අච්ඡරියබ්භුත සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතන්ති අච්ඡරියධම්ම සූත්‍රය මා විසින් මෙසේ අසන ලදි. එහි යත්‍රහි නාමාති ආශ්චර්ය අර්ථයෙහි නිපාතයයි. යම් තථාගතයන් වහන්සේ නමක් යන තේරුමයි. ජින්නප්පඤ්චෙති මෙහි ප්‍රපංච නම් තෘෂ්ණා මාන දෘෂ්ටි යන මේ කෙලෙස් තුනයි. ජින්නවටුමෙති මෙහි වටුම නම් කුසල් අකුසල් කර්ම වැටයි කියයි. පරියාදින්නවට්ටෙති එයට ම පර්යාය වචනයයි. සබ්බදුක්ඛවීතිවවත්තෙති සියලු විපාක ව්‍රතයැයි කියන ලද දුක ඉක්ම වූ. ජානිස්සතීති මේ යන්ත්‍ර යනු නිපාත වශයෙන් අනාගත වචනයකි. මෙහි තේරුම අතීත වශයෙන් දත යුතුයි. භාග්‍යවතුන් වහන්සේ ඒ බුදුරදුන් සිහි කළේය. දැන් සිහි නො කරන්නේ ය. එවං ජච්චාති විපස්සී ආදීහු ක්‍ෂත්‍රීය ජාතියහ. කකුසඳ ආදීහු බ්‍රාහ්මණ ජාතියහ. එවං ගොත්තාති විපස්සි ආදීහු කොණ්ඩඤ්ඤ ගෝත්‍රිකයෝය. කකුසඳ ආදීහු කාශ්‍යප ගෝත්‍රිකයෝය. එවං සීලාති ලෞකික ලෝකෝත්තර සීලයෙන් මෙසේ සීලයයි. එවං ධම්මාති එහි සමාධි පාක්‍ෂික වූ ධර්මයෝ අදහස් කරන ලදි. ලෞකික ලෝකෝත්තර සමාධියෙන් මෙසේ සමාධිය යැයි තේරුමයි. එවං පඤ්ඤාති ලෞකික ලෝකෝත්තර ප්‍රඥාවෙන් මෙසේ නුවණ ඇති. එවං විහාරීති මෙහි වනාහි යට බෝධිපාක්‍ෂික ධර්මයන්ගේ ගන්නා ලද හෙයින් විහරණය ගන්නා ලද්දේමය. නැවත කුමක් නිසා ගන්නා ලද දෙය ගනී ද යත්? මෙය නොගන්නා ලදි. මෙය නිරෝධ සමාපත්තිය ප්‍රකාශ කිරීම සඳහා ය. එහෙයින් මෙසේ නිරෝධ සමාපත්ති විහරණය යන මෙය මෙහි තේරුමයි.
එවං විමුත්තාති මෙහි මෙසේ විෂ්කම්භන විමුක්තිය, තදංග විමුක්තිය, සමුච්ඡේද විමුක්තිය, පටිප්පස්සද්ධි විමුක්තිය, නිස්සරණ විමුක්තිය යැයි විමුක්තිය පස් ආකාරයයි. එහි අෂ්ටසමාපත්තීන් තෙමේම විෂ්කම්භීත නීවරණයන්ගෙන් මිදුණු හෙයින් විෂ්කම්භන විමුක්තිය යන නමට පැමිණෙත්. අනිත්‍යානුපස්සනාව ආදී අනුපස්සනා හත තෙමේම එය එයට පච්චනික අංග වශයෙන් හරින ලද නිත්‍ය සංඥාදියෙන් මිදුණු හෙයින් තදංග විමුක්තිය යන නමට පැමිණෙත්. ආර්ය මාර්ග හතර තෙමේම සිඳන ලදුව ක්ලේශයන්ගෙන් මිදුණු හෙයින් සමුච්ඡේද විමුක්තිය යන නමට පැමිණෙත්. ශ්‍රාමණ්‍ය ඵල හතර මාර්ගානුභාවයෙන් ක්ලේශයන්ගේ ප්‍රතිපස්සද්ධියෙන් උපන් හෙයින් පටිප්පස්සද්ධි විමුක්තිය යන නමට පැමිණෙත්. නිවන සියලු ක්ලේශයන්ගෙන් පහ වූ හෙයින් දුරසිටි හෙයින් නිස්සරණ විමුක්තිය යන නමට ගියේය. මෙසේ මේ පංච - විමුක්තීන්ගේ වශයෙන් මෙසේ මිදුණා යැයි මෙහි තේරුම දතයුතුය.
තස්මා තිහාති යම්හෙයකින් එය බුදුවරු ආශ්චර්ය යැයි කියයි ද එහෙයින් එය බොහෝසෙයින් වැටහෙත්වා. බුදුරදුන්ගේ ආශ්චර්ය අද්භූත ධර්මයයි. සතො සම්පජානොති මෙහි මනුෂ්‍ය ලෝකයෙහි ද දිව්‍ය ලෝකයෙහි ද යන සම්පජඤ්ඤ දෙකයි. වෙස්සන්තර ජාතකයෙහි බමුණාට දරුවන් දෙන්නා දී දෙවන දිනයෙහි ශක්‍රයාට දේවිය දී ශක්‍රයා විසින් පැහැදී දෙන ලද වර අට ගන්නේ.
මම මෙයින් මිදී ස්වර්ගගාමී විෂයෙහි උපදිමි. ඉන්පසු නිර්වාණගාමී වෙමි. මේ අටවැනි උතුම්ම වරය ය.
මෙසේ තුසිත භවනෙහි මාගේ ප්‍රතිසන්ධිය වේවයි වරයක් ගත්තේය. එතැන් පටන් තුසිත භවනෙහි උපදිමියි දනියි. මේ මනුෂ්‍ය ලෝකයෙහි සම්පජඤ්ඤයයි. වෙස්සන්තර ආත්මභාවයෙන් චුතව තුසිත භවනෙහි ඉපිද උපන්නෙමියි දැන ගත්තේය. මේ දිව්‍යලෝක සම්පජඤ්ඤයයි.
කිමෙක්ද? සෙසු දෙවියෝ දනිත් ද? නොදනිත් ද? ඒ දෙවියෝ උයන් විමාන කල්පවෘක්‍ෂ බලා දිව්‍ය නාටක තූර්ය ශබ්දයෙන් සතුටු වී නිදුකාණෙනි, මේ දිව්‍ය ලෝකයයි නුඹ මෙහි උපන්නාහු යැයි සිහිකරන ලදුව දනිත්. බෝධිසත්වයන් වහන්සේ පළමු ජවන වාරයෙහි නොදනියි. දෙවැනි ජවන වාරයෙහි පටන් දනියි. මෙසේ උන්වහන්සේගේ දැනීම අන්‍යයන්ට අසාධාරණ වෙයි.
අට්ඨාසීති මෙහි කිසියම් අනෙත් දෙවියෝ එහි සිට සිටියාහු යැයි දනිත්. ඔවුහු ද්වාර හයෙහි බලවත් ඉෂ්ටාරම්මණයෙන් මඩින ලද්දාහු සිහිය අත්හැර තමාගේ කාපු බීපුබව ද නොදන්නාහු ආහාර සිඳ ගැනීමෙන් කලුරිය කරත්. බෝධිසත්වයන් වහන්සේට එබඳු අරමුණක් ඇත්තේ ද? නැත්තේ ද? උන්වහසේ සෙසු දෙවියන් කරුණු දහයකින් අභිබවා සිටියි. අරමුණෙන් තමා මඩින්නට නොවෙයි. ඒ අරමුණ අභිබවා සිටියි. එහෙයින් කියන ලදි. සතො සම්පජානො ආනන්‍ද බෝධිසත්තො තුසිතෙ කායෙ අට්ඨාසීති