උද්දේසවිභඞ්ග සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතන්ති යනු මා විසින් උද්දේසවිභංග සූත්‍රය මෙසේ අසන ලදි. එහි උද්දෙසවිභංගන්ති උද්දේශය ද විභංගය ද බෙදීම ද යන තේරුමයි. උපපරීක්ඛෙය්‍යාති ප්‍රමාණය කරන්නේ ය. තීරණය කරන්නේ ය. පිරිසිඳින්නේ ය. බහිද්ධාති පිට අරමුණුවල අවික්ඛිත්තං අවිසටන්ති නිකන්ති වශයෙන් අරමුණෙහි පිහිටන වික්ඛිත්තය විසට නම් වෙයි. එය අවබෝධ කරන්නේ මෙසේ කීය. අජ්ඣත්තං අසණ්ඨිතන්ති ගෝචර අධ්‍යාත්මයෙහි නියන්ති වශයෙන් නොසිටින ලද අනුපාදාය න පරිතස්සෙය්‍යාති ඒ විඥානය නොගෙන පීඩිත නොවන්නේ ය. යම්සේ විඥානය පිටත නොහරින ලද අධ්‍යාත්මය නොසිටින ලද තැති නොගන්නේ ය. මෙසේ භික්‍ෂුව පරීක්‍ෂා කරන්නේ යැයි කියන ලදි. ජාති, ජරා, මරණ, දුක්ඛ, සමුදය, සම්භවො ජාති ජරා මරණයාගේ ද අවශේෂ දුක්ඛයාගේ ද ඉපදීම නොවේ යැයි යන තේරුමයි.
රූපනිමිත්තානුසාරීති රූප නිමිත්ත සිහි කරයි. රූපනිමිත්තානුසාරි නම් වේ.
එවං ඛො අවුසො අජ්ඣත්තං අසණ්ඨිතන්ති නියත්ති වශයෙන් නොසිටින ලද හානභාගිය නොවෙයි. විශේෂභාගිය වෙයි.
අනුපාදාපරිතස්සනාති බුදුරදුන් ඛන්ධක වර්ගයෙහි මහණෙනි, නුඹලාට උපාදා පරිතස්සය දේශනා කරනෙමි. අනුපාදා පරිතස්සය ද දේශනා කරන්නෙමි. මෙසේ ගෙන පරිතස්සය නොගෙන ම අපරිතස්සය කියන ලදි. එය මහ තෙරුන් උපාදා පරිතස්සය ම අනුපාදා ග්‍රහනය කළ අත්තක් කොට පෙන්වන්නේ මෙසේ කීය. කෙසේ නම් අනුපාදා පරිතස්සය වේද නොවීමෙනි. ඉදින් කිසි සංස්කාරයක් නිත්‍ය හෝ ස්ථිර හෝ ආත්මය හෝ අත්තනිය හෝ යැයි ගත යුත්තක් නොවන්නේ ය. මේ පරිතස්සනාව උපාදා පරිතස්සනාව වන්නේය. යම් හෙයකින් මෙසේ උපාදා සංස්කාරයක් නම් නැත. එහෙයින් රූපය ආත්මය යැයි ආදී ක්‍රමයෙන් රූපාදීහු උපාදින්න ද අනුපාදින්න ද වෙත්. මෙසේ මෙය දෘෂ්ටි වශයෙන් උපාදා පරිතස්සනාව හා සමාන වේ යැයි දත යුතුයි.
අඤ්ඤථා හොතී පෙරළෙයි. ප්‍රකෘති හැරීමෙන් නැසෙයි. රූපවිපරිණාමානුපරිවත්තීති මාගේ රූපය පෙරලුණේ යැයි හෝ යමෙක් වූයේ ද එයම ඒකාන්තයෙන් නැතැයි හෝ ආදී ක්‍රමයෙන් කර්මයේ දැනීම රූපයේ භේදානුපරිවත්තය වෙයි. විපරිණාම පරිවත්තය ජාති විපරිණාමයාගේ අනුපරිවර්තනයෙන් විපරිණාමාරම්මණ සිතින් විය.
පරිතස්සනා ධම්මසමුප්පාදා තෘණා පරිතස්සනාව අකුසල ධම්මසමුප්පාදය ද වෙයි. චිත්තං පරියාදාය තිට්ඨන්තීති කුසල් සිත ගෙන ක්‍ෂය කොට සිටිත්. උත්තාසවාති බියෙන් තැති ගැනීම සඋත්ත්‍රාසය නමි. තෘෂ්ණාවෙන් තැති ගැනීම ද උත්ත්‍රාසය නමි. විඝාතවාති දුක් සහිතය. අපෙක්ඛවාති ආලය සහිතය. එවං ඛො ආවුසො අනුපාදාපරිතස්සනා හොතීති මෙසේ මැණික් කරඬු සංඥාවෙන් හිස් කරඬුවක් ගෙන එය නැසුණු කල්හි පසුව දුකට පැමිණෙන්නාහු මෙන් නොගෙන තැවීම වෙයි.
න රූපවිපරිණාමානුපරිවත්තීති රහතන් වහන්සේලාට කර්ම විඥානය නැත. එහෙයින් රූපභේදානුපරිවත්තිය නොවෙයි කියන්නට වටියි. ඉතිරිය සියලු තැන්හි ම ප්‍රකටය.
උද්දේස විභංග සූත්‍ර වර්ණනාව නිමි.
අරණවිභඞ්ග සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතන්ති යනු මා විසින් අරණවිභංග සූත්‍රය මෙසේ අසන ලදී. එහි නෙවුස්සාදෙය්‍ය න අපසාදෙය්‍යාති ගේහසිත වශයෙන් කිසි පුද්ගලයෙක් උසස් පහත් නො කරන්නේ ය. ධම්මමෙව දෙය්‍යාති ස්වභාවය ම කියන්නේ ය. සුඛ විනිච්ඡයන්ති විනිශ්චය කරන ලද සැපයයි. රහො වදන්ති නොඉදිරියෙහි නුගුණ කේළාම් කියත් යන තේරුමයි. සම්මුඛා න බිණන්ති ඉදිරියෙහි ක්‍ෂයවීම් ආකීර්ණ වූ කිළිටි වචන නො කියන්නේ ය. නාභිනිවෙසෙය්‍යාති අධිෂ්ඨාන කොට ගෙන ව්‍යවහාර නො කරන්නේ ය. සමඤ්ඤන්ති ලෝක පැණවීමයි. නාතිධාවෙය්‍යාති නො ඉක්මවන්නේ ය.
කාමපටිසන්‍ධි සුඛිනොති කාම ප්‍රතිසන්ධියෙන් කාමයෙන් යුතු සැපයෙන් සැපයට පැමිණියහුගේ සදුක්ඛොති විපාක දුකෙන් ද දුක් සහිතය. සඋපඝාතොති විපාකයන් නැසීම ද ක්ලේශයන් නැසීම ද සඋපඝාත නමි. සපරිළාහ යනු ද එසේමය. මිච්ඡාපටිපදාති අකුසල් ප්‍රතිපදාවයි.
ඉත්‍ථෙකෙ අපසාදෙතීති මෙසේ ගේහසිත වශයෙන් ඇතැම් පුද්ගලයන් අප්‍රසාදනය කරයි. උස්සාදනයෙහි ද මේ ක්‍රමයයි. භවසංයොජනන්ති භවයෙහි බැඳීම් ඇති කරන තෘෂ්ණාව මෙයට නමකි.
සුභූති තෙරුන් මේ චතුෂ්කය නිසා අගතනතුරෙහි සිටියේය. බුදුරදුන්ට ධර්ම දේශනා කරන පුද්ගලයන්ගේ උස්සාදන පසාදන පෙනෙත්. සැරියුත් තෙරුන් ආදීන්ගේ ද එසේමය. සුභූති තෙරුන්ට ධර්ම දේශනා කිරීමේ දී මේ පුද්ගලයා නො පිළිපන්නෙකි. සිත් නො ගත්තෙකි යි හෝ මොහු සිල් ඇත්තෙකි. ගුණ ඇත්තෙකි. ලජ්ජා සහිත කෙනෙකි. ආචාර සම්පන්න කෙනෙකි යි හෝ නැත. උන්වහන්සේගේ ධර්ම දේශනාවෙන් මේ මිථ්‍යා ප්‍රතිපදාවය මේ සම්‍යක් ප්‍රතිපදාවය යැයි පෙනෙයි. එහෙයින් බුදුරදුන් මාගේ ශ්‍රාවක භික්‍ෂූන්ගෙන් සුභූති තෙරුන් අරණවිහාරීන් අතර අග්‍රස්ථානය යැයි කීය.
කාලඤ්ඤු අස්සාති නොපැමිණි කාලයෙහි නොකියා දැන් කියනු ලබන්නේ මහජනතාව ගන්නේ යැයි යුතු කාලය දැනගෙන ම ඉදිරියෙහි අගුණ කියන්නේ ය. ඛීණාවාදයෙහි ද මේ ක්‍රමයයි.
උපභඤ්ඤතීති නසනු ලබයි. සරොපි භඤ්ඤතීති ශබ්දය ද බිඳෙයි. ආතුරියතීති ආතුරව ගිලන් බවට පැමිණියේ වෙයි. [missing trans]