ඡබ්බිසොධන සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතන්ති ජබ්බිසෝධන සූත්‍රය මා විසින් මෙසේ අසන ලදි යන්නයි. එහි ඛීණාජාතීති එක පදයකින් රහත්බව ප්‍රකාශ කරන ලද්දේ වෙයි. දෙපදයෙන් මෙහි අදහස දක්වයි. සතර පදයකින් රහත් බව පවසයි. දිට්ඨෙ දිට්ඨවාදිතාති යම් චේතනාවකින් දක්නා ලද්ද දක්නා ලද්දක් සේ කියයි ද එය දක්නා ලද්දෙහි දක්නා ලද බව කීම නමි. ඉතිරි පද ද මේ ක්‍රමයෙන් ම වේ. අයමනුධම්මොති මෙය ස්වභාවයයි. අභිනන්දිතබ්බන්ති හුදෙක් සතුට පමණක් නොවේ. මොහු පිරිනිවන් පෑ කල්හි රහතන්වහන්සේ නමකට දැක්විය යුතු සියළු සත්කාර කළ යුතුයි. උත්තරිං පඤ්හොති ඉදින් පැවසීමෙන් නොසතුටු සිත් ඇත්තෝ වෙව්. මත්තෙහි ද මේ ප්රශ්නය ඇසිය යුත්තේ යැයි දත යුතුයි. මෙයින් අන්‍ය වූ වාර පිළිබඳව ද මේ ක්‍රමයමයි.
අබලන්ති දුර්වල විරාගන්ති නොඇලීම් ස්වභාවය අනස්සාසිකන්ති ආශ්වාද රහිත උපායුපාදානාති තෘෂ්ණා දෘෂ්ටි දෙකට මෙය තවත් නමකි. තෘෂ්ණා දෘෂ්ටීහු ත්‍රෛභූමික ධර්මයන් කරා පමුණුවත් යනු උපායා නමි. ඒවා දැඩිකොට ගන්නේ උපාදානා නමි. චෙතසො අදිට්ඨාභි නිවෙසානුසයාති මෙයටම නමකි. සිත වනාහි තෘෂ්ණා දෘෂ්ටීන්ගෙන් ස්වකීය ධර්මයන්හි ඇලී සිටියි. තෘෂ්ණා දෘෂ්ටි දෙක සිතින් බැඳී පවතියි. ඒවා කරනකොටගෙන වෙසෙනුයේ අභිනිවෙසා නමි. ඒවා කරනකොටගෙනම අනුශයනය කෙරෙනුයේ අනුසයාති නමියි කියන ලදි. ඛයාවිරාගාති ක්ෂයවීමෙන් හා නොඇලීමෙන් යන තේරුමයි. මේ සියල්ල එකිනෙකට පර්යාය පදයි.
පඨවිධාතූති පිහිටීමේ ධාතුවයි. ආපොධාතූති ආබන්ධන ධාතුවයි. තෙජොධාතූති පරිපාචන ධාතුවයි. වායොධාතූති විත්ථම්භන (ආධාර කිරීම) ධාතුවයි. ආකාසධාතු අසම්පුට්ඨ ධාතුවයි. විඤ්ඤාණධාතු විජානන (අවබෝධ) ධාතුවයි. අනත්තතො උපගච්ඡින්ති මම ආත්මය වෙමියි ආත්ම කොටස් බවට නොඑළඹියෙමි.
න ච පඨවිධාතුනිස්සිතන්ති පෘථිවි ධාතුව නිශ්රිත සෙසු ධාතූහු උපාදා රූපයන් ද අරූපයෝ ද අරූපස්කන්ධ ද ඔවුන් විසින් ඇසුරු කරන ලද වස්තු රූපයන්ගේ පෘථිවි ධාතු නිශ්රිත බැවින් එක් ක්‍රමයකින් එසේ කියන ලදි. එහෙයින් පෘථිවි ධාතු නිශ්රිත නොවේ යැයි කියන්නහු අනෙත් රූපාරූප ධර්මවල ද තමාගේ නොඑළඹීම කියයි. ආකාස ධාතුව ඇසුරු කළ පදයෙහි අවිනිර්භෝග වශයෙන් සියළු භූත උපාදාය රූප ආකාස ධාතුව ඇසුරු කළ පදයෙහි අවිනිර්භෝග වශයෙන් සියළු භූත උපාදාය රූප ආකාස ධාතු නිශ්රිත නම් වේ. එසේම එය ඇසුරු කළ රූපවස්තු ද අරූප කඳු ද මෙසේ මෙහි ද රූප අරූප භේදය ගන්නා ලද්දේ ම වෙයි. විඥාන ධාතු ඇසුරු කරන ලද පදයෙහි සහජාත ස්කන්ධ තුන ද චිත්ත සමුට්ඨාන රූපය ද විඥානධාතු නිශ්රිත නමින් රූප අරූප භේදය ගන්නා ලද්දේ ම වෙයි.
රූපෙ චක්ඛුවිඤ්ඤාණෙ චක්ඛු විඤ්ඤාණවිඤ්ඤාතබ්බෙසු ධම්මෙසුති මෙහි පසුගිය යමක් චක්ෂුද්වාර හමුවට පැමිණ නිරුද්ධ වෙයි ද යමක් අනාගතයෙහි චක්ෂුද්වාර හමුවට පැමිණ විනාශ වෙයි ද යමක් දැන් චක්ෂුද්වාර හමුවට පැමිණ විනාශ වෙයි ද ඒ සියල්ල රූප නම් වේ. යමක් වනාහි අතීතයෙහි හෝ අනාගතයෙහි හෝ වර්තමානයෙහි හෝ චක්ෂුද්වාර හමුවට නොපැමිණ නිරුද්ධ වෙයි ද එය චක්ෂුර්විඥානයෙන් ම දැනගත යුතු වූ ධර්මයන් අතුරෙහි සංග්‍රහ වෙතියි කී කළ ත්‍රිපිටක චූල අභය තෙරුන් වහන්සේ කීහ. මෙබඳු තැනක දී දෙපරිද්දකින් කරව්. ජන්නෝවාදයෙන් මත්තෙහි කුමක් කරහු ද? මෙය මෙසේ නො ලැබෙයි. එහෙයින් තුන් කල්හි ඇස් හමුවට පැමිණියා වූ හෝ නොපැමිණියා වූ හෝ ඒ සියල්ල රූප ම වේ. චක්ෂුර්විඥානය සම්ප්‍රයුක්ත ස්කන්ධ තුන ම චක්ඛුවිඤ්ඤාණවිඤ්ඤාතබ්බ ධර්මයන් හැටියට දත යුතුයි. මේ මෙහි තේරුමයි. ඡන්දොති තෘෂ්ණා ඡන්දයයි. රාගොති තෙමේම ඇලීම් වශයෙන් රාගයයි. නන්දීති තමා කෙරෙහි ම සතුටුවීම් වශයෙන් නන්දයයි. තණ්හාති තමා කෙරෙහි ම තෘෂ්ණා කිරීම් වශයෙන් තණ්හාවයි. සෙසු ද්වාරයන්හි ද මේ ක්‍රමයමයි.