කායගතාසති සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතන්ති කායගතාසති සූත්‍රය මාවිසින් මෙසේ අසන ලදී. එහි ගෙහසිතාති පංචකාම ගුණයන් ඇසුරු කළ, සරසඞ්කප්පාති දුවන ස්වභාව ඇති අරමුණු සර නම් වේ. දුවත් යන තේරුමයි. අජ්ඣත්තමෙවාති ගොදුරු අධ්‍යාත්මයේ මය. කායගතාසතින්ති කයින් ගත්තා වූ ද කයින් අරමුණු කොට ඇති කල්හි කාය පරිග්‍රාහක යැයි කී කළ සමථය කියන ලද වෙයි. කායාරම්මණ යැයි කී කළ විදර්ශනාවයි. දෙකෙන් ම සමථ විදර්ශනා කීවේ වෙත්.
නැවත ද අනිකක් කියමි. මහණෙනි, මෙසේ භික්‍ෂුව කායගතාසතිය වඩයි ද සතිපට්ඨානයෙහි දහහතර ක්‍රමයකින් කායානුපස්සනාව කියන ලදි.
අන්තොගධාති ඇතුළත වූ. තස්සාති ඒ භික්‍ෂුවට භාවනා වශයෙන් අභ්‍යන්තරගත ම වෙයි. විජ්ජාභාගියාති මෙහි සම්ප්‍රයෝග වශයෙන් විද්‍යාව භජනය කරත්නුයි විජ්ජාභාගී නම් වේ. විද්‍යා කොට්ඨාශයෙහි පවතින්නේ විජ්ජාභාගී නම් වේ. එහි විදර්ශනා ඥානය, මනෝමයසිද්ධිය, ෂඩ් අභිඥා, අෂ්ට විද්‍යාවෝ වෙති. පෙර කී අර්ථයෙන් ඒ විද්‍යාවෙන් ඒ විද්‍යාවන් සමග යෙදුණ ධර්ම ද විජ්ජාභාගී නම් වේ. පසුව කී අර්ථයෙන් ඒ කිසියම් එකක් විද්‍යාවය ඉතිරිය විජ්ජාභාගීය යැයි මෙසේ විද්‍යාවත් විද්‍යා සම්ප්‍රයුක්ත ධර්ම විජ්ජාභාගීම යැයි දත යුතුයි. චෙතසාඵුටොති මෙහි පැතිරවීම දෙයාකාරයි. ආපෝ ඵරණ හා දිව්‍යචක්‍ෂු ඵරණ වශයෙනි. එහි ආපෝ කසිනයට සමවැද ජලය පැතිරවීම ආපෝ ඵරණයයි. මෙසේ පැතිර වූ කල්හි සියලු මුහුදු බලා යන්නා වූ කුඩා නදීහු ඇතුළත් වෙත්. ආලෝකය වඩා දිවැසින් සියලු මුහුදු බැලීම දිව්‍යචක්‍ෂු ඵරණයයි. මෙසේ පැතිරුණු කල්හි මුහුදු කරා යන සියලු කුඩා නදීහු මහ මුහුදෙහි ම ඇතුළත් වෙත්.
ඔතාරන්ති විවරය, සිදුර ආරම්මණන්ති ක්ලේශයන්ගේ උපතට හේතුවන ලභෙථ ඔතාරන්ති පිවිසීම ලබන්නේය. විනිවිද ගෙන අවසානය දක්වා ගමන් කරන්නේය යන තේරුමයි. නික්ඛෙපනන්ති බහා තැබීය.
මෙසේ නොවඩන ලද කායගතාසතිය ඇති පුද්ගලයා තෙත මැටි පිඬකට උපමා කොට දැන් කායගතාසතිය වැඩියහු හර දැවයකට උපමාකොට දැක්වීමට සෙය්‍යථාපීති යනාදිය කීය. එහි අග්ගලඵලකන්ති කවුලුවය.
කාකපෙය්‍යාති මුවවිට හිඳ කපුටා විසින් බෙල්ල නොනමා ම පිය යුතුයි. අභිඤ්ඤා සච්ඡිකරණී යස්සාති අභිඥාවෙන් සාක්‍ෂාත් කළ යුතු. සක්ඛි භබ්බතං පාපුණාතීති ප්‍රත්‍යක්‍ෂ බවට පැමිණෙයි. සති සති ආයතනෙති කරුණක් ඇති කල්හි කිම මෙහි කාරණා යනු අභිඥාවම කාරණයයි. ආළිබද්ධාති සීමා බැඳි
යානිකතායාති යොදන ලද යානයක් මෙන් කරන ලද වත්‍ථුකතායාති පිහිටවීමට කරන ලද අනුට්ඨිතායාති අනුව පැවැත්ම සඳහා පරිචිතායාති පුරුදු කරණු පිණිස සුසමාරද්ධායාති මනාකොට ආරම්භ කරන ලද, මනාකොට උත්සහ කරන ලද. ඉතිරිය සියලු තැන්හිම කියන ලද ක්‍රමයයි.
කායගතාසති සූත්‍ර වර්ණනාව නිමි.