ගහපතිරතනවණ්ණනා
මෙසේ ස්ත්‍රීරත්නය පහළ වූ සක්විති රජුහට මුදල් කටයුතු මැනවින් කරන්නට ගෘහපති රත්නය පහළ වෙයි. හෙතෙම ප්‍රකෘතියෙන් ම මහත් භෝග ඇති මහාභෝග කුලයෙහි උපන්නේය. රජුට ධනරාසිවඩ්ඪක සිටුතෙමේ ගෘහපති වෙයි. චක්‍රරත්නයේ ආනුභාව ඇති ඔහුට කර්ම විපාකයෙන් වූ දිවැස පහළ වෙයි. යමකින් පොළොව යට යොදුනක් ඇතුළත නිධානයක් දකී ද හෙතෙම ඒ සම්පත්තිය දැක සතුටු සිත් ඇත්තේ ගොස් රජුට ධනයෙන් පවරා සියලු ධනය පිළිබඳ කටයුතු සම්පාදනය කරයි. එහෙයින් කියන ලදි. පුන චපරං භික්ඛවෙ -පෙ- එවරූපං ගහපතිරතනං පාතුභවතීති
පරිණායකරතනවණ්ණනා
මෙසේ පහළ වූ ගෘහපති රත්නය ඇති සක්විති රජුට සියලු කටයුතු සම්පාදනයෙහි සමත් පරිනායක රත්නයක් පහළ වෙයි. ඔහු රජුට වැඩිමහල් පුතා වෙයි. ප්‍රකෘතියෙන් ම පණ්ඩිත වියත් නුවණ ඇත්තෙකි. රජුගේ පින් අනුහසින් හා ඔහුගේ කර්මානුභාවයෙන් පරසිත්දන්නා නුවණ උපදියි. යමකින් දොළොස් යොදුන් රජ පිරිසෙහි සිත් ආකාර දැන රජුට හිතවත් ද අහිතවත් දැයි නිශ්චය කිරීමට සමත් වෙයි. ඔහු තමාගේ ඒ ආනුභාවය දැක සතුටු සිත් ඇතිව රජුන්ගේ සියලු කටයුතුවලට අනුශාසනා කිරීමෙන් පවරයි. එහෙයින් කියන ලදි. පුන චපරං -පෙ- පරිණායක රතනං පාතුභවතීති තත්‍ථ ඨපෙතබ්බං ඨපෙතුන්ති ඒ ඒ තනතුරෙහි තබන්නට තැබිය යුතුයි.
සමවෙපාකිනියාති යනාදිය යට කියන ලද්දේමය.
කටග්ගහෙනාති ජය ගැනීමෙන්. මහන්තං භොගක්ඛන්‍ධන්ති එක පහරින් ම දෙලක්‍ෂයක් තුන්ලක්‍ෂයක් හෝ කෙවලා පරිපුරා පණ්ඩිතභූමීති පණ්ඩිත තෙමේ ත්‍රිවිධ සුචරිතයන් පුරා ස්වර්ගයෙහි උපදියි. එයින් මිනිස් ලොවට එන්නේ කුලය රූපය භෝග යන සම්පත්තියෙහි උපදියි. එහි සිටියේ ත්‍රිවිධ සුචරිතයන් පුරා නැවත ස්වර්ගයෙහි උපදියි. මේ සියල්ලෙන් සම්පූර්ණ පණ්ඩිත භූමියයි. ඉතිරිය සියලු තැන්හි ම ප්‍රකටය.
බාලපණ්ඩිත සූත්‍ර වර්ණනාව නිමි.
දෙවදූත සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතන්ති මා විසින් දේවදූත සූත්‍රය මෙසේ අසන ලදි. එහි ද්වෙ අගාරාති යනාදිය අස්සපුර සූත්‍රයෙහි විස්තර කරන ලදි.
නිරයං උපපන්නාති බුදුරදුන් කිසිතැනෙක දේශනාව නරකයෙන් පටන් ගෙන දෙලොවින් අවසන් කරත්. කිසියම් තැනක දෙව්ලොවින් පටන්ගෙන නරකයෙන් අවසන් කරයි. ඉදින් ස්වර්ග සම්පත්තිය විස්තර කොට කියන්නට කැමැති වෙති. නරකයෙහි දුක එක් දේශයකින් කියත්. තිරිසන් යෝනි දුක ප්‍රේත විෂය දුක මිනිස්ලොව සැපත එක් දේශයකින් කියත්. ස්වර්ග සැපත ම විස්තර කරත්. ඉදින් නරකයෙහි දුක විස්තර කොට කියන්නට කැමති වෙත් ද දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝකයන්හි සැපත ද තිරිසන් යෝනි ප්‍රේත විෂයන්හි දුක ද එක් දේශයකින් කියත්. නරකයෙහි දුක ම විස්තර කරත්. උන්වහන්සේ මේ සූත්‍රයෙහි නරකයෙහි දුක විස්තර කරනු කැමැත්තේ එහෙයින් දෙව්ලොවින් පටන්ගෙන දේශනාව නරකයෙන් අවසන් කරත්. දිව්‍යලෝක මනුෂ්‍යලෝකයන්හි සැපත ද තිරිසන් යෝනි ප්‍රේතවිෂයන්හි දුක ද එක් දේශයකින් කියා නරකයෙහි දුක ම විස්තර කරන්නට තමෙනං භික්ඛවෙ නිරයපාලාති යනාදිය කීහ.