මණිරතනවණ්ණනා
මෙසේ පහළ වූ අශ්වරත්නය වනාහි සක්විති රජුගේ අතින් හතර රියනක් දිග ගැල් නාභිය හා සමාන ප්‍රමාණ ඇති දෙකෙළවර කර්ණිකා කෙළවරින් නික්මුණු ඉතා පිරිසිදු මුතු කලාප ඇති රන් පියුම් දෙකකින් සරසන ලද අසූහාර දහසක් මැණික් පිරිවර කොට ඇති තාරකා සමූහයා විසින් පිරිවරණ ලද පූර්ණ චන්ද්‍රයාගේ ශෝභාව පැතිරෙන්නාක් මෙන් වේපුල්ල පර්වතයෙන් මැණික් රත්නය එයි. මෙසේ පැමිණි එය මුතු දැලක තබා උණගස් පරම්පරාවෙන් සැට රියන් ප්‍රමාණ අහසට නැගෙමින් සිටිය දී රාත්‍රී කාලයෙහි හාත්පස යොදුනක් පමණ තැන් එලිය පැතිරෙයි. යමකින් සියලු එලිය අරුණ නැගෙන වේලාවෙහි මෙන් හටගත්තේ ලෝකය වෙයි. එහෙයින් ගොවියෝ ගොවිතැන් වැඩ ද වෙළෙන්දෝ සල්පිල් ඇරීම ද ඒ ඒ ශිල්පීහු ඒ ඒ කර්මාන්තයන්හි යෙදෙත්. දහවල් යැයි සිතති. එහෙයින් කියන ලදි. පුන චපරං භික්ඛවෙ -පෙ- මණිරතනං පාතුභවතීති
ඉත්ථිරතනවණ්ණනා
පහළ වූ මණිරත්නය ඇති සක්විති රජුගේ විෂය සැපයට විශේෂ කාරණා වූ ස්ත්‍රී රත්නය පහළ වෙයි. ඔහුට මද්දීරාජ කුලයෙන් හෝ අගමෙහෙසියක් ගෙනඑත්. උතුරුකුරු දිවයිනෙන් හෝ පින් අනුහසින් තෙමේම පැමිණෙයි. ඉතිරිය ඇයගේ සම්පත්තියයි. පුන චපරං භික්ඛවෙ රඤ්ඤො චක්කවත්තිස්ස ඉත්ථිරතනං පාතුභවති අභිරූපා දස්සනීයාති යනාදි ක්‍රමයෙන් පෙළෙහි ආවාය.
එහි පිහිටීම සම්පූර්ණ හෙයින් අධික රූපය මැයට ය යනු අභිරූපා නමි. දකින්නී ද ඇස් පිනවයි. එහෙයින් අනෙත් වැඩ හැර දැකිය යුත්තිය යනු දස්සනීයා නමි. දකිනු ලබන කල්හි සතුටු වශයෙන් සිත පැහැදෙන්නිය යනු පාසාදිකා නමි. පරමායාති මෙසේ ප්‍රසාදය එළවනු සුළු උත්තමාවයි. වණපොක්ඛරතායාති පැහැයෙන් යහපත් ය. සමන්තාගතාති යුක්ත වූ. යම්හෙයකින් ඉතා උස නැති ද ඉතා මිටි නැති ද දැකුම්කළුය. යම්සේ ඉතා මහත නැති ද ඉතා කෙට්ටු නැති ද දැකුම්කළුය. යම්සේ ඉතා කළු නොවෙයි ද ඉතා සුදු නොවෙයි ද උතුම් වර්ණ සෞන්දර්යයෙන් යුක්ත වූවා වේ. යම්සේ මිනිස් පැහැය ඉක්මවා දිව්‍ය පැහැයට නොපැමිණියා ද මිනිසුන්ගේ පැහැයේ ආලෝකය පිටට නොනික්මෙයි. දෙවියන්ගේ පැහැය ඉතා දුරට නික්මෙයි. දොළොස් රියන් පමණ ප්‍රදේශයක ඇගේ ශරීර පැහැය බබළයි.
නාතිදීඝාදි යනාදි පළමු යුගලයෙන් ඇයගේ ආරෝහ සම්පත්තිය ද දෙවැනි යුගලයෙන් පරිනාහ සම්පත්තිය ද තෙවැනි යුගලයෙන් වර්ණ සම්පත්තිය ද කියන ලදි. මේ හයෙන් ශරීර විපත්තියක් නොවෙයි. අතික්කන්තා මානුසං වණ්ණන්ති මෙයින් ශරීර සම්පත්තිය කියන ලදි.
