අරණවිභඞ්ග සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතන්ති යනු මා විසින් අරණවිභංග සූත්‍රය මෙසේ අසන ලදී. එහි නෙවුස්සාදෙය්‍ය න අපසාදෙය්‍යාති ගේහසිත වශයෙන් කිසි පුද්ගලයෙක් උසස් පහත් නො කරන්නේ ය. ධම්මමෙව දෙය්‍යාති ස්වභාවය ම කියන්නේ ය. සුඛ විනිච්ඡයන්ති විනිශ්චය කරන ලද සැපයයි. රහො වදන්ති නොඉදිරියෙහි නුගුණ කේළාම් කියත් යන තේරුමයි. සම්මුඛා න බිණන්ති ඉදිරියෙහි ක්‍ෂයවීම් ආකීර්ණ වූ කිළිටි වචන නො කියන්නේ ය. නාභිනිවෙසෙය්‍යාති අධිෂ්ඨාන කොට ගෙන ව්‍යවහාර නො කරන්නේ ය. සමඤ්ඤන්ති ලෝක පැණවීමයි. නාතිධාවෙය්‍යාති නො ඉක්මවන්නේ ය.
කාමපටිසන්‍ධි සුඛිනොති කාම ප්‍රතිසන්ධියෙන් කාමයෙන් යුතු සැපයෙන් සැපයට පැමිණියහුගේ සදුක්ඛොති විපාක දුකෙන් ද දුක් සහිතය. සඋපඝාතොති විපාකයන් නැසීම ද ක්ලේශයන් නැසීම ද සඋපඝාත නමි. සපරිළාහ යනු ද එසේමය. මිච්ඡාපටිපදාති අකුසල් ප්‍රතිපදාවයි.
ඉත්‍ථෙකෙ අපසාදෙතීති මෙසේ ගේහසිත වශයෙන් ඇතැම් පුද්ගලයන් අප්‍රසාදනය කරයි. උස්සාදනයෙහි ද මේ ක්‍රමයයි. භවසංයොජනන්ති භවයෙහි බැඳීම් ඇති කරන තෘෂ්ණාව මෙයට නමකි.
සුභූති තෙරුන් මේ චතුෂ්කය නිසා අගතනතුරෙහි සිටියේය. බුදුරදුන්ට ධර්ම දේශනා කරන පුද්ගලයන්ගේ උස්සාදන පසාදන පෙනෙත්. සැරියුත් තෙරුන් ආදීන්ගේ ද එසේමය. සුභූති තෙරුන්ට ධර්ම දේශනා කිරීමේ දී මේ පුද්ගලයා නො පිළිපන්නෙකි. සිත් නො ගත්තෙකි යි හෝ මොහු සිල් ඇත්තෙකි. ගුණ ඇත්තෙකි. ලජ්ජා සහිත කෙනෙකි. ආචාර සම්පන්න කෙනෙකි යි හෝ නැත. උන්වහන්සේගේ ධර්ම දේශනාවෙන් මේ මිථ්‍යා ප්‍රතිපදාවය මේ සම්‍යක් ප්‍රතිපදාවය යැයි පෙනෙයි. එහෙයින් බුදුරදුන් මාගේ ශ්‍රාවක භික්‍ෂූන්ගෙන් සුභූති තෙරුන් අරණවිහාරීන් අතර අග්‍රස්ථානය යැයි කීය.
කාලඤ්ඤු අස්සාති නොපැමිණි කාලයෙහි නොකියා දැන් කියනු ලබන්නේ මහජනතාව ගන්නේ යැයි යුතු කාලය දැනගෙන ම ඉදිරියෙහි අගුණ කියන්නේ ය. ඛීණාවාදයෙහි ද මේ ක්‍රමයයි.
උපභඤ්ඤතීති නසනු ලබයි. සරොපි භඤ්ඤතීති ශබ්දය ද බිඳෙයි. ආතුරියතීති ආතුරව ගිලන් බවට පැමිණියේ වෙයි. [missing trans]
තදෙවාති ඒ භාජනයයි. අභිනිවිස්ස වොහරතීති හඳුනන දනව්වකට ගොස් භාජනය ගෙනෙව් සෝදව් යැයි අසා අඳ බාල පෘථග්ජනයා මේ භාජනය නොවෙයි. මේ තැලිය නොවෙයි. මෙසේ කියවයි. අභිනිවේසයට ව්‍යවහාර කරයි. මෙසේ සියලු පදයන් හා යෙදිය යුතුයි. අතිසාරොති අධිකව දුවයි.
