බ්රාහ්මණ වර්ගය
බ්රහ්මායු සූත්ර වර්ණනාව
එවම්මෙසුතං යනු බ්රහ්මායු සූත්රයයි. එහි මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං මහතා යනු ගුණමහත්වයෙන්ද මහත්වූ සංඛ්යා මහත්වයෙන්ද මහත්වූ ඒ භික්ෂු සංඝයා ගුණයෙන්ද මහාවිය. අල්පේච්ඡතාදී ගුණයෙන් යුක්තවූ බැවින් සංඛ්යාවෙන්ද මහාවිය. පන්සියයක් වූ බැවින් භික්ෂූන්ගේ සංඝයෙන් භික්ඛු සංඝෙන දිට්ඨිසීල සාමඤ්ඤසංසාත සංඛ්යාත ශ්රමණ ගුණයෙන් යන අර්ථයි. සද්ධිං එකතුව, පඤ්ච මත්තෙහි භික්ඛුසතෙහි පංචමාත්රය ඔවුන්ගේනුයි පංචමත්තානි. මත්තායනු ප්රමාණයයි කියනු ලැබේ. ඒනිසා භොජනෙ මත්තඤ්ඤුයයි කියු කල්හි භෝජනයෙහි මාත්රය දනියි. ප්රමාණය දනියි යන අර්ථයි. මෙසේ මෙහිද ඒ සියයක් භික්ෂුන්ගේ පංචමාත්රය පංච ප්රමාණයැයි එම අර්ථය දතයුතුය. භික්ෂුන්ගේ සියගණන භික්ඛුසතානි ඒ පන්සියයක් පමණ භික්ෂුන් සමග
වීසං වස්ස සතිකො විස්සක් අධික වස් සියයක්. තීණ්ණං වෙදානං සෘග්වේද යජුර්වේද සාමවේද යන්ගේ තොල්හි ගෑවෙන කරුණු වශයෙන් පරතෙරට ගියේනුයි පාරගු නිඝණ්ඩු කෙටුහ සහිත සනිඝණ්ඩු කෙටුභානං. නිඝණ්ඩුයනු නාම නිඝණ්ඩුය. රුක් ආදීන්ගේ විවිධ වචන ප්රකාශ කරන ශාස්ත්රය අක්ෂර ප්රභේද සමගවූ සාක්ඛරප්පභෙදානං අක්ඛරප්පභේද යනු ශික්ෂාව සහ නිරුක්තිය. ඉතිහාස පඤ්චමානං යනු අථර්ව වේදය සිව්වැනි කොට මෙසේ මෙහි වීය, මෙසේ මෙහි වී යැයි එබඳු වචන ප්රතිසංයුක්ත පුරාණ කථා සංඛ්යාතවූ ඉතිහාසය පස්වැනි වූයේ මොවුන්ටනුයි ඉතිහාසපඤ්චමා එයද පදයද එයින් අවශේෂ වූවද ව්යාකරණ අධ්යයනය කෙරේ දන්වානුයි පදකො වෙය්යාකරණෙ, ලෝකායතං විතණ්ඩවාදශාස්ත්රය මහාපුරිසලක්ඛණං මහාපුරුෂ බුද්ධාදීන්ගේ ලක්ෂණ පෙන්වන දොළොස් දහසක් පමණ ග්රන්ථ ඇති ශාස්ත්රය. යම් තැනක සොළොස් දහයක් පමණ ගාථාපද බුද්ධමන්ත්ර නම්විය. ඒ වශයෙන් මේ ලක්ෂණයෙන් යුත් බුදුවරු නම් වෙති. මෙයින් පසේ බුදු. අගසව්වෝ, අසුමහා ශ්රාවකයෝ. බුද්ධ මාතා, බුද්ධපිතා. අග්රඋපස්ථායක, අග්රඋපස්ථායිකා. චක්රවර්ති යන මේ විශේෂය දනී. අන්වයො මේ ලෝකායත මහාපුරුෂ ලක්ෂණයන්හි නොඅඩුව පිරිපුන් කරන. අව්ය නොවේනුයි කියන ලද්දේ වෙයි. අව්යනම් යමෙක් ඒවා අර්ථවශයෙන්ද ග්රන්ථ වශයෙන්ද ආරක්ෂා කරන්ට නොහැකි වෙත් අස්සොසිඛො ආදිතන්හි යමක් කිවයුතු වන්නේ නම් එය සාලෙය්යක සූත්රයෙහි කියන ලද්දේමය.
අයංතාතා තමා මහලු බැවින් යාමට නොහැකි වන්නේ තරුණයා අමතා මෙසේකීය. එසේවුවත් මේ බ්රාහ්මණයා මෙසේ සිතීය. මේ ලෝකයෙහි මම බුදුවෙමියි නැගුණහුගේ නම ගෙන බොහෝ දෙන හැසිරෙති. ඒනිසා ඇසීම් මාත්රයෙන්ම එළඹෙන්නට යුතු නැත. එපැත්තකින් එළඹෙන්නහුගේ ඉවත්වීමද ගෞරවනීය වෙයි. අනර්ථයක්ද ඇතිවේ. අතවැසියකු යවා බුදුන්ද නැද්දැයි දැනගෙන එළඹෙන්නෙමි නම් යෙහෙකි. ඒ නිසා තරුණයා අමතා අයං තාතා ආදිය කීය. තං භගවත්තං ඒ භාග්යවතුන් වහන්සේගේ, සන්තං යන්නම සතො යනුවෙන් වෙයි. මෙය ඉත්ථමභූත ආඛ්යාත අර්ථයෙහි දුතියා විභක්ති වචනයි. යථාකථම්ප නාහං හොති මෙහි හොතං, භාග්යවත් ගෞතමයන් මම දැන ගන්නේ කෙසේද, දැනගන්ට ඔහුට හැකිනම් මට කියන්න යන අර්ථයි. යථාතිවා නිපාත මාත්රයක්මය. කථං යනු ආකාර විමසීමයි. කුමන ආකාරයකින් මම භවත් ගෞතමයන් දැනගන්නෙම්ද යන අර්ථයි.
මෙසේ කල්හි උපාධ්යායන් වහන්සේ ඔහුට දරුව ඔබ පෘථිවියෙහි සිටිමින් පෘථිවිය නොදකිමියි කියන්නාක් මෙන්, චන්දාසූරියන් බබලමින් සිටින විට චන්ද්රසුරියන් නොදකිමියි කියන්නාක්මෙන් කතා කරතියි ආදිය කියා දන්නා ආකාරයක් පෙන්වන්නේ ආගතානි ඛො තාතා ආදිය කීය. එහි මන්තෙසු වේදයන්හි, තථාගතයන් වහන්සේ උපදින සේකයි පළමුකොටම සුද්ධාවාස දෙවියෝ වේදයන්හි ලක්ෂණ බහා මේවා බුද්ධ මන්ත්රයයි බමුණු වෙසින් වේදයන් කියවත් ඒ අනුසාරයෙන් මහේශාඛ්ය සත්වයෝ තථාගතයන් වහන්සේ දැන ගන්නාහුයැයි පෙර වේදයන්හි මහා පුරුෂලක්ෂණ තිබුණේය. තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි අනුක්රමයෙන් අතුරුදහන්වෙයි. ඒ නිසා දැන් ඇත. මහාපුරිසස්ස ප්රණිධිසමාදානඥාන, කරුණාදී ගුණමහත්වයක් ඇති පුරුෂයාට, ගති දෙකකි. නිෂ්ඨ දෙකකි. ගති ශබ්දය කාමයද වේ. සාරිපුත්ත ගති පසකි ආදීතන්හි භවභේදයෙහි පවතී. මුවන්ගේ ගතිය මහවනයයි ආදිතැන්වල නිවාසස්ථානයයි. මෙසේ අධිමත්ත ගතිමන්තො ආදී තැන්වල ප්රඥාවෙහි පවතී. ගතිගතං ආදී තන්හි පැතිරුණු බවෙහි මෙහි නිෂ්ඨාවෙහි පවතීනුයි දතයුතුය. එහි යම් දෙයකින් යුත් තැනැත්තේ රජ වේද එයින්ම බුද්ධ වේ ජාති ආදීතන්හි පැතිරුණු බවෙහි. මෙහි නිෂ්ඨාවෙහි පවතීනුයි දතයුතුය. එහි යම් දෙයකින් යුත් තැනැත්තේ රජ වේද එයින්ම බුද්ධ වේ. ජාති සමානතාවෙන් ඒවාම ඒවාම වෙතියි කියනු ලැබේ. එහෙයින් කියන ලදී. යෙහි සමන්නාගතස්ස යනුවෙන් සචෙ අගාරං අජ්ඣාවසති ඉදින් ගිහිගෙහි වසයිනම් සක්විති රජවෙයි. සතර ආශ්චර්ය ධර්මයන්ගෙන් හා සිව්සඟරා වතින්ද ලෝකය රංජනය කරන බැවින් රාජ නම්වේ. චක්රරත්නය පවත්වයි. සතර සම්පත් චක්රයෙන් පවත්වයි මේවායින්ද අනුන් කෙරෙහි පවත්වයි යනුයි චක්රවර්ති වේ. අනුන්ගේ හිත පිණිස ඉරියව් චක්රවත් ඔහු කෙරෙහි ඇත්හුයි චක්රවර්ති නමි. මෙහි රාජා යනු සාමාන්ය යෙදුමයි. චක්රවර්තී යනු විශේෂණයයි. දැහැමින් හැසිරේනුයි ධම්මිකො න්යායයෙන් සෙමෙන් පවතීයන අර්ථයි. ධර්මයෙන් රාජ්යය ලබා රජවීහුයි ධම්මරාජා අනුන්ට හිතවත් දහම් කිරීමෙන් හෝ ධම්මිකො නමි තමාට හිතවත් කරුණු සිදුකිරීමෙන් හෝ ධම්මරාජා නමි. දිශා හතරට ප්රධානීනුයි චාතුරන්ත නමි. සිව්දින සිව් සමුදුරු අන්ත කොට ඇති චතුර්විධවූ දිවයින් අලංකාර කරන ලද හෙයින්ද පෘථුවියට ප්රධානී යන අරථයි. ඇතුළත කෝප ආදී සතුරන්ද පිටත සියලු රජුන්ද ජයගත්තේනුයි විජිතාවී ජනපදත්ථාවරිප්පන්තො ඡනපදයන්හි ස්ථාවරභාවයට පත් කා විසින් හෝ දිනිය නොහැකිය. ජනපදයෙහි ස්ථාවර භාවයට පැමිණි, උත්සුක නොවූ. ස්වකීය කාර්යයන්හි නිරත, නොසැලෙන, කම්පාවට පත් නොවන බැවින් ජනපදත්ථා වරියප්පත්තො නමි. සෙය්යථිදං නිපාතයකි. ඒවා මොනවාද යන අර්ථයි. චක්කරතනං ආදී තන්හි චක්රයද රතිජනන අර්ථයෙන් රතන ද චක්ක රතනං සියලු තන්හි මේ ක්රමයයි.