වාසෙට්ඨ සූත්ර වර්ණනාව
එවම්මෙසුතං යනු වාසෙට්ඨ සුත්රයයි. එහි ඉච්ඡානඞ්ගලවනසණ්ඩෙ ඉචඡානංගල ගමට නුදුරෙහි වනළැහැබෙහි චංකී ආදී පස්දෙන පසෙනදී කොසොල් රජුගේ පුරෝහිතයෝය. අඤ්ඤෙච අභිඤ්ඤතා අන්ය වූ බොහෝ ප්රසිද්ධ බ්රාහ්මණයෝ, ඔවුහු මාස හයකට වරක් දෙතැනක රැස්වෙති. යම් කලෙක ජාතිය පිරිසිදු කිරීමෙහි කැමැත්තෝ වෙත්ද එකල්හි පොක්ඛරසාතීගේ සමීපයෙහි ජාතිය පිරිසිදු කිරීම පිණිස උක්කට්ඨානුවර රැස් වෙති. යම් කලෙක මන්ත්ර පිරිසිදු කරනු කැමැත්තෝ වෙත්ද එකල්හි ඉචඡානංගල ගමෙහි රැස්වෙති. මේ කාලයෙහි මන්ත්රශෝධනය සඳහා එහි රැස්වූහ. අයමන්තරා කථා තමාගේ සහායභාවයට සුදුසුවූ යම්කථාවක් කරන්නේ අනුව හැසිරුණාහ. ඒ කථාව අතරතුර තවත් කතාවක් ඇතිවිය. සීලවා ගුණාවත්. වත්තසම්පන්නො ආචාර සම්පන්න
අනුඤ්ඤත පටිඤ්ඤතා තෙපි හික්මෙවු යයි මෙසේ ගුරුවරුන් විසින් අනුදන්නාලද, එසේය ගුරුතුමනි, භික්මුණෙමුයි මෙසේ තමාද ප්රතිඥාත වූහ. අසම වෙමු. අහං පොක්ඛරසාතිස්සරු තාරුක්ඛස්සායං මානවො මම පොක්ඛරර රසාතිගේ දෙටු අතවැසියාය. අග්රශීෂ්යයාය මොහු තාරුක්ඛගේ අතවැසියායැයි දක්වයි.
තෙවිජ්ජානං ත්රිවේදය දත් බමුණන්ගේ යදක්ඛාතං යමක් අර්ථවශයෙන් ද ව්යඤ්ජන වශයෙන්ද එක් පදයක්වත් කියන ලදී. එහි කෙවලිනො සමසෙ ඒ සියල්ල දන්නා නිසා එහි නිෂ්ඨාවට ගියෝ වෙමුයි යන අර්ථයි. දැන් ඒ කේවලභාවය එළිදරවු කරන්නේ පදකස්මා ආදිය කීය. එහි ජප්පෙ ආවරිය සදිසා කථාකරන ස්ථානයෙහි අපි ගුරුවරයා බඳු වෙමු.
කම්මනා දශකුශලකර්ම පථ කර්මයෙන් මොහු පෙර සප්තවිධවූ කායවචී කර්මය සඳහා යතො ඛො හො සීලවාහොති ආදිය කීය. ත්රිවිධ මනෝ කර්මය සඳහා චිත්ත සම්පන්නො යයිද එයින් යුත් තැනැත්තේ ආචාර සම්පන්න වෙයි. චක්ඛුමා පසැසින් ඇස්ඇති බැවින් භාග්යවතුන් වහන්සේ අමතයි.
බයාතීතං අඩුබව ඉක්මගිය බව පරිපුර්ණය යන අර්ථයි. පෙච්ච එළඹ නමස්සන්ති නමස්කාර කරති.
චක්ඛුං ලොකෙ සමුප්පන්නං අවිද්යාන්ධකාර ලෝකයෙහි ඒ අන්ධකාරය දුරුකර ලෝකයට දිට්ඨ ධම්මික ආදී අර්ථදර්ශනයෙන් ඇසක්වී
මෙසේ වාසට්ඨ විසින් ස්තුතිකොට ඉල්ලාසිටින ලද. භාග්යවතුන් වහන්සේ දෙදෙනාටම සංග්රහ කරනසේක් තෙසං වොහං ව්යක්ඛිස්සන්ති ආදිය කියූ සේක. එහි ව්යක්ඛස්සං ප්රකාශ කරන්නෙමි. අනුපුබ්බං බ්රාහ්මණ චිත්තාව තිබීයේවා තණ රුක් කීට පතඞ්ගයන්ගේ පටන් පිළිවෙළින් කියන්නෙමි යන අර්ථයි. ජාතිවිභඞ්ගං ජාති විස්තරය ජාතිහු අන්යොන්යය ඒ ඒ ප්රාණීන්ගේ ජාතීහු අන්යොන්යව නානාප්රකාරය යන අර්ථයි.
තිණරුක්ඛෙ අනුපාදිණ්ණක ජාතිය කියා පසුව උපාදිණ්ණක ජාතිය කියන්නෙමි. මේ අයුරින් ඔහුට ජාතිභේදය ප්රකට වන්නේයයි මේ දේශනාව ආරම්භ කළ සේක. මහාසීවලි තෙරුන් වහන්සේ ස්වාමීනි. අනුපාදිණ්ණකය බීජ නානාත්වය නිසා නානා ප්රකාර වන්නේද කම්මනානාත්වය නිසා වන්නේද එසේ කියන්ට නොවටී දැයි විචාරන ලද සේක් එසේය නොවටී කර්මයම නාහි සම්භවයෙහි දමයි. සම්භවයෙන් හටගත් මේ සත්වයෝ නානාවර්ණ ඇත්තෝ වෙති. තිණරුක්ඛෙ යනු මෙහි ඇතුළත ඵලයයි. පිටත හරයයි. යටත් පිරිසෙයින් තල්පොල් ආදිහු ද තෘණ වෙති. ඇතුළත හරය ඇත්තාහු පිටත ඵලයයි සියල්ලෝ රුක් නම් වෙති. නචාපි පටිජානන්ති අපි තෘණය අපි වෘක්ෂය. නැතහොත් මම තෘණය මල වෘක්ෂයයි කියා නොදනිත්. ලිඞ්ගං ජාතිමයං නොදන්නවුන්ගේද ජාතිමයයයි සටහන් ඇත. තමාගේ මූලභූත වූ තෘණ සමානම වෙයි. කුමක් නිසාදයත් ජාතිහු අන්යොන්ය වෙති. යම් හෙයකින් තෘණ ජාතිය අනිකකි. වෘක්ෂජාතිය අනිකකි. තෘණ අතරද තාල ජාතිය අන්යය. නාළිකෙර ජාතිය අන්යය මෙසේ විස්තර කළ යුතුය. මෙයින් මෙය දක්වයි. යමක් ජාති වශයෙන් නානා ප්රකාර වේද, එය තමාට ප්රතිඥාවක්ද අන්යයන්ට උපදේශයක්ද නුවුවත් අන්යජාතිකයා විශේෂයෙන් ගැනේ. ඉදින් ජාතියෙන් බ්රාහ්මණයකු වන්නේ නම් හෙතෙමේද තමාට ප්රතිඥාවක්ද අන්යයන්ට උපදේශයක් මිස ක්ෂත්රිය වශයෙන් වෛශ්ය වශයෙන් ශුද්රවශයෙන් විශේෂයෙන් ගැනේ. ඒනිසා ජාතියෙන් බමුණෙක් නොවේ. පරතොපන යථා එතාය ජාතිසු යන ගාථාවෙන් මේ අර්ථය වචනභේදයෙන්ම හෙළිකරන්නේය.