තථා තථා වොහරති අපරාමසන්ති අපේ දනව්වෙහි භාජනයට තලිය යැයි කියයි. මොහු වනාහි එය පාත්‍රය යැයි කියත් ද එතැන් පටන් ජනපද ව්‍යවහාරය මුදා පාත්‍රය පාත්‍රය යැයි පරාමර්ශනය නොකිරීමෙන් ව්‍යවහාර කරයි. සෙසු පදයන්හි ද මේ ක්‍රමයයි.
දැන් සීමාවන් බෙදන්නේ තත්‍ර භික්ඛවෙති යනාදිය කීය. එහි සරණොති කෙලෙස් සහිතය. අරණොති කෙලෙස් රහිතය. සුභූති ච පන භික්ඛවෙති මේ තෙරුන් වහන්සේ දෙතැනක අග්‍රස්ථානයට නැංවීය. අරණ විහාරීන්ගෙන් යම් මේ සුභූති කෙනෙක් වේ ද දක්‍ෂිණාහර්යයන්ගෙන් යම් මේ සුභූති කෙනෙක් වේද
ධර්මසේනාධිපතීන් වහන්සේ වස්තුව ශුද්ධ කරයි. සුභූති තෙරුන් දක්‍ෂිණාව පිරිසිදු කරයි. එසේමය. ධර්මසේනාධිපතීන් වහන්සේ පිඬු පිණිස හැසිරෙන්නේ ගෙහි දොරටුවෙහි සිටියේ යම්තාක් ආහාර ගෙනෙත් ද ඒ තාක් පූර්වභාගයෙන් පිරිසිඳ නිරෝධ සමාපත්තියට සමවදියි. නිරෝධයෙන් නැගිට දෙය්‍යධර්මය පිළිගනියි. සුභූති තෙරුන් ද එසේ මෛත්‍රී ධ්‍යානයට සමවදියි. මෛත්‍රී ධ්‍යානයෙන් නැගිට දෙය්‍යධර්මය පිළිගනියි. මෙසේ කරන්නට හැකි වේද? එසේය හැකිය. මෙය පුදුමයක් නොවෙයි. යම් හෙයකින් මහා අභිඥාවන්ට පැමිණි ශ්‍රාවකයෝ මෙසේ කරන්නාහු ද මේ ලංකා ද්වීපයෙහි පුරාණ රජ කාලයේ පිංගල බුද්ධරක්ඛිත තෙරුන් උතුරු ගමෙහි විසූහ. එහි කුල සීයක් වෙත්. එකම කුල ද්වාරයක්වත් නැත. යම්තැනක තෙරුන්ට සමවතට නොපැමිණුනේය. ඉතිරිය සියලු තැන්හිම ප්‍රකටය.
අරණවිභංග සූත්‍ර වර්ණනාව නිමි.
ධාතුවිභඞ්ග සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතන්ති යනු මා විසින් ධාතුවිභංග සූත්‍රය මෙසේ අසන ලදි. එහි වාරිකන්ති ඉක්මණින් යන හැසිරීමය. සචෙ තෙ අගරූති ඉදින් නුඹට බැරෑරුම් නැති නම් අපහසු කිසිවක් නැත. සචෙ සො අනුජානාතීති භග්ගවයාට මෙබඳු සිතක් විය. පැවිද්දෝ නම් නොයෙක් අදහස් ඇත්තෝය. කෙනෙක් සමූහයා වෙත ඇලෙයි. කෙනෙක් තනිව සිටීමේ ඇලෙයි. ඉදින් ඔහු හුදකලාවෙහි ඇලෙන්නේ ය නම් ‘ඇවත නොපිවිසෙව මා විසින් ශාලාව ලබන ලද යැයි කියයි. මෙසේ ඇති කල්හි මම දෙදෙනාගේ විවාදය කරවන ලද්දේ වන්නෙමි. දුන්දෙය නම් දෙන ලද්දේ ම වටියි. කරන ලද්ද කරන ලද්දේම යැයි එහෙයින් කියන ලදි.