ඒසුකාරී සූත්ර වර්ණනාව
එවම්මෙසුතං යනු එසුකාරි සුත්රයයි. එහි බිලංඛලෙග්ගෙය්ය කොටසක් තබා ගන්වත්. මෙයින් ගැල් ධර්මය පෙන්වයි. සාත්තුනායකයා මහා කාන්තාරයට පිළිපන්නේ අතර මඟ ගොනු මළකල්හි මස් ගෙන සියලු සාත්තු වාහකයන්ට මෙය කා මෙපමණ මුදල් දියයුතුයයි කොටසක් තබාගනී. ගවමස් කන්නෝ ද ඇත. නොකන්නෝද ඇත. මුදල්ගෙවීමට හැක්කෝද වෙති. නොහැක්කෝද වෙති. සත්තුනායකයා යම් මිලකින් ගොනා මිලට ගන්නා ලද්දේද එය පියවන තුරු සියලු දෙනාට බලාත්කාරයෙන් කොටසක් දී මුදල් ගනී. මෙය ගැල් ධර්මයනම් මේ අයුරින්ම බමුණෝද ලෝකයාගේ ප්රතිඥාව නොගෙන තමාගේම ස්වභාවයෙන් හැසිරිම් ක්රම සතරක් පනවත් යැයි දක්වන්ට එවමෙවඛො ආදිය කීය. පාපියො අස්ස පවක් වෙයි. සෙය්යො අස්ස යහපතක් වෙයි. නැතහොත් පාපියො යනු පව්කරන්නා, ළාමක ආත්මභාවයක් වෙයි. සෙය්යො ශ්රේෂ්ඨ උත්තම, සෙය්යං සො යහපත, උච්චාකුලිනතා උසස් කුල අති බැවින් යහපත්, පාපියංසො පාපී. උසස් කුල ඇති බැවින් ද ක්ෂත්රිය කුලය හා බ්රාහ්මණ කුලය යන කුලදෙක්හි වැඩෙයි. උදාර ගුණ ඇති බැවින් කුල තුනක වැඩෙයි. වෛශ්යයාද උදාරගුණ ඇත්තෙක් වේ. මහත් භෝග සම්පත් ඇති හෙයින් කුලසතරෙහිද ශුද්රයාද අඩුවශයෙන් චණ්ඩාලයාද මහා භෝග ඇත්තෙක් වේමය.
භික්ඛා චරියං කෝටියක් ධනය ඇති බ්රාහ්මණයා භික්ෂාවෙහි හැසිරිය යුතුය. පැරණි බමුණෝ අසුකෙළක් ධනය ඇත්තෝ වුවද එක් වේලක් භික්ෂාවෙහි හැසිරෙත් කුමක් හෙයින්ද දුප්පත් කල්හි හැසිරෙන්නවුන්ට දැන් හික්ෂාවෙහි හැසිරෙන්ට ආරම්භ කළහයි ගර්හාවක් නොවන්නේය. අතිමඤ්ඤමානො යමෙක් භික්ෂාචාර වංශය හැරදමා ආයුධවිකුණා ජීවත්වන කර්මයෙන් හා වෙළඳාම ආදී කර්මයන්ගෙන් ජීවිකාව කරයිද මෙය අතිමඤ්ඤති නම් වේ. ගොපොවා යම්සේ ආරක්ෂකයා තමාවිසින් රකින ලද භාණ්ඩ සොරකම් කරන්නේ නොකට යුත්තක් කරන්නෙක් වේද එසේ යන අර්ථයි මේ ක්රමයෙන් සියලු වාරයන්හි අර්ථය දතයුතුය. අසිත ව්යාහඞ්ගී තණකොළ කපන දෑකැත්තද කදද. අනුස්සරතො යම් තැනෙක උපන්නෙක් එහි පුරාණයෙහි මව්පියකුලවංශයන් සිහිකරන කල්හි යන අර්ථයි. සෙස්ස සියලු තැන නොගැඹුරුමය.
සවැනි එසුකාරී සුත්රයයි
ධනඤ්ජානි සූත්ර වර්ණනාව
එවම්මෙසුතං යනු ධානඤ්ජානි සුත්රයයි. එහි දක්ඛිණාහිරිස්මිං යනු ගිරී යනු පර්වතයයි. රජගහනුවර වටකොට සිටි පර්වතයෙහි දකුණු දිග්භාගයෙහි ඇති ජනපදයෙහි මේ නමයි. තණ්ඩුලපාලද්වාරායං රජගහනුවර මහදොර තිස් දෙකක්ද, කුඩා දොර හැටහතරක්ද විය. ඉන් එකක් තණ්ඩුලපල්ලදොර නමි ඒ සඳහා මෙය කියන ලදී. රාජානං නිස්සාය යව, මිනිසුන් නොපෙළා දහසින් කොටස ගනුවයි රජුවිසින් යවන ලද්දේ ගොස් සියලු අස්වැන්න ගනී. ස්වාමීනි අප නොනසනු මැනවැයි කීකල්හිද රජගෙදර බදු මඳය. මම රජු පැමිණෙන කල්හිම මෙසේ අණ ලැබුවෙමි. නොහඩවු මෙසේ රජුන්නිසා බමුණු ගෘහපතියන් සූරා කයි. ධාන්ය බොහොමයක් තමාගේ ගෙට යවා සුළු ප්රමාණයක් රජගෙදරට යවයි. කිමෙක්ද බමුණ ගෘහපතියන්ට පීඩාවක් නොකළේදැයි කියන ලද්දේ, එසේය මහරජතුමනි, මේ කන්නයෙහි කුඹුරුවල අස්වැන්න අඩුය. ඒනිසා නොපෙළා ගැනීමෙන් බොහෝවක් නැත. මෙසේ බමුණු ගෘහපතියන් නිසා රජුන් සුරකයි.
පයො පීය්යතෙ උණුකිරිදහර පානය කරාවා තාව භත්තස්ස කිරිබී හිඳින විටම බතට කල්වන්නේය. අපගේ උදේ ආහාරය ගෙන එන්නාහු යැයි දක්වයි. මව්පිය ආදීන් අතර මහලු මව්පියෝ මෘදු ඇතිරිලි, පොරෝනා, සියුම් වස්ත්ර මිහිරි බොජුන් සුවඳ මල්දම් ආදිය සොයා පෝෂණය කළයුත්තෝය. දූ දරුවන්ට නම් තබන මඟුල් ආදී සියලු කටයුතු කරන්නහු විසින් අඹුදරුවෝ පෝෂණය කළයුත්තෝය. මෙසේ නොකරන විට අවමානයක් ඇතිවෙයි මේ ක්රමයෙන් අර්ථය දතයුතුය.