදි.