සුභ සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතං යනු සුභ සුත්‍රයයි. එහි තොදෙය්‍යපුත්තො යනු තුදි ගම්වැසි තොදෙය්‍ය බ්‍රාහ්මණයාගේ පුත්‍රයාය. ආරාධකො හොති සම්පාදකයෙක්ද පරිපූරකයෙක්ද වෙයි. ඤායං ධම්මං කාරණය ධර්මය කුසලං නිවැරදි
මිච්ඡාපටිපත්තිං අනෛර්යානික අකුසල ප්‍රතිපදාව සම්මා පටිපත්තිං නෛර්යානික කුසල ප්‍රතිපදාව
මහට්ඨං ආදී තන්හි බොහෝ වතාවත් කරන්නවුන් විසින් හෝ උපකරණ වලින් හෝ අර්ථයක් මෙහි ඇත්නුය මහට්ඨං මහත් වූ නම් තැබීම් මගුල් ආදී කටයුතු මෙහි ඇත්නුයි මහාකිඩ්ඪං මෙය අද කළයුතුය. මෙය හෙට කළයුතුයයි මෙසේ මහත් වූ නියම කිරීම් සංඛ්‍යාත අධිකරණ මෙහි ඇත්නුයි මහාධිකරණං බොහෝ දෙනකුගේ කාර්ය යන්හි යෙදවීම් වශයෙන් පීඩා සංඛ්‍යාත කාර්ය මෙහි ඇත්නුයි මහාසමාරම්හං ඝරාවාස කම්මට්ඨානං යනු ගෘහවාස කටයුතු මෙසේ සියලු වාරයන්හි අර්ථය දතයුතුය. මෙහි කෘෂිකර්මයෙහි නගුල්හිස් ආදි කොට ඇති උපකරණ සෙවීම් වශයෙන් මහත්බව වෙළඳාම සඳහා තිබුණු අයුරින්ම භාණ්ඩ ගෙන පරිවර්තන වශයෙන් අල්පස්ථ බව දත යුතුය. විපජ්ජමානං වැසිනැතිකල සහ වැඩි වැසි ඇතිකල කෘෂිකර්මයද, මැණික් රන් ආදීයෙහි අදක්ෂකම් ආදියෙන්ද වාණිජ්‍ය කර්මය අල්ප ඵල ඇතිවෙයි. මුදල් නාස්තියටද පත්වෙයි. වෙනස් කිරීම් වලින් චුල්ල අන්තේවාසිකයට මෙන් උපදින මහත්ඵල
එවමෙව ඛො යම්සේ කෘෂිකර්මය අසාර්ථක වනවිට අල්ප ඵල වේද, එසේම ගෘහවාස කර්මය අල්පඵල ඇත්තේ වෙයි. යහපත් දෙයක් නොකරන ලද තැනැත්තේ කලුරිය කොට නිරයෙහි උපදියි. මහා දත්ත සේනාපති නමැත්තා බ්‍රාහ්මණ භක්තිකයෙක් විය. ඔහු මියයන අවස්ථාවෙහි නිරය එළඹ සිටියේය. හෙතෙමේ බ්‍රාහ්මණයන් විසින් කුමක් බලාදැයි විචාරන ලද්දේ ලේගෙයක් යැයි කීය. පින්වත ඒ බ්‍රහ්ම ලෝකයයි. පින්වත බ්‍රහ්ම ලෝකය කොහිද උඩය, මට යට එළඹ සිටියේය. සමහර ඒවා යටින් එළඹසිටී. සමහර ඒවා උඩින් උඩින්යයි කලුරිය කොට නිරයෙහි උපන්නේය. මෙයින් අපගේ යුගයෙහි දෝෂයක් දෙනලද්දේයයි දහසක්දී ඉවත් කිරිමට දුන්හ. ඇතිවන ඵලය මහත්ය. කරන ලද යහපත් කටයුතු ඇත්තේ කලුරිය කොට ස්වර්ගයෙහි උපදී. සියල්ල ගුත්තිල විමාන කථාවෙන් දැක්විය යුතුය. යම්සේ වාණිජ්‍ය කර්මය වෙනස් වන විට අල්පඵල ඇත්තේ වේද එසේම සීලය සම්පූර්ණ නොකරන්නාවු නොහොබිනා දෙයෙහි යුක්ත පුද්ගලයාට පැවිදි කිසද මෙබඳුම වේ. ධ්‍යානාදී සැප හෝ ස්වර්ගමෝක්ෂ සම්පත් හෝ නො ලැබෙයි. ඇතිවන ඵලය මහත්ය. සිල් පුරා විදර්ශනා වඩනේ රහත්බවටද පැමිණෙයි.
බ්‍රාහ්මණා භො ගොතම මෙහිදී කුමක් අසන්නෙම්දැයි අසයි. බමුණෝ මෙසේ කියති. පැවිද්දා මේ පංච ධර්ම පුරන්ට සමර්ථ නොවේ. ගිහියාද පුරයි. ශ්‍රමණ ගෞතම තෙමේ මානවය මම ගිහියාගේද පැවිද්දාගේද වෙමියි පුන පුනා කියයි. පැවිද්දා පමණක් නොමිදෙයි. මා ඇසුවිට නොසලකතියි හඟිමියි සිතා ගැල් මාතෘකාවෙන් අසමියි අසයි. සචෙතෙ අගරු ඉදින් ඔබට බමුණන් පනවන්නාක් මෙන් මෙහිදී කථාකිරීම බරක් නොවේද, කිසියම් අපහසුවක් නොවේද එසේ කියනු මැනවි යන අර්ථයි. නඛොමෙ හොති කුමක් සඳහා කීවේද? පණ්ඩිත ප්‍රතිරූපකයන් ඉදිරියෙහි කථාකිරීම දුකක් වෙයි. ඔවුහු පදයක් පදයක් පාසා අකුරක් අකුරක් පාසා දොස්ම කියති. නියම පණ්ඩිතයෝ කථාව අසාසිට හොඳින් කියූ දෙය පවසති. වැරදි ලෙස කියූවිට පාළිපද අර්ථ ව්‍යඤ්ජනයන්හි යම් යම් දෙයකට විරුද්ධ වේද ඒ ඒ දෙය පැහැදිලි කර දෙති. භාග්‍යවතුන් වහන්සේ සමාන නියම පණ්ඩිතයෙක් නම් නැත. එහෙයින් කීය. නඛොවෙ භො ගොතම ගරු යත්‍ථස්සු භවන්තො වා නිසින්නා භවන්ත රූපවා යනුවෙන්. සච්චං වචීසත්‍යය. තපං තපස් චර්යාව, බ්‍රහ්මචරියං මෛථුන විරතිය, අජ්ඣෙනං මන්ත්‍ර ඉගෙනීම චාගං ආමිෂ පරිත්‍යාගය