මහාකම්මවිභඞ්ග සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතන්ති මා විසින් මහාකම්මවිභංග සූත්‍රය මෙසේ අසන ලදි. එහි මොඝන්ති මිස් ඵල රහිත සච්චන්ති එසේ වූයේය. මෙය ද මොහු විසින් සම්මුඛයෙන් නොඅසන ලදි. උපාලි සූත්‍රයෙහි මනෝ කර්මය මහා සාවද්‍ය යැයි පණවමි. පාප කර්මයාගේ ක්‍රියාවෙන් පාප කර්මයාගේ පැවැතීමෙන් කාය කර්මය එසේ නොවේ. වාක් කර්මය ද එසේ නොවේ. බුදුරදුන් විසින් කියන ලද දේ ඇත. ඒ කථාව අන්‍ය තීර්ථකයන් අතර ප්‍රකට විය. එය ගෙන මොහු කියයි. අත්‍ථි චෙ සා සමාපත්තීති ඉමං පින්වත, මෙය කෙසේ අභිඥානිරෝධය වේද? පොට්ඨපාද සූත්‍රයෙහි උපන් අභිඥානිරෝධ කථාව සඳහා කියයි. න කිඤ්චි වෙදීයතීති එක වේදනාවක් ද නොවිඳියි. අත්‍ථි ච ඛොති තෙරුන් වහන්සේ නිරෝධ සමාපත්තිය සඳහා අනුදනියි. පරිරක්ඛිතබ්බන්ති ගර්හාවෙන් මිදීමෙන් රැකිය යුතුයි. මනා චේතනාව මොහුට ඇත්තේ යැයි සංචේතනක නමි. ඒ සමඟ මනා චේතනාවෙන් කර්මය කොට යන තේරුමයි. දුක්ඛංසොති තෙරුන් වහන්සේ අකුසලය ම සඳහා පරිබ්‍රාජකයා විචාරයි යන කල්පනාවෙන් මෙසේ කියයි.
දස්සනම්පි ඛො අහන්ති බුදුරදුන් සිව් අංගයකින් යුතු අඳුරෙහි හාත්පස යොදුනක් තැන්හි තල ඇටය මසැසින් දකියි. මේ පරිබ්‍රාජකයා දුරින් ගව්වක පමණ ඇතුළත නොවසයි. කුමක්හෙයින් බුදුරදුන් මෙසේ කීයේ ද? සමාගම දැක්වීම සඳහා මෙසේ කීය.
උදායීති ලාළුදායී තෙමේය. තං දුක්ඛස්මිං ඒ සියල්ල දුක්මය. මෙසේ මේ සංසාර දුක, කෙලෙස් දුක, සංස්කාර දුක සඳහා ඉදින් කියන ලද්දේ නම් බුදුරදුන් විචාරයි.
උම්මග්ගන්ති ප්‍රඥාවයි. උම්බුජ්ජමානොති හිස ඔසවන්නේ. අයොනිසො උම්මුජ්ජිස්සතීති උපායකින් තොරව හිස ඔසවන්නේ ය. මෙය බුදුරදුන් දැන ගත්තේ දිවැසින් නොවෙයි. චේතෝපරියාය ඥානයෙන් නොවෙයි. සර්වඥතා ඥානයෙන් නොවෙයි. අදහසින් ම දැන ගත්තේය. කථාකරන්නහුගේ අදහස නම් මනාකොට වූයේ වෙයි. කියන කැමැත්තේ බෙල්ල දැඩිකොට ගනියි. හනු සොළවයි. ඔහුගේ මුඛය සෙලවෙයි. ඉඳීමට බැරිවෙයි. බුදුරදුන් ඔහුගේ මේ ආකාරය දැක මේ උදායිට ඉන්නට නොහැකි වෙයි. යමක් නොවේ ද එයම කියන්නේ යැයි බලා දන ගත්තේය. ආදිසොවාති ආදියෙහි ම තිස්සො වෙදනාති කිමද? ඔහ විඳී ද? අසන්නහු විසින් ත්‍රිවිධ වේදනාවන් අසන්නෙමියි මෙසේ ද නියම කොට ත්‍රිවිධ වේදනාවන් අසන ලදි. සුඛවෙදනීයන්ති සුඛ වේදනාවට ප්‍රත්‍ය වූ සෙසු තැන්හි ද මේ ක්‍රමයයි.
මෙහි ද කාමාවචර කුසලයෙන් සොම්නස් සහගත සිතින් යුක්ත සතර වේදනා යට ත්‍රිකධ්‍යන චේතනා යැයි මෙසේ ප්‍රතිසන්ධියෙන් පැවැති සුඛ වේදනාවෙන් උපදින හෙයින් සුඛ වේදනීය කර්මය නමි. මෙහි කාමාවචරය ද ප්‍රතිසන්ධියෙහි ඒකාන්තයෙන් සැපය උපදවයි. පැවැති ඉෂ්ට මධ්‍යස්ථ අරමුණෙහි අදුක්ඛමසුඛ වූ ද
අකුසල චේතනා ප්‍රතිසන්ධියෙන් පැවැති දුක ම ඉපදීම දුක්ඛවේදනීය කර්මය නමි. කායද්වාරය පවත්නා කල්හි ම ඒකාන්තයෙන් මේ දුක උපදවයි. අනෙත් තැන්හි අදුක්ඛමසුඛයයි. එය වේදනා ඉෂ්ට අනිෂ්ට මධ්‍යස්ථ අරමුණුවල උපදින හෙයින් දුකම වෙයි.
කාමාවචර කුසලයෙන් උපේක්‍ෂා සහගත සිතින් යුක්ත චේතනා හතර රූපාවචර කුසලයෙන් චතුර්ථධ්‍යාන චේතනාවයි. මෙසේ ප්‍රතිසන්ධිය පැවැති කල්හි තුන්වන වේදනාවේ ඉපදීමෙන් අදුක්ඛමසුඛ වේදනීය කර්ම නමි. මෙහි කාමාවචර ප්‍රතිසන්ධියෙන් ඒකාන්තයෙන් ම අදුක්ඛමසුඛය උපදවයි. ඉෂ්ටාරම්මණ සැපය පවතියි. තව ද සුඛ වේදනීය කර්ම ප්‍රතිසන්ධි පැවතීම් වශයෙන් වටියි. එසේ අදුක්ඛමසුඛ වේදනීය කර්ම ද දුක්ඛ වේදනීය කර්ම ද පැවතීම් වශයෙන් වටියි. මේවායේ සියලු වශයෙන් පැවතීම් වශයෙන් වටියි.