සඞ්ගාරව සූත්ර වර්ණනාව
එවම්මෙසුතං යනු සඞ්ගාරව සූත්රයයි. එහි මණ්ඩල කප්පෙ යනු එනම් ඇති කුඩාගමෙහි අභිප්පසන්නා නොසැලෙන ප්රසාද වශයෙන් පහන්වූ අවනාහි භාරද්වාජ ගෝත්රයෙහි බ්රාහ්මණයාගේ බිරිය වූ සෝවාන් වූ ආර්ය ශ්රාවිකාවකි. ඒ බ්රාහ්මණයා පෙරදි කලින්කල බමුණන්ට ආරාධනා කොට ඔවුන්ට සත්කාර කරයි. මේ බැමිණිය ගෙදරට ගෙනවුත්, මහකුලයක රූමත් බැමිණියගේ සිත් කෝපගන්වන්ට නොහැකි වන්නේ බමුණන්ට සත්කාර කිරිමට නොහැකි විය. ඉක්බිති බමුණේ දුටු දුටු තැන තී දැන් බ්රාහ්මණ ලබ්ධියකු තැනැත්තියක් නොවෙහිය. එක් දවසක් වත් බමුණන්ට සත්කාර නොකරන්නෙහියයි පීඩා ඇතිකරත්. හෙතෙමේ ගෙට අවුත් බැමිණියට ඒ බව දන්වා ඉදින් පින්වතිය එක් දවසක් කට රැකගන්ට හැකි වන්නීනම් බමුණන්ට එක් දවසක් භික්ෂාව දෙන්නෙමියි කීය. බමුණ, ඔබගේ දානය ඔබ කැමති තැනකට දෙන්න. මට මෙයින් වැඩක් නැතැයි කීවාය. හේ බමුණන් අමතා දිය අඩුවෙන් කිරිබත් පිසවා ගෙය අතුගා අසුන් පනවා බමුණා හිඳවීය. බැමිණිය මහසළුවක් හැඳ හැන්ද ගෙන වළඳවන්නී රෙදි කොනක පැටලී බමුණන් වළඳවම් යන හැඟීමක් නොකොට ආසේවන වශයෙන් ශාස්තෲන් වහන්සේම සිහිකොට උදන් ඇනුවාය.
බමුණෝ උදානය අසා මේ බමුණා දෙපැත්තම ගත්තෙකි. ශ්රමණ ගෞතමයන්ගේ මිතුරෙකි. මොහුගේ දානය නොගන්නෙමුයි කෝපවූවාහු බොජුන් ඉවත දමා නික්මගියහ. බමුණා, මම පළමු කොටම මැයව අදටවත් කට රැකගන්නැයි කීවා නේද, මෙපමණක් කිරිත් සහලුත් විනාශ කළායැයි අතිශයින් කෝප වසඟයට පැමිණියේ. මේ වසලියට, අතන මෙතන මුඩු මහණාගේ ගුණ කියයි. දැන් මම මේ වසලිය ඒ ශාස්තෘෘගේ වාදය පටවන්නෙමියි කීය. ඉක්බිති බැමිණිය, යව බමුණ ගොස් ම දැන ගන්නෙහි යයි කියා, බමුණ මම දෙවියන් සහිත ලෝකයෙහි -පෙ- වාදාරෝපණය කළහැක්කෙක් නොදකිමි. හේ ශාස්තෲන් වහන්සේ කරා එළඹ -
කීසු ඣත්වා සුඛං සෙති - කිංසු ඣත්වා න සොචති
කිස්සස්ස එක ධම්මස්ස - වධං රොචෙසි ගොතම
කිස්සස්ස එක ධම්මස්ස - වධං රොචෙසි ගොතම
ගෞතමයනි,
කුමක් නසා සැපසේ හොවීද,
කුමක්නසා සෝක නොකෙරේද
කවර එක් කරුණක
නැසුම ඔබ රුචි කෙරෙහිද?
කුමක් නසා සැපසේ හොවීද,
කුමක්නසා සෝක නොකෙරේද
කවර එක් කරුණක
නැසුම ඔබ රුචි කෙරෙහිද?
ප්රශ්නයක් ඇසීය ශාස්තෲන් වහන්සේ
කොධං ඣත්වා සුඛං සෙති - කොධං ඣත්වා න සොචති
කොධස්ස විසමුලස්ස - මධුරග්ගස්ස බ්රාහ්මණ
වධං අරියා පසංසන්ති - තංහි ඣත්වා න සොචති.
කොධස්ස විසමුලස්ස - මධුරග්ගස්ස බ්රාහ්මණ
වධං අරියා පසංසන්ති - තංහි ඣත්වා න සොචති.
කොව දවා හොවී සැපසේ
කොව දවා සෝක නොකෙරේ.
බමුණ, මුල විස අග මිහිරි
ක්රෝධය,
නැසුම ආර්යයෝ පසසත්
එයම නසා සෝක නොකෙරේ.
කොව දවා සෝක නොකෙරේ.
බමුණ, මුල විස අග මිහිරි
ක්රෝධය,
නැසුම ආර්යයෝ පසසත්
එයම නසා සෝක නොකෙරේ.
පිළිතුරු කීසේක. හෙතෙමේ පැවිදිව රහත්බවට පැමිණියේය. ඔහුගේ කනිටු බෑයා අක්කොසක භාරද්වාජ නම්වේ. මාගේ බෑයා පැවිදි වුයේ යැයි අසා භාග්යවතුන් වහන්සේ කරා එළඹ අක්රෝශ කර භාග්යවතුන් වහන්සේ විසින් හික්මවනු ලැබුයේ පැවිදිව රජබවට පැමිණියේය. ඔහුගේ අතින් කනිටු බෑයා අසුන්දරික භාරද්වාජ නම් හේ තෙමේද භාග්යවතුන් වහන්සේ කරා එළඹ ආක්රෝශ කොට භාග්යවතුන් වහන්සේ විසින් හික්මවනු ලැබුනේ පැවිදිව රහත් බවට පැමිණියේය. ඔහුගේ අනිත් කනිටු බෑයා පිඞ්ගලක භාරද්වාජ නමි. හෙතෙමේද භාග්යවතුන් වහන්සේ කරා එළඹ ප්රශ්නයක් අසා විසඳුම් අවසන පැවිදිව රහත්බවට පැමිණියේය. සඞ්ගාරවො මානවො මේ ඔවුන් සියලු දෙනාට කනිටු බෑයාය. එදවස බමුණන් සමග එක් බත් හලක හුන්නේ අවභූතාච නොවැඩුණාහුය. අමංගලත් වූවාහුය. පරාභූතාච විනාශයට පත්වූවාහුය. විජ්ජමානානං ජීවත්වන්නවුන් අතර සිලපඤ්ඤානං ශීලයද ඥනයද නොදනී.
දිට්ඨධම්මාභිඤ්ඤා වොසාන පාරමිප්පත්තා දිට්ඨ ධම්මෙ මේ ආත්ම භාවයේදීම හොඳින් දැන වොසිතා අවසන් වී පාරමී සංඛ්යාත සියලු ධර්මයන්ගේ පරතෙරට ගියෙමු. නිර්වාණයට පැමිණියෙමුයි කියා ආදිබ්රහ්ම චර්යාව අනුව කරත් යන අර්ථයි. ආදිබ්රහ්ම චරියං බ්රහ්මචර්යාවට මුල්වූවෝ උත්පාදකවූවෝ පියවරුවූවෝ පිළිගනිතියි කියන ලද්දේ වෙයි. තක්කී තර්ක ග්රාහී වීමංසී විමර්ශනය කරන්නා ප්රඥා හැසිරීම්හි හසුරුවා මෙසේ කියන, තෙසාහමස්මි ඒ සම්බුදුවරුන්ගේ මම එක්කෙනෙක් වෙමි.