ඝොටමුඛ සූත්ර වර්ණනාව
එවම්මෙසුතං යනු ඝොටමුඛ සුත්රයයි. එහි ඛෙමියම්බවනෙ එනම් ඇති අඹ වනයෙහි, ධම්මිකො පරිබ්බාජො ධාර්මික පැවිද්ද, අදස්සනා ඔබවැනි පණ්ඩිතයන් පවා නොදැකීමෙන්, යොවා පනෙත්ථ ධම්මො මෙහි යම් ධර්මයක් - ස්වභාවයක් වේද එම ධර්මයෙහිවත් නොදැක්මෙන්. මෙහි අපගේ කථාව ප්රමාණවත් නොවේ. ධර්මයට ප්රමාණ වත්යැයි දක්වයි. ඉන්පසු තෙරුන් වහන්සේ නව පොහොය ගෙහි මෙන් මෙහි බොහෝ කටයුතු වියයුතුයයි සිතා සක්මනින් බැස පන්සලට පිවිස වැඩහුන්හ. එය දක්වන්ට එවං වුත්තෙ ආදිය කියන ලදී.
චත්තාරො මෙ බ්රාහ්මණා තෙරුන්ට මෙසේ සිතිණ. මේ බමුණා ධාර්මික පැවිද්දට එළඹියේය. ශ්රමණයෙක් හෝ බ්රාහ්මණයෙක් හෝ නැතැයි කියයි. මොහු පුද්ගලයන් සතර දෙනද දෙපිරිස්ද පෙන්වා සතරවැනි පුද්ගලයා කවර පිරිසක් බහුලව බලාදැයි අසන්නෙමි. දන්නේනම් අනගාරිය පිරිසයයි කියයි. මෙසේ සිය මුවින්ම ධාර්මික පරිබ්රාජකයෙක් ