දන්තභූමි සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතන්ති මා විසින් දන්තභූමි සූත්‍රය මෙසේ අසන ලදි. එහි අරඤ්ඤකුටිකායන්ති ඒ වේළුවනයට එක් හිස් ස්ථානයක ප්‍රධන් කර්මය කරන භික්‍ෂූන් උදෙසා කරන ලද සේනාසනයෙහි. රාජකුමාරොති බිම්බිසාරගේ ඖරස පුත්‍රයා.
ඵුසෙය්‍යාති ලබන්නේ ය. එකග්ගතන්ති මෙසේ පිළිපදින්නේ සමාපත්තිය නම් ලබයි. ධ්‍යානය නම් ලබයි යනුවෙන් මෙය මා විසින් අසන ලද යැයි කියයි. කිලමථොති ශරීරයේ ක්ලාන්තයයි. විහේසාව ද ඒ ක්ලාන්තයමැයි කියන ලදි. යථා සකෙ තිත්ට්ඨෙය්‍යාසීති තමාගේ නොදන්නා කොටසෙහිම සිටින්නේය.
දෙසෙතීති සිතේ එකඟබව නම් මෙසේ ලබයි. සමාපත්තිය මෙසේ උපදවයි. අර්පනා උපචාරයට පමුණුවා එක කසින කර්මයක් කීය. පචෙදෙත්‍වාති ප්‍රකාශ කොට.
නෙක්ඛම්මෙන ඥාතබ්බන්ති කාමයෙන් හරින ලද ගුණයෙන් දත යුතුයි. කාමයෙන් හරින ලද ගුණයෙහි සිටි පුද්ගලයා විසින් එකඟබව නම් දත යුතුයි යන අදහසින් මෙය කියන ලදි. ඉතිරිය එයට ම පර්යාය වචනයි. කාමෙ පරිභූඤ්ජන්තොති දෙවැදෑරුම් කාමයන් අනුභව කරන්නේ.
ඇතුන් දමනය හෝ අශ්වයන් දමනය හෝ ගවයන් දමනය හෝ මෙහි දමනය නොවූ ඇතුන් දමනය කිරීමාදිය මෙන් සිත එකඟ නැති පුද්ගලයෝ දත යුතුයි. දමනය වූ ඇතුන් දමනය කරන්නාක් මෙන් සිත එකඟ බැවින් සම්පූර්ණ වූ යම්සේ නොදැමුණු ඇතුන් දමනය කරන්නවුන් ආදිහු කුළුගෙයක් නොකොට ධුරය නොදමා දැමුණු ගමනට යන්නට හෝ දැමුණවුන් විසින් පැමිණිය යුතු බිමට පැමිණෙන්නට නොහැකි වෙත්.
හත්‍ථවිලංගකෙනාති අතින් අත ගෙන.
දට්ඨෙය්‍යන්ති දැකිය යුතු ආවටොති අවුරණ ලද. නිවුටොති වළකන ලදි. ඔවුටොති වැසුණු
නාගවනිකන්ති ඇත් උපමාවෙහි ඇත් වනයෙහි හැසිරෙන පුද්ගලයා නාගවනිකයා යැයි කියන ලදි. මෙහි ඇතුන් හික්මවීමෙහි දක්‍ෂයා ඇතුන් ගැනීමට සමත් වෙයි. අතිපස්සිත්‍වාති දැක. එතගෙධාති මෙහි පැවැති. සරසංකප්පානන්ති වාක් සංකල්පයන්ගේ. මනුස්සකන්තෙසු සීලෙසු සමාදපනායාති මෙහි යම්සේ ඇතා ස්ත්‍රිය පුරුෂය කුමාරයා කුමාරිකාව යන මොවුන් විසින් සොඬ ආදියෙන් ගෙන ක්‍රීඩා කරන්නේ විකාරයක් නොකරයි. සැපසේ වෙයි. එකල මෙම ක්‍රමයෙන් මිනිසුන්ට කැමැති සීලයන් සමාදාන නම් වෙයි.
පෙමනීයාති දරුව. රජු නුඹට පැහැදුනේ. මඟුල් ඇතු තනතුරෙහි තබන්නේ ය. රජුන්ට සුදුසු ආහාර ලබන්නේ ය. මෙබඳු ඇතුන් විසින් ප්‍රිය උපදවන කථාවයි. සුස්සුසතීති ඒ ප්‍රිය උපදවන කථාව ඇසීමට කැමැති වෙයි. තිණඝාසොදකන්ති තණ කෑම ද ජලය ද, තිණඝාසන්ති යනු කෑයුතු තණ කෑ යුතුයි යන තේරුමයි.
පණවොති බෙර විශේෂයකි. සබ්බවංකදොස නිහිත නින්නිතකසාවොති හරින ලද සියළු වංක දෝෂ ද හරින ලද කසට වස්ත්‍ර ඇත්තේ ද අංගන්තෙව සංඛං ගච්ඡතීති ශරීරය සමාන වෙයි.
ගෙහසිත සීලානන්ති පස්කම් සැප නිශ්‍රිත සීලයන්. ඤායස්සාති ආර්ය අෂ්ඨාංගික මාර්ගයට.
අදන්තමරණං මහල්ලකො රඤ්ඤො නාගො කාලකතොති රජු මහළුය. ඇතා දමනය නොවී මැරුණේය. කාලකතොති යනු අදන්ත මරණ කාලක්‍රියාව යන තේරුමයි. සියලු තැන්හි ම මේ ක්‍රමයයි. ඉතිරිය ප්‍රකටය.
දන්ත භූමි සූත්‍ර වර්ණනාව නිමි.
භූමිජ සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතන්ති මා විසින් භූමිජ සුත්‍රය මෙසේ අසන ලදි. එහි භූමිජොති මේ තෙරුන් වහන්සේ ජයසේන රාජ කුමාරයාගේ මාමා ය. ආසඤ්ච අනාසඤ්චාති කාලයකට ආශා ඇතිව ද කාලයකට ආශා නැතිව ද සකෙන ථාලිපාකෙනාති ප්‍රකෘතියෙන් පැවැති භික්‍ෂාව ද පැවැති භික්‍ෂාව ද තමාගේ නිමවන ලද බතින් ද වැළඳුවේය. ඉතිරිය සියලු තැන්හිම ප්‍රකටය.
භූමිජ සූත්‍ර වර්ණනාව නිමි.
අනුරුද්ධ සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතන්ති මා විසින් අනුරුද්ධ සූත්‍රය මෙසේ අසන ලදි. එහි එවමාහංසූති ඒ උපාසකයාගේ අපහසු කාලය විය. එකල්හි පැමිණ මෙසේ කීහ. අපණ්ණකන්ති විරුද්ධ නොවූ. එකට්ඨාති අප්‍රමාණ වූ හෝ මහර්ඝ වූ හෝ ධ්‍යානය ම සිතේ එකඟබවමය. එවං වුච්චතීති මේ සඳහා මෙසේ කීය.