සළායතනවිභඞ්ග සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතන්ති මා විසින් සළායතනවිභංග සූත්‍රය මෙසේ අසන ලදි. එහි වෙදිතබ්බානීති විදර්ශනා මාර්ගයෙන් දත යුතුයි. මනොපචාරාති විතර්ක විචාරයෝය. මෙහි මන නම් විතර්ක උපදවන සිත යැයි අදහස් කරන ලදි. සිතේ උපචාරයෝ මනෝපචාරා නමි. සත්ත පදයෝ වට්ට විවට්ට නිශ්‍රිත සත්වයන්ගේ පද නමි. මෙහි අට්ඨාරසවට්ටපදා නම් දහ අටක් විවට්ට පද නමි. ඒවා ද විදර්ශනා මාර්ගය සමඟ ම දත යුතුයි. යොග්ගාචරියානන්ති හස්ති යෝගාදී හැසිරවීම හික්මවන්නන්ගේ දමනය කළ යුතු දමකයන්ගේ යන තේරුමයි. ඉතිරිය විභංගයෙහි එන්නේය. අයමුද්දෙසොති මේ මාතෘකා තැබීමයි.
චක්‍ෂුර් ආයතනාදිය විසුද්ධිමාර්ගයෙහි විස්තර කරන ලදි. චක්‍ඛු විඤ්ඤාණන්ති කුසලාකුසල විපාකයෙන් චක්‍ෂුර් විඥාන දෙකයි. සෙසු ප්‍රසාද විඥානයන්හි ද මේ ක්‍රමයයි. මේ දහය හැර මෙහි සෙස්ස මනෝවිඥාන නමි.
චක්‍ඛුසම්ඵස්සොති ඇසෙහි ස්පර්ශයයි. චක්‍ෂුර් විඥානයෙන් යුක්ත ස්පර්ෂයට මෙය නමකි. සෙසු තැන්හි ද මේ ක්‍රමයයි.
චක්‍ඛුනා රූපං දිස්වාති චක්‍ෂුර් විඥානයෙන් රූපය දැක සියලු තැන්හි ම මේ ක්‍රමයයි. සොමනස්සට්ඨානීයන්ති සොම්නසට අරමුණු වශයෙන් කාරණා වු උපවිචරතීති එහි විචාර පැවතීමෙන් හැසිරෙයි. විතර්කය එය හා යුක්ත වූයේ ද යන මේ ක්‍රමයෙන් දහ අටක් විතර්ක විචාර නම් මනෝපචාරයෝ දත යුතුයි. ඡසොමනස්සුපචාරාති මෙහි සොම්නස සමඟ හැසිරෙන්නේය යනු සෝමනස්සුපචාර නමි. සෙසු දෙකෙහි ද මේ ක්‍රමයයි.
ගෙහසිතානීති කාම ගුණ ඇසුරු කළ නෙක්කම්මසිතානීති විදර්ශනාව ඇසුරු කළ ඉට්ඨානන්ති සොයන්නවුන්ගේ කන්තානන්ති කැමතිවුන්ගේ මනොරමානන්ති සිත මොවුන් කෙරෙහි ඇලෙනුයේ මනෝරමානි නමි. එහි ඇලුණුවන්ගේ ලොකාමිසපටිසංයුත්තානං තෘෂ්ණාවෙන් යුක්ත වූවන්ගේ අතීතනං ලැබුවා වූ වර්තමානය අරබයා සතුට උපදින්නට අතීතයෙහි කෙසේ උපදීදැයි අතීතයෙහි යම්සේ මම ඉෂ්ට අරමුණු අනුභව කරම් ද පෙරත් එසේම අනුභව කළෙම් යැයි සිහි කරන්නා හට බලවත් සතුටක් උපදියි.
අනිච්චතං අනිත්‍යාකාරය. විපරිනාම විරාගනිරෝධං ප්‍රකෘතිය හැරීමෙන් විපරිනාමයයි. පහවීමෙන් විරාගයයි. නිරුද්ධයෙන් නිරෝධයයි. පඤ්ඤායාති විදර්ශනා ප්‍රඥාවෙන් ඉදං වුච්චති නෙක්කම්මසිතං සොමනස්සං මෙය රජුගේ ශ්‍රී සම්පත්තිය බලමින් සිටිය දී මෙන් විදර්ශනාව පිහිටුවා සිටියහුගේ සංස්කාරයන්ගේ බිඳීම බලන්නේ සංස්කාරගත තියුණු දක්‍ෂ විදර්ශනා ඥානයන් උසුලන කල්හි උපන් සතුට නෙක්ඛම්මසිත සෝමනස්සය යැයි කියයි. මෙය කියන ලදි -
ශුන්‍යගාරයට පිවිසුණු ශාන්ත සිතැති මනාකොට ධර්මය බලන භික්‍ෂුවට මනුෂ්‍ය නොවන ඇලීමක් වෙයි.
යම් පරිද්දකින් ස්ඛන්ධයාගේ උදයව්‍යය සිහි කෙරේ ද? ඒ අමෘතය දන්නාහුන් ප්‍රීති ප්‍රමෝද ලබත්.
ඉමානි මේ ෂට් වාරයන්හි ඉෂ්ටාරම්මණයෙන් ඇස් හමු වූ කල්හි අනිත්‍යාදී වශයෙන් විදර්ශනා වඩා සිටියහුට ඉපදුණු හය වැදෑරුම් නෛෂ්ක්‍රම්‍ය ඇසුරු කල සෝමනස්සයයි.