නානත්තා නොයෙක් ආකාරය. නානත්තසිතා නොයෙක් නොයෙක් අරමුණු ඇසුරු කළ එකත්තා එක. එකත්තසිතා එක් අරමුණක් ඇසුරු කළ කතමාපනායං උපෙඛා යට පළමු කොට අඤ්ඤානුපේක්ෂාව කියන ලදි. මතු ඡළංගුපේක්ෂාව කියන ලදි. මෙහි සමථ උපේක්ෂාව විදර්ශනා උපේක්ෂාව යන උපේක්ෂා දෙක ගන්නා ලද්දාහ.
එහි යම් හෙයකින් රූපයෙහි අන්ය උපේක්ෂාවක් ද ශබ්ද ආදියෙහි අනිකක් ද නැත. රූපයෙහි යම් උපේක්ෂාවක් ද එහි ශබ්දදාදියෙහි වෙයි. රූපයෙහි උපේක්ෂාව මෙසේ ද අන්ය වූ පඨවි කසිණය අරමුණු කොට උපදියි. අනෙත් වායෝ කසිනාදිය අරමුණු කරයි. එහෙයින් නානත්තතාවය නානත්තසිතය යැයි බෙදන්නේ අත්ථි භික්ඛවෙ උපෙඛා රූපෙසු යනාදිය කීහ. යම්හෙයකින් දෙකක් හෝ තුනක් හෝ ආකාසානඤ්චායතනයෝ හෝ විඤ්ඤානඤ්චායතනයෝ හෝ නැත් ද එසේ හෙයින් එකත්තය එකත්තසිතය යැයි බෙදන්නේ අත්ථි භික්ඛවෙ උපෙඛා ආකාසානඤ්චායතනනිස්සිතාති යනාදිය කීය.
එහි ආකාසානඤ්චායතනය උපේක්ෂාව සම්ප්රයුක්ත වශයෙන් ආකාසානඤ්චායතන නිශ්රිතයෙන් ආකාසානඤ්චායතන ස්ඛන්ධයෙහි විදර්ශනා කරන්නහුගේ විදර්ශනා උපේක්ෂාව අරමුණු වශයෙන් ආකාසානඤ්චායතනය නිශ්රිතයි සෙසු තැන්හි ද මේ ක්රමයයි.
තං පජහථාති එහි අරූපාවචර සමාපත්ති උපේක්ෂාවෙන් රූපාවචර සමාපත්ති උපේක්ෂාව හරවයි. අරූපාවචර විදර්ශනා උපේක්ෂාවෙන් රූපාවචර විදර්ශනා උපේක්ෂාව හරවයි.
අතම්මයතන්ති මෙහි තම්මයත නම් තෘෂ්ණාවයි. එයින් ගැනීමෙන් වුට්ඨානුගාමිනී විදර්ශනාව අතම්මයතාව යැයි කියයි. තං පජහථාති මේ වුට්ඨානගාමිනී විදර්ශනාවන් අරූපාවචර සමාපත්ති උපේක්ෂාව ද විදර්ශනා උපේක්ෂාව ද හරවයි.
යදරියොති යම් කෙනෙක් සතිපට්ඨානයෙහි ආර්ය ද බුදුරදුන් සේවනය කරයි. එහි ස්ථාන තුනක සිහිය තබන්නේ සතිපට්ඨානයෙහි ආර්ය ද බුදුරදුන් සේවනය කරයි. එහි ස්ථාන තුනක සිහිය තබන්නේ සතිපට්ඨානයන් සේවනය කරයි යැයි දත යුතුයි. න සුස්සුසන්තීති අදහා අසන්නට නොකැමැති වෙත්. න අඤ්ඤාති දැන ගැනීම පිණිස සිත නොඵලවත්. අසන්නට නොකැමැති වෙත්. න අඤ්ඤාති දැන ගැනීම පිණිස සිත නොඑලවත්. වොක්කම්මාති ඉක්මවා සත්ථුසාසනන්ති බුදුරදුන්ගේ අවවාදයයි. නොගත යුතුය. නොපිරිය යුතුය යනුවෙන් සිතත් යන තේරුමයි. න චෙව අත්තමනො ස්වකීය සිත නොවේ. මෙහි ගේහසිත දෝමනස්ස වශයෙන් අප්පති වේ යැයි මෙසේ තේරුම නොදත යුතුය. පිළිනොපදින්නවුන් කෙරෙහි ද සතුටු වන බව කාරණා නොවීමෙන් මෙය කියන ලදි. අනවස්සුතොති ක්රෝධයේ අනවශ්යයෙන් අනවස්සුත නමි. සතො සම්පජානොති සිහියෙන් ද නුවණින් ද යුක්ත වූ උපෙඛකොති සයවැදෑරුම් උපේක්ෂාවෙන් උපේක්ෂක වූ අත්තමනොති මෙහි ද ගේහසිත සෝමනස්ස වශයෙන් බිය ගන්වයි යන තේරුම මෙසේ නොදත යුතුය. පිළිපන්නවුන් කෙරෙහි නොසතුටු බව කාරණා නොවීමෙන් මෙය කියන ලදි. අනවස්සුතොති රාගයාගේ අනවශ්යයෙන් අනවස්සුත නමි.
සාරිතොති දැමුණා වූ එකංයෙව දිසං ධාවතීති නො ඉක්මවා දුවන්නේ එකම දිශාවකට දුවයි. නැවතී වෙනත් දිශාවකට දුවන්නට හැකිවෙයි. අට්ඨදිසා විධාවතී එක් පළඟකින් සිටියේ ශරීරයෙන් නොනැවතී විමෝක්ෂ වශයෙන් එක් පහරින් ම අට දිශාවන්ට දුවයි. නැගෙනහිරට අභිමුඛව හෝ දකුණු දිශාව ආදී එක්තරා දිශාවකට අභිමුඛව හෝ හිඳ අෂ්ට සමාපත්තීන්ට සමවැදිය යන තේරුමයි. ඉතිරිය සියලු තැන්හි ම ප්රකටය.