තුලපිචුනො වා කප්පාය පිචුනො වාති ගිතෙල්වල බහා තබන ලද සිය වරක් පොලොන ලද ඉඹුල් පුළුන් හෝ කපු පුළුන් හෝ බඳු කාය ස්පර්ශය වෙයි. සීතෙති රජුට ශීතල කාලයෙහි උණ්හෙති රජුට උෂ්ණ කාලයෙහි, චන්දන ගන්ධොති නිතර ම මනාව ඉසින ලද අළුතින් සිවු දෑ සුවඳින් යොදන යහපත් සඳුන් සුවඳ ශරීරයෙන් වහනය වෙයි. උප්පලගන්ධොති සිනාසෙන කථාකරන කාලයෙහි එකෙණෙහි පිපුණු මහනෙල් මල්වලින් නික්මෙන සුවඳ මුඛයෙන් වහනය වෙයි.
මෙබඳු ස්පර්ශ ඇති සුවඳ සම්පත්තියෙන් යුක්ත වූ ඇයගේ ශරීර සම්පත්තියෙහි සුදුසු වූ ආචාර දක්වන්නට තං ඛො පනාති යනාදිය කියන ලදි. එහි රජු විසින් දැක හුන් ආසනයෙන් ගින්නෙන් දවන ලද්දාක් මෙන් පළමුවෙන් නැගිටින්නේ යනු පුබ්බුට්ඨායිනී නමි. ඔහු එහි සිටි කල්හි තල් වැටෙන් පවන් සැලීම් ආදී කටයුතු කොට පසුව වැටෙයි. හිඳින්නේ යනු පච්ඡානිපානිනී නමි. දේවයන් වහන්ස, කුමක් කරම් ද? වචනයෙන් කීකරු බව දක්වන්නේ යනු කිංකාරපටිස්සාවිනී නමි. රජුහට මනාප වූ දෙයෙහිම හැසිරෙයි. කරයි යනු මනාපචාරිණී නමි. යමක් රජුට ප්‍රියයි ද එයම කියයි යනු පියවාදිනී නමි.
දැන් ඇයගේ ඒ ආචාරයන් ස්වභාවයෙන් ම පිරිසිදුය. කපටිබවක් නොවේ යැයි දක්වන්නට තං ඛො පනාති යනාදිය කීය. තත්ථ නො අතිචරතීති නොඉක්මවා හැසිරෙයි. රජු හැර අන් පුරුෂයෙක් සිතින්වත් නොපතයි යැයි කියන ලද්දේ වෙයි. එහි ඇයගේ මුල දී අභිරූප ආදී ගුණ ද අවසානයෙහි පුබ්බට්ඨායිනී ආදී ගුණ ද කියන ලද්දාහු ඒවා ප්‍රකෘති ගුණයෝමය. මිනිස් පැහැය ඉක්මවා යනාදි සක්විති රජුගේ පින් නිසා චක්‍රරත්නය පහළවීමේ පටන් පළමු කර්මානුභාවයෙන් උපදිත් යැයි දතයුතුයි. චක්රරත්නයේ පහළවීමේ පටන් අභිරූපතාදිය දක්වා සියල්ල සියලු ආකාරයෙන් සම්පූර්ණ විය. මෙසේ ස්ත්‍රීරත්නය පහළ වූයේ යැයි එහෙයින් කියන ලදි.
ගහපතිරතනවණ්ණනා
මෙසේ ස්ත්‍රීරත්නය පහළ වූ සක්විති රජුහට මුදල් කටයුතු මැනවින් කරන්නට ගෘහපති රත්නය පහළ වෙයි. හෙතෙම ප්‍රකෘතියෙන් ම මහත් භෝග ඇති මහාභෝග කුලයෙහි උපන්නේය. රජුට ධනරාසිවඩ්ඪක සිටුතෙමේ ගෘහපති වෙයි. චක්රරත්නයේ ආනුභාව ඇති ඔහුට කර්ම විපාකයෙන් වූ දිවැස පහළ වෙයි. යමකින් පොළොව යට යොදුනක් ඇතුළත නිධානයක් දකී ද හෙතෙම ඒ සම්පත්තිය දැක සතුටු සිත් ඇත්තේ ගොස් රජුට ධනයෙන් පවරා සියලු ධනය පිළිබඳ කටයුතු සම්පාදනය කරයි. එහෙයින් කියන ලදි. පුන චපරං භික්ඛවෙ -පෙ- එවරූපං ගහපතිරතනං පාතුභවතීති