ධනඤ්ජානි සූත්ර වර්ණනාව
එවම්මෙසුතං යනු ධානඤ්ජානි සුත්රයයි. එහි දක්ඛිණාහිරිස්මිං යනු ගිරී යනු පර්වතයයි. රජගහනුවර වටකොට සිටි පර්වතයෙහි දකුණු දිග්භාගයෙහි ඇති ජනපදයෙහි මේ නමයි. තණ්ඩුලපාලද්වාරායං රජගහනුවර මහදොර තිස් දෙකක්ද, කුඩා දොර හැටහතරක්ද විය. ඉන් එකක් තණ්ඩුලපල්ලදොර නමි ඒ සඳහා මෙය කියන ලදී. රාජානං නිස්සාය යව, මිනිසුන් නොපෙළා දහසින් කොටස ගනුවයි රජුවිසින් යවන ලද්දේ ගොස් සියලු අස්වැන්න ගනී. ස්වාමීනි අප නොනසනු මැනවැයි කීකල්හිද රජගෙදර බදු මඳය. මම රජු පැමිණෙන කල්හිම මෙසේ අණ ලැබුවෙමි. නොහඩවු මෙසේ රජුන්නිසා බමුණු ගෘහපතියන් සූරා කයි. ධාන්ය බොහොමයක් තමාගේ ගෙට යවා සුළු ප්රමාණයක් රජගෙදරට යවයි. කිමෙක්ද බමුණ ගෘහපතියන්ට පීඩාවක් නොකළේදැයි කියන ලද්දේ, එසේය මහරජතුමනි, මේ කන්නයෙහි කුඹුරුවල අස්වැන්න අඩුය. ඒනිසා නොපෙළා ගැනීමෙන් බොහෝවක් නැත. මෙසේ බමුණු ගෘහපතියන් නිසා රජුන් සුරකයි.
පයො පීය්යතෙ උණුකිරිදහර පානය කරාවා තාව භත්තස්ස කිරිබී හිඳින විටම බතට කල්වන්නේය. අපගේ උදේ ආහාරය ගෙන එන්නාහු යැයි දක්වයි. මව්පිය ආදීන් අතර මහලු මව්පියෝ මෘදු ඇතිරිලි, පොරෝනා, සියුම් වස්ත්ර මිහිරි බොජුන් සුවඳ මල්දම් ආදිය සොයා පෝෂණය කළයුත්තෝය. දූ දරුවන්ට නම් තබන මඟුල් ආදී සියලු කටයුතු කරන්නහු විසින් අඹුදරුවෝ පෝෂණය කළයුත්තෝය. මෙසේ නොකරන විට අවමානයක් ඇතිවෙයි මේ ක්රමයෙන් අර්ථය දතයුතුය.
අධම්මචාරී පංච දුශ්චරිත කර්ම හෝ දශ දුස්සීල කර්ම හෝ මෙහි අධම්ම නම් උපකඩ්ඩෙය්යුං පංචවිධ වධබන්ධන ආදී කර්ම කිරීම පිණිස ඒ ඒ නිරය වෙන්කෙරේ.
ධම්මචාරී ධාර්මික කෘෂි වාණිජ්ය ආදී කර්මාන්ත කරන පටික්කමන්ති බැස නොයත් නොපිරිහෙත්. අභික්කමන්ති පැතිරෙත් වැඩෙත්. සෙය්යො වඩා උතුම්ය. හීනෙ නිහීන ළාමක. කාලකතො සාරි පුත්තාවා මෙය භාග්යවතුන් වහන්සේ එහි ගොස් ඔහුට දේශනා කරනු මැනවැයි යන අදහසින් තෙරුන්ට කීසේක. තෙරුන් වහන්සේද ඒකෙණෙහිම ගොස් මහා බ්රහ්මයාට ධර්මය දේශනාකරති. එතැන් පටන් සිව්පද ගාථාවක් කියන්නේ නමුදු චතුස්සත්යය විමුක්තවූ දෙය නොකීහ.
සත්වැනි ධානඤ්ජානි සූත්රයයි.
වාසෙට්ඨ සූත්ර වර්ණනාව
එවම්මෙසුතං යනු වාසෙට්ඨ සුත්රයයි. එහි ඉච්ඡානඞ්ගලවනසණ්ඩෙ ඉචඡානංගල ගමට නුදුරෙහි වනළැහැබෙහි චංකී ආදී පස්දෙන පසෙනදී කොසොල් රජුගේ පුරෝහිතයෝය. අඤ්ඤෙච අභිඤ්ඤතා අන්ය වූ බොහෝ ප්රසිද්ධ බ්රාහ්මණයෝ, ඔවුහු මාස හයකට වරක් දෙතැනක රැස්වෙති. යම් කලෙක ජාතිය පිරිසිදු කිරීමෙහි කැමැත්තෝ වෙත්ද එකල්හි පොක්ඛරසාතීගේ සමීපයෙහි ජාතිය පිරිසිදු කිරීම පිණිස උක්කට්ඨානුවර රැස් වෙති. යම් කලෙක මන්ත්ර පිරිසිදු කරනු කැමැත්තෝ වෙත්ද එකල්හි ඉචඡානංගල ගමෙහි රැස්වෙති. මේ කාලයෙහි මන්ත්රශෝධනය සඳහා එහි රැස්වූහ. අයමන්තරා කථා තමාගේ සහායභාවයට සුදුසුවූ යම්කථාවක් කරන්නේ අනුව හැසිරුණාහ. ඒ කථාව අතරතුර තවත් කතාවක් ඇතිවිය. සීලවා ගුණාවත්. වත්තසම්පන්නො ආචාර සම්පන්න
අනුඤ්ඤත පටිඤ්ඤතා තෙපි හික්මෙවු යයි මෙසේ ගුරුවරුන් විසින් අනුදන්නාලද, එසේය ගුරුතුමනි, භික්මුණෙමුයි මෙසේ තමාද ප්රතිඥාත වූහ. අසම වෙමු. අහං පොක්ඛරසාතිස්සරු තාරුක්ඛස්සායං මානවො මම පොක්ඛරර රසාතිගේ දෙටු අතවැසියාය. අග්රශීෂ්යයාය මොහු තාරුක්ඛගේ අතවැසියායැයි දක්වයි.
තෙවිජ්ජානං ත්රිවේදය දත් බමුණන්ගේ යදක්ඛාතං යමක් අර්ථවශයෙන් ද ව්යඤ්ජන වශයෙන්ද එක් පදයක්වත් කියන ලදී. එහි කෙවලිනො සමසෙ ඒ සියල්ල දන්නා නිසා එහි නිෂ්ඨාවට ගියෝ වෙමුයි යන අර්ථයි. දැන් ඒ කේවලභාවය එළිදරවු කරන්නේ පදකස්මා ආදිය කීය. එහි ජප්පෙ ආවරිය සදිසා කථාකරන ස්ථානයෙහි අපි ගුරුවරයා බඳු වෙමු.