මහාසුඤ්ඤත සූත්ර වර්ණනාව
එවම්මෙසුතන්ති මහාසුඤ්ඤතා සූත්රය මා විසින් මෙසේ අසන ලදි. එහි කාළඛෙමකස්සාති ශරීර වර්ණයෙන් ඔහු කලුය. ඛෙමකොති ඔහුගේ නමයි. විහාරොති ඒ නිග්රෝධාරාමයේ ම එක් පෙදෙසක පවුරකින් වට කොට දොරකොටු මවා හංසවට්ටක ආදී සෙනසුන් ද මණ්ඩලමාල භෝජනශාලා ආදිය ද පිහිටුවා කරන ලද විහාරයයි. සම්බහුලානි සෙනාසනාතීති ඇඳ පුටු මේ කොට්ට තැටි පත්කඩ තණ ඇතිරිලි පිදුරු ඇතිරිලි ආදිය පණවන ලද්දාහු වෙත්. ඇඳෙන් ඇඳ -පෙ- පිදුරු ඇතිරිල්ලෙන් පිදුරු ඇතිරිල්ල පැතිර තබන ලද්දාහු සමූහ භික්ෂූන්ගේ වාසය කරන තැන හා සමාන විය.
සම්බහුලානුඛොති බුදුරදුන් බෝ මැඩදීම සියලු කෙලෙස් සහමුලින් නැසූ නිසා සැකයක් නම් නැත. විතර්ක පූර්වභාග ප්රශ්න විතර්ක පූර්වභාග ම වෙයි. නු කාරය නිපාත මාත්රයකි. ප්රාප්ති මස්තකයට යන්නේ අවිනිශ්චිත නම් නොවෙයි. මෙයින් පෙර වනාහි බුදුරදුන් විසින් දහය දොළහ බැගින් භික්ෂූන් එක තැන වාසය කරන බව නොදක්නා ලදි.
ඉක්බිතිව උන්වහන්සේට මෙබඳු සිතක් විය. මේ සමූහ වාසය නම් සසර ආචීර්ණ සමාවීර්ණය. ගංගාවට බැසගත් ජලය හා සමානය. නරකය, තිරිසන් යෝනිය, ප්රේතවිෂය, අසුරකාය යන මේ තැන්හි ද මනුෂ්යලෝක. දිව්යලෝක. බ්රහ්මලෝක යන ස්ථානයන්හි ද සමූහ වාසය ආචීර්ණය. යොදුන් දසදහසක් වූ නරකය ඊයම් සුණුවලින් බරිතය. නැළි වැනිය. සතුන් ගෙන් අතරක් නැත. පස්වැදෑරුම් බැඳුම් කරන ස්ථානයෙහි සතුන්ගේ ප්රමාණයක් හෝ පිරිසිඳීමක් හෝ නැත. ආයුධවලින් සිඳීම කරන තැන්හි ද එසේමය. මෙසේ ගණභූතව හෙවත් සමූහ වශයෙන් පැසෙත්.
තිරිසන් යෝනියෙහි එක තුඹසක වේයන්ගේ පිරිසිඳීමක් නැත. එක බිලයක ආදියෙහි ද කුහුඹු ආදීන්ගේ තිරිසන් යෝනියෙහි ද සමූහ විසීම එසේමය. ප්රේත නගරයන් ද ගව්ව ආදිය ද අර්ධ යොදුන් වූ ද ප්රේබරිත වෙත්. ප්රේතවිෂයෙහි සමූහ වාසය ද මෙසේය. අසුරභවන යොදුන් දසදහසකි. කණෙහි ගසන ලද හිසෙන් කණ බිලය මෙන් වෙයි. මෙසේ අසුරභවනෙහි සමූහ වාසය වෙයි. මිනිස්ලොව සැවැත්නුවර පණස්හත් ලක්ෂයක් කුලයන් ද රජගහනුවර ඇතුළත හා පිටත දහඅට කෝටියක් මනුෂ්යයෝ ද විසූහ. මනුෂ්යලෝකයෙහි වෙනත් තැන්වලත් සමූහ වාසය මෙසේමය. භූමාටු දෙවියන් ආදි කොට දෙව්ලොවත් බඹලොවත් සමූහ වාසය සමානය. එක එක දිව්යපුත්රයාට නළඟනෝ කෝටි දෙකහමාරක් වෙත්. කෝටි නවයක් වෙත්. එක්තැනක දසදහසක් බ්රහ්මයෝ වාසය කරත්.
එහෙයින් සිතීය. මාවිසින් කල්ප ලක්ෂයක් අධික කොට ඇති සාරාසංඛෙය්යයක් සමූහ වාසය නැති කිරීම පිණිස පාරමි පුරන ලදි. මේ භික්ෂූන් ද මෙතැන් පටන් සමූහයා කෙරෙහි බැඳී සමූහයා කෙරෙහි ඇලුණේ විය. භික්ෂූහු නුසුදුස්සක් කරත්. උන්වහන්සේ ධර්ම සංවේගය උපදවා නැවත මෙසේ සිතීය. ඉදින් එක ස්ථානයක භික්ෂූන් දෙදෙනෙක් නොවිසිය යුතුයැයි ශික්ෂාපදයක් පණවන්නට හැකි වන්නේය. ශික්ෂාපද පණවන්නෙමියි මෙය හැකි නොවෙයි. ඒකාන්තයෙන් මම මහාසුඤ්ඤතා ප්රතිපත්ති නම් සූත්රය දේශනා කරමි. ශික්ෂාකාමී සර්වකායික ආදාසයක් මෙන් වන්නේය. එහෙයින් යම් එක කාණ්ඩයෙහි නම් ඇති ක්ෂත්රීය ආදීහු තමන්ගේ වරද දැක එය හැර නිවැරදි අය වෙත්. එසේම මා පිරිනිවි කල්හි අවුරුදු පන්දහසක් කල් මේ සූත්රය ආවර්ජනය කොට සමූහයා පහකොට තනිව වාසය කිරීමෙහි ඇලුණු කුලපුත්රයෝ සසර දුක ගෙවා කෙළවර කරන්නාහ. බුදුරදුන්ගේ මනදොල පුරන්නාක් මෙන් මේ සූත්රය ආවර්ජනය කොට සමූහයා සසර දුක ගෙවා පිරිනිවි කුලපුත්රයන්ගේ ගණනක් නම් නැත.
වාලිකපිට්ඨි විහාරයෙහි ආභිධම්මික අභය තෙරුන් වහන්සේ වසන කාලයෙහි බොහෝ භික්ෂූන් සමඟ මේ සූත්රය සජ්ඣායනය කොට බුදුරදුන් මෙසේ කරවති. අපි කුමක් කරමුදැයි කීය. ඒ සියල්ලෝම ඇතුළු වසෙහි සමූහයා හැර හුදකලා වූවාහු රහත්භාවයට පැමිණියාහ. ගණභේදය නම් මේ සූත්රයයි.