ඉසිගිලි සූත්ර වර්ණනාව
එවම්මෙසුතන්ති ඉසිගිලි සූත්රය මා විසින් මෙසේ අසන ලදි. එහි අඤ්ඤාව සමඤ්ඤා අහොසීති ඉසිගිලියට සෘෂීන් ගිලින්නා යැයි නම උපන් කල්හි වේහාර නමින් එය ප්රකට නොවීය. වෙනත් නමකින් ම ප්රකට විය. අඤ්ඤාපඤ්ඤත්තීති මෙය මුලින් කී පදයට පර්යායකි. ඉතිරියෙහි ද මේ ක්රමයයි.
එකල්හි භාග්යවතුන් වහන්සේ සවස් කාලයෙහි සමවතින් නැගී සිට ගඳකිළියෙන් නික්මී යම් තැනක සිටිනවුන්ට පංච පර්වතයන් පෙනෙත් ද එතැන භික්ෂු සංඝයා පිරිවරා වැඩහිඳ මේ පර්වත පහ පිළිබඳව පිළිවෙළින් දෙසූහ. එහි දී භාග්යවතුන් වහන්සේට පර්වතයන්ගෙන් වැඩක් නොවීය. මෙසේ මේ පර්වත පහ ගැන පිළිවෙළින් කියනු ලබන කල්හි ඉසිගිලිය සෘෂිවරුන් ගිලින බව කිවයුතු වෙයි. එසේ කියනු ලබන කල්හි පද්මාවතීගේ පුත්රයන් වූ පන්සියයක් පසේබුදුවරුන්ගේ නම් ද පද්මාවතියගේ ප්රාර්ථනාවන් ද කිවයුතු වන්නේය. භාග්යවතුන් වහන්සේ මේ පර්වතයන් ගැන පිළිවෙළින් දෙසූහ.
පවිසන්තා දිස්සන්ති පවිට්ඨා න දිස්සන්තීති යසේ පහසු තැනක පිඬු පිණිස හැසිර නිම කරන ලද බත්කිස ඇත්තාහු අවුත් චෛත්ය ගර්භයෙහි යුගල මහා දොරටුව විවෘත කරන්නාක් මෙන් ඒ පර්වතය දෙකඩ කොට ඇතුළට පිවිස රාත්රී ස්ථාන දහවල් ස්ථාන මවා එහි විසූහ. එහෙයින් මෙසේ වදාළහ. ඉමෙ ඉසීති මේ පසේබුදු සෘෂිවරුන්
කවරකලෙක මෙහි වාසය කළාහු ද? බුදුරදුන් නූපන් අතීතයෙහි බරණැස ඇසුරු කොටගෙන එක් ගමක එක් කුලදුවක් කුඹුර රකින්නේ පසේ බුදුවරයන් වහන්සේ නමකට ලාජ පන්සියයක් සමඟ නෙලුම් මලක් පුදා පුතුන් පන්සියයක් පැතුවාය. ඒ මොහොතෙහි ම පන්සියයක් මුව වැද්දෝ මී හා මස් පුදා ඇයට පුතුන් වන්නෙමුයි පැතූහ. දිවි ඇතිතෙක් සිට දෙව්ලොව උපන්නී එයින් චුතව ස්වයං ජාත විලෙහි පද්ම ගර්භයක උපන්නීය. තවුසෙක් ඇය දැක පෝෂණය කළේය. ඇය ඇවිදින කල්හි පය තබන තබන තැනින් පියුම් නැගෙත්. වනයේ හැසිරෙන්නෙක් ඇය දැක බරණැස් රජුට දැන්වීය. රජු ඇය ගෙන්වාගෙන අගමෙහෙසිය කළේය. ඇයට ගැබක් පිහිටියේය. මහාපදුම කුමාර තෙමේ මව්කුසෙහි වාසය කළේය. සෙස්සෝ ගැබ්මල ඇසුරුකොට උපන්නාහ. ඔවුහු වැඩිවියට පත්වූවාහු උයනේ විලේ ක්රීඩා කරන්නාහු එක එක නෙලුමක හිඳ අනිත්යතාව සිහිකොට පසේබුදු බව අවබෝධ කළහ. මේ ඔවුන්ගේ ප්රකාශනයයි.
නිරන්තරයෙන් බඹර සමූහයා විසින් ඇසුරු කරන ලද විලෙහි පිපුණු පියුමක හිඳ අනිත්යතාව දැන මැනවින් සිහිකොට කඟවේනෙකු මෙන් තනිව ම සැරිසරයි.
එකල්හි ඔවුහු එහි වාසය කළාහුය. එකල්හි මේ පර්වතයට ඉසිගිලි යන නම ඇති විය.
යෙ සත්තසාරාති අරිට්ය. උපරිට්ඨ, තගරසිඛී, යසස්සී, සුදස්සන, පියදස්සී, ගන්ධාර, පිණ්ඩෝල, උපාසභ, නීථ, තථ, සුතවා, භාවිතත යන තෙළෙස් පසේබුදුවරයන් වහන්සේලාගේ නම් කියා ගාථා බන්ධනයකින් ඔවුන්ගේත් අන්යයන්ගේත් නම් ප්රකාශ කරන්නේ යෙ සන්තසාරාති ආදියෙන් කීහ. එහි සත්තසාරාති සත්ත්වයන් අතුරෙන් සාරවත් වූ යන අදහසයි. අනීඝාති දුක් නැති නිරාසාති තෘෂ්ණාවන් නැති
ද්වෙ ජාලිනොති කුඩාජාලිය මහාජාලිය යැයි දෙදෙනෙකුගේ නම් ය. සත්තචිත්තොති මෙය ද එක් අයෙකුගේ නමකි. පස්සී ජහී උපධිං දුක්ඛමූලන්ති මෙහි පස්සි නම් ඒ පසේබුදුරදුන් දුකට කාරණා වූ කෙලෙස් හළේය යන මෙය ස්තූති සඳහාය. අපරාජිතොපි එක් අයෙකුගේ නමකි.