මහාචත්තාරීසක සූත්ර වර්ණනාව
එවම්මෙසුතන්ති මහාචත්තාරීසක සූත්රය මාවිසින් මෙසේ අසන ලදි. එහි අරියන්ති දොස් නැති. ලෝකෝත්තර වූ නිර්දෝෂී බව අරිය යැයි කියයි. සම්මා සමාධින්ති මාර්ග සමාධියයි. සඋපනිසන්ති ප්රත්යය සහිත. සපරික්ඛාරන්ති පිරිවර සහිත.
පරික්ඛතාති පිරිවරණ ලද. සම්මාදිට්ඨි පුබ්බංගමා හොතීති දෙපරිද්දකින් පෙරටු වෙයි. විදර්ශනා සම්මාදිට්ඨිය ත්රෛභූමික සංස්කාරයන් අනිත්යාදී වශයෙන් සොයයි. මාර්ග සම්මාදිට්ඨිය වනාහි විමර්ශන කෙළවර භූමිලද්ධ වූ සංසාරය විනාශ කරමින් සංසිඳුවමින් සිහිල් ජල කල දහසක් මුදුනෙහි වත්කරන්නාක් මෙන් උපදියි. යම්සේ කුඹුරක් කරන්නා වූ ගොවියා පළමුව වනයෙහි ගස් සිඳියි. පසුව ගිනි තබයි. ඒ ගින්න පළමුව සිඳින ලද ගස් සම්පූර්ණයෙන් දවයි. එපරිද්දෙන්ම විදර්ශනා සම්මාදිට්ඨිය පළමුවරට අනිත්යාදී වශයෙන් සංස්කාරයන් විමසයි. මාර්ග සම්මාදිට්ඨියෙන් විමසනු සඳහා සංස්කාරයන් නැවත නූපදනා පරිද්දෙන් සම්පූර්ණයෙන් විනාශ කරමින් උපදියි. ඒ දෙයාකාරය ම මෙහි දී අදහස් කරන ලදි.
මිච්ඡාදිට්ඨි මිච්ඡාදිට්ඨිති ජානාතීති මිථ්යාදෘෂ්ටිය අනිත්ය දුක්ඛ අනාත්ම ලක්ෂණ වශයෙන් අවබෝධකොට ගෙන ආරම්මණ වශයෙන් දැන ගනියි. සම්යක් දෘෂ්ටිය කෘත්ය වශයෙන් සිහිමුලා නොවී දැන ගනියි. සාස්ස හොති සම්මාදිට්ඨීති එය මෙසේ මැනවින් දැන ගන්නේය යනු සම්යක් දෘෂ්ටිය නම් වෙයි.
ද්වයං වදාමීති දෙකක් කියමි. දෙකොටසක් කියමි යන තේරුමයි. පුඤ්ඤභාගියාති පිනට කොටස්කරුවෙකු වූ. උපධිවෙපක්කාති උපධි නම් විපාකය දෙන්නා වූ.
පඤ්ඤා පඤ්ඤින්ද්රියන්ති ආදියෙහි බෙදා බෙදා අමෘතද්වාරය පණවයි. දක්වයි. ප්රඥාව ඒ අර්ථයෙහි අධිපතිකම කෙරෙනුයේ පඤ්ඤින්ද්රිය නමි. අවිද්යාවෙන් කම්පා නොවන්නේ පඤ්ඤාබල නම් වේ. බොජ්ඣංග ධර්මයන්ට පැමිණ චතුරාර්ය සත්ය ධර්මයන් සොයනුයේ ධම්මවිචය සංබොජ්ඣංගො නමි. මාර්ග සම්පත්තියෙන් ප්රශංසා කරන ලද ශෝභන වූ දෘෂ්ටිය සම්මාදිට්ඨි යයි. ආර්ය මාර්ගයට කරුණු මග්ගංගං නමි. සොති ඒ භික්ෂුවයි. පහානායාති හැරීම සඳහා උපසම්පදායාති ප්රතිලාභය පිණිස සම්මාවායාමොති නෛර්යාණික කුසල වීර්යයයි. සතොති සිහියෙන් යුක්තව හාත්පසින් ධාවනය කරත්. අනුපරිවත්තන්තීති එක්ව ඉපිද පුරෙජාතව පිරිවරත්. මෙහි සම්මාවායාමයත් සම්මාසතියත් ලෝකෝත්තර සම්මාදිට්ඨිය සමග එක්ව ඉපිද පිරිවරත්. හරියට රජු හා එකම රථයෙහි සිටි කඩු ගත්තවුන් මෙනි. විදර්ශනා සම්යක් දෘෂ්ටිය වනාහි පුරේජාතව කරත්තයට පෙරටුව යන පාබල සෙනඟ මෙන් පිරිවරයි. දෙවන කොටසෙහි පටන් සම්යක් සංකල්පනා ආදි තුන්දෙන එක්ව ඉපිද පිරිවරත් යැයි දතයුතුයි.
මිච්ඡාසංකප්පොති පජානාතීති අනිත්ය දුක්ඛ අනාත්ම ලක්ෂණ ප්රතිවේධයෙහි ආරම්මණ වශයෙන් දැනගනියි. සම්යක් සංකල්පනාව කෘත්ය වශයෙන් සිහිමුලා නොවී දැනගනියි. මෙයින් මතු සම්යක් වචනාදියෙහි දැනීම මෙපරිද්දෙන් දැනගත යුතුයි. කාම සංකල්පනාදිය ද්වෙධාවිතක්ක සූත්රයෙහි කියන ලද්දේය.
තක්කොති යනාදියෙහි තර්ක කිරීම් වශයෙන් තක්ක නම් වෙයි. එයම උපසර්ගයකින් පදය වැඩිකොට විතක්කො යැයි කියන ලදි. එයම යහපත් සංකල්පනාදිය වශයෙන් සංකප්පො නම් වෙයි. එකඟව අරමුණු කරා පමුණුවන්නේ අප්පනා නම් වෙයි. එයම උපසර්ගයකින් පදය වැඩිකොට ව්යප්පනා යැයි කියන ලදි. චෙතසො අභිනිරොපනාති සිතට නැංවීමයි. විතර්කය ඇති කල්හි ඒ විතර්කය අරමුණට සිත නංවයි. විතර්කය නැති කල්හි ස්වකීය ධර්මතා වශයෙන් සිත අරමුණට නංවයි. රජ ගෙදර හොඳින් දන්නා කුලවත් පුරුෂයෙකු මෙනි. නොදන්නා සේවකයෙකු මගින් හෝ දොරටු පාලයා මගින් හෝ පිහිට ලැබිය යුතුය. හොඳින් දන්නාවූත් කුලවත්වූත් පුරුෂයා සියලු මහාමාත්යාදීන් දනියි. එනිසා තමාට උවමනා පරිදි පිවිසීමත් නික්මීමත් කරයි. මේ කරුණ මෙසේ දත යුතුයි. වචන සංස්කරණය වචීසංඛාරො නමි. මෙහි ලෞකික විතර්කය වචන සංස්කරණය කරයි. ලෝකෝත්තර විතර්කය නොකරයි. කිසිවකුත් සංස්කරණය නොකරන්නේ වචී සංස්කාර යන නමක් ඔහුට වෙයි. සම්මාසඞ්කප්පං අනුපරිධාවන්ති ලෝකෝත්තර සම්යක් සංකල්පනාව පිරිවරත්. මෙහි නෙක්ඛම්ම සංකප්පය ආදී තුන්දෙන පූර්වභාගයේ දී නොයෙක් නොයෙක් සිත්වල ලැබෙත්. මාර්ගක්ෂණයෙහි වනාහි ත්රිවිධ කාම සංකල්පනාදීන්ගේ පරිච්ඡේදය සම්පූර්ණ නැසීම කරන්නේ මාර්ගාංගය පුරවමින් එකම සම්යක් සංකල්පය ඉපිද නෙක්ඛම්ම සංකල්පය ආදීන් වශයෙන් ත්රිවිධ නාමයන් ලබයි. මින්පසු සම්යක් වචනය ආදියෙහිත් මේ ක්රමයයි.