චඞ්කී සූත්ර වර්ණනාව
එවම්මෙසුතං යනු චංකී සූත්රයයි. එහි දෙවවනෙ සාලවනෙ එහි දෙවියන්ට බිලියම් කෙරෙති. ඒ නිසා එයට දේව වන සාලවනයයි කියනු ලැබේ. ඔපසාදං අජ්ඣාවසති ඔපසාද නම් බමුණුගමෙහි වසයි. අභිභවනය කොට වසයි ඔහුගේ ස්වාමීයා වී යම් සීමාවක එහි විසිය යුතු නම් ඒ සීමාවෙහි වසයි. මෙහි උපසර්ග වශයෙන් ආධාර අර්ථයෙහි කර්ම විභක්ති වචනයයි දතයුතුයි. එය නොයෙදෙන බැවින්ම සෙසු පදයන්හි එහි ලක්ෂණ ශබ්දශාස්ත්ර වශයෙන් සොයා බැලිය යුතුය. සත්තුස්සදං සත්ත්වයන්ගෙන් ගැවසුණු. උත්සන්න බොහෝ ජනයා ඇති. මිනිසුන් හෝ ආකීර්ණවූ පෝෂණය කළයුතු ඇත් අස් මොනර මුව ආදි නොයෙක් සතුන්ගෙන් ආකීර්ණවූද යන අර්ථයි. යම් හෙයකින් එගම පිටත නොපෑගී උපන් ඇත් අස් ආදීන් කන තණකොළවලින්ද ගෙවල සෙවිලිකරන තණකොළ වලින්ද යුතුය. එසේම දරකැබලි වලින්ද ගෙවල් ලීබඩු තනන ලීවලින්ද එහි ඇතුළත වටකුරු චතුරස්රාකාර බොහෝ පොකුණු ජලජ පුෂ්පයන්ගෙන් විචිත්රය. පිටත නොයෙක් තඩාංග ජලයෙන් නිතර පිරී පවතී. ඒනිසා සතිණකට්ඨොදකං යයි කියන ලදී.
ධාන්ය සහිත සධඤ්ඤං පෙර අපර ආහාරභේද වූ බොහෝ ධාන්ය සංචිතයක්ය යන අර්ථයි. මේ අයුරින් එගම බ්රාහ්මණයා සෙසත් ඔසවා රජකුගේ ස්වරූපයෙන් වාසය කරයි. ඔහුගේ සමෘද්ධි සම්පත්තිය දක්වන ලද්දේ වෙයි. රජුගෙන් ලද ධනය රාජභොග්ග නමි, කවුරුන් විසින් දෙන ලද ද? පසේනදි කෝසල රජු විසින් දෙන ලද රාජදායං රජුගේ දායාදයක්වූ දෑවැද්ද යන අර්ථයි. බ්රහ්ම දෙය්යං ශ්රේෂ්ඨයන්ට දියයුතු සේසත් ඔසවා රජකුමෙන් අනුභව කළයුතු යන අර්ථයි. නැතහොත් රාජභොග්ගං යනු සියලු මිනීමැරුම් අංග විකල කිරීම් ආදිය පාලනය කරමින් තොටුපළ පර්වත ආදීන්හි අයබදු ගෙන සේසත් පිළිගෙන ඔසවා රජකුවී භුක්ති විඳියයුතු එහි පසේනදි කොසොල් රජුවිසින් දෙන ලද රාජදායං යනු රජු විසින් දෙන ලද බැවින් රාජදායවූ, දායකරජු දැක්වීම පිණිස ඔහුට පසේනදි කොසොල් රජු විසින් දෙන ලද යන අර්ථයි.
බොහෝ බොහෝ වී සමූහ සමූහ වී එක් එක් දිසාවෙහි ඔවුන් සමූහය ඇතැයි සඞ්ඝී, පෙර ගමතුළ සමූහයක් නැත්තෝ පිටතට නික්මගොස් එක්වූවාහු ගණ සම්පන්න වූවාහු ශණිභූතා උතුරින් ඇති දොරටු උත්තර දිසාභිමුඛ ඛත්තං ආමන්තෙසි ඛත්තායනු ඇසු ඇසු ප්රශ්නයට පිළිතුරු දීමෙහි සමර්ථ මහාමාත්රයා. ඔහු ඇමතීය. ආගමන්තු මොහොතක් ගරුකරත්වා හිඳගනිත්වායි කියන ලද්දේවෙයි.
නානා වෙරජ්ජකානං අනික් නානාවිධ කාසිකෝසල ආදී රාජ්යයන්හි උපන්නෝ නිව්සන හෝ එයින් ආවේ යැයි නානා වෙරජ්ජතා. ඔවුන්ගේ කෙනචිදෙව නියම නොකරන ලද යඥයන්ට හිඳගැනීම් වැනි කිසියම් කාර්යයකින් ඔවුහු ඔහුගේ ගමන අසා මෙසේ සිතූහ. මේ උගත් චංකී බමුණා බොහෝ සෙයින් අනික් බමුණෝ ශ්රමණ ගෞතමයන් සරණ ගියාහුය. මොහු නොගියේය. මෙතෙමේ යම් හෙයකින් එහි යන්නේ නම් ඒකාන්තයෙන් ශ්රමණ ගෞතමයන්ගේ ආවර්තන මායාවෙහි දැවටී සරණ යන්නේය. ඉන්පසු මොහුගේ ගෙදරත් බමුණන්ගේ එකතුවීමක් නො වන්නේ ය. මොහුගේ ගමනට අනතුරක් කරන්නෙමු නම් මැනවැයි මන්ත්රණය කොට එහි ගියහ. ඒ සඳහා අථඛොතෙ බ්රාහ්මණා ආදිය කියන ලදී.
තත්ථ උභතො මව්පිය දෙපසින්, මොහුගේ මව් බැමිණිය මවගේ මව් බැමිණිය, ඇයගේද මව් බැමිණිය. පිය බමුණා, පියාගේ පියාවූ බමුණා, ඔහුගේ පියා වූ බමුණා මෙසේ මව්පසින්ද පියපසින්ද සුජාතය. සංසුද්ධගහණිකො ඔබගේ මව්කුස පිරිසිදුය යන අර්ථයි. යාව සත්තමා පිතා මහ යුගා මෙහි පියාගේ පියා පිතාමහය. ඔහුගේ යුගය පිතාමහ යුගයයි. යුගය යනු ආයු ප්රමාණයයි කියනු ලැබේ. මෙය කථාමාත්රයකි. අර්ථ වශයෙන් පිතාමහම පිතාමහ යුගයයි. ඉන් උඩට සියලු පූර්ව පුරුෂයෝ පිතමහ ග්රහණයෙන්ම ගන්නා ලද්දේය. මෙසේ සත්වැනි පුරුෂයා දක්වා පිරිසිදු කුස් ඇත්තේය. නැතහොත් අක්ඛිත්තො අනුපකුට්ඨො ජාතිවාදෙන යයි දක්වත්. අක්ඛිත්තො යනු මොහු ඉවතට ගනුව. මොහුගෙන් කවර වැඩක්ද යනුවෙන් මෙසේ ඉවත් නොකරන ලද්දේ ආක්රෝශයට හෝ නින්දාවට නොගියවිරූ කවර කරුණකින්දයත්, ජාතිවාදයෙන් මොහු හීනජාතික යෙකියි මෙබඳු වචනයෙන් යන අයයි. ඉමිනාපඞ්ගෙන මේ කරුණෙනුත්,
අඩ්ඪො ප්රධාන, මහද්ධනො මහත්වූ ධනයෙන් යුත් ඔබගේ ගෙයි පොළොවෙහි පස්වැලි මෙන් බොහෝ ධනය ඇත. ශ්රමණ ගෞතමයෝ නිර්ධනීය. භික්ෂාවෙන් උදරය පුරවා ගෙන යැපෙතියි දක්වත් මහා භොහො පංචකාමගුණ වශයෙන් මහා උපභෝග සම්පත් ඇත්තෝය. මෙසේ යම්යම් ගුණයක් කියත්ද එයට ප්රතිපක්ෂ වශයෙන් භාග්යවතුන් වහන්සේගේ අගුණම දක්වමුයි හඟිමින් කියත්.
අභිරූපො අන් මිනිසුන්ට වඩා රූමත්. දස්සනීයො දවසක්ම බලන්නවුන්ට අතෘප්තියක් ඇතිකරන හෙයින් දර්ශනයට යෝග්ය දර්ශනයෙන් ම පහන් සිත් ඇතිකරන ප්රසාද ජනක: පොක්ඛරතා යනු සුන්දර බවයි. වර්ණයෙහි සුන්දර බව වණ්ණ පොක්ඛරතා ඒ වර්ණ සුන්දර භාවයෙන් වර්ණ සම්පත්තියෙන් යන අර්ථයි. පොරාණයෝ පොක්ඛර යනුවෙන් ශරීරය හඳුන්වති. වර්ණය වර්ණය මය. ඔවුන්ගේ මතයට අනුව වර්ණය ද පොක්ඛරද වණ්ණපොක්ඛර ඒවා ඇතිබව වණ්ණපොක්ඛරතා මෙසේ පරමාය වණ්ණ පොක්ඛරතාය යනු උත්තම වූ පරිශුද්ධ වූ වර්ණයෙන් මෙන්ම ශරීර පිහිටීම් සම්පතින් යන අර්ථයි. බ්රහ්මවණ්ණී ශ්රේෂ්ඨ වර්ණ ඇති, පරිශුද්ධ වර්ණයන් අතර ද ශ්රේෂ්ඨ වූ ස්වර්ණ වර්ණයෙන් යුක්තවූ යන අර්ථයි. බ්රහ්මවච්චසී මහා බ්රහ්මයාගේ ශරීරය වැනි ශරීරයෙන් යුත්, අක්ඛුද්දාව කාසො දස්සනාය භවත්හුගේ ශරීරයෙහි දර්ශන අවකාශය සුළු නොවේ මහත්ය. ඔබගේ සියලු අඟපසඟ දර්ශනීයමය. ඒවාද මහත්තැයි දක්වයි.