භූමිජ සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතන්ති මා විසින් භූමිජ සුත්‍රය මෙසේ අසන ලදි. එහි භූමිජොති මේ තෙරුන් වහන්සේ ජයසේන රාජ කුමාරයාගේ මාමා ය. ආසඤ්ච අනාසඤ්චාති කාලයකට ආශා ඇතිව ද කාලයකට ආශා නැතිව ද සකෙන ථාලිපාකෙනාති ප්‍රකෘතියෙන් පැවැති භික්‍ෂාව ද පැවැති භික්‍ෂාව ද තමාගේ නිමවන ලද බතින් ද වැළඳුවේය. ඉතිරිය සියලු තැන්හිම ප්‍රකටය.
භූමිජ සූත්‍ර වර්ණනාව නිමි.
අනුරුද්ධ සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතන්ති මා විසින් අනුරුද්ධ සූත්‍රය මෙසේ අසන ලදි. එහි එවමාහංසූති ඒ උපාසකයාගේ අපහසු කාලය විය. එකල්හි පැමිණ මෙසේ කීහ. අපණ්ණකන්ති විරුද්ධ නොවූ. එකට්ඨාති අප්‍රමාණ වූ හෝ මහර්ඝ වූ හෝ ධ්‍යානය ම සිතේ එකඟබවමය. එවං වුච්චතීති මේ සඳහා මෙසේ කීය.
යාවතා එකං රුක්ඛමූලං මහග්ගතන්ති ඵරිත්‍වා අධිමුච්චිතා විහරතීති එක් ගසක් මුල ප්‍රමාණස්ථාන කසිණ නිමිත්තෙන් පැතිර ඒ කසින නිමිත්තෙහි මහද්ගත ධ්‍යානය පැතිර මිදී වාසය කරයි. මහද්ගතයාගේ ආභෝගයක් නැත. හුදෙක් මහද්ගත ධ්‍යානයෙන් පැවතීම් වශයෙන් මෙය කියන ලදි. සියලු තැන්හි ම මේ ක්‍රමයයි. ඉමිනා ඛො එතං ගහපති පරියායෙනාති මේ කාරණයෙන්. මෙහි අප්‍රමාණ යැයි කියන ලද බ්‍රහ්ම විහරණයන්ගේ නිමිත්ත නොවැඩෙයි. ඇරීම නූපදියි. ඒ ධ්‍යාන අභිඥාවන්ගේ නිරෝධයට පාදක නොවෙත්. විදර්ශනා පාදකයෝ ද ව්‍රත පාදකයෝ ද භවයේ ආක්‍රමණයට පැමිණෙත්. මහද්ගත යැයි කියන ලද කසින ධ්‍යානයේ නිමිත්ත වැඩෙත්. ඇරීම උපදියි. සමතික්‍රමය වෙයි. අභිඥා පාදකත් නිරෝධ පාදකත් ව්‍රත පාදකත් භවෝක්‍රමය වෙත්. එවමිමෙ ධම්මා නානට්ඨා අප්පමාණා මහග්ගතාති මෙසේ නොයෙක් නොයෙක් ව්‍යඤ්ජනයි.
දැන් මහද්ගත සමාපත්තියෙන් ගෙනහැර භවයාගේ ඉපදීමට කාරණය දක්වන්නේ චතස්සො ඛො ඉමාති යනාදිය කීය. පරිත්තාභාති පැතිර දන්නා තැනැත්තාට මේ ආභෝගය ඇත. පරිත්තසුභ දෙවියන් කෙරෙහි උපදින කාරණය ධ්‍යාන වඩන්නේ මෙසේ කියන ලදි. සියලු තැන්හිම මේ ක්‍රමයයි. පරිත්තාභයෝ කිළිටු එලිය ඇත්තෝ ද පිරිසිදු එලිය ඇත්තෝ ද වෙත්. අප්‍රමාණභා දෙවියෝ කිළිටු එලිය ඇත්තෝ ද පිරිසිදු එලිය ඇත්තෝ ද වෙත්. කෙසේද යත්? කුල්ලක් ප්‍රමාණ වූ ද නෑඹිලියක් ප්‍රමාණ වූ ද කසිනයෙහි පරිකර්ම කොට සමාපත්ති උපදවා පස් ආකාරයකින් ආචීර්ණ වශීබව පච්චනික ධර්මයන්ගේ මනාකොට පිරිසිදු නොකරන ලද බැවින් දුර්වල වූ සමාපත්තිය වළඳා ප්‍රගුණ නොවූ ධ්‍යානයෙහි සිට කළුරිය කොට පරිත්තාභයෙහි උපදියි. ඔහුගේ පැහැය ද ස්වල්පය. කිළිටි ද වෙයි. ආකාර පහෙන් ආචීර්ණයෙහි වශීබව පච්චනීක ධර්මයන්ගේ මොනවට පිරිසිදු කරන ලද හෙයින් ඉතා පිරිසිදු සමාපත්තිය වළඳා ප්‍රගුණ ධ්‍යානයෙහි සිට කළුරිය කොට පරිත්තාභයෙහි උපදියි. ඔහුගේ පැහැය ස්වල්ප වූයේ ද පිරිසිදු යැයි වැටහෙයි. මෙසේ එලිය ස්වල්ප වුවත් පිරිසිදුය. කසිනයෙහි මහත් පරිකර්මය කොට සමාපත්තිය උපදවා ආකාර පහකින් ආචීර්ණයාගේ වශී බවයි. සියල්ල පළමු පරිද්දෙන් ම දත යුතුයි. එසේම අප්‍රමාණභා දෙවියෝ කිළිටි එලිය ද පිරිසිදු එලිය ද ඇත්තෝ වෙත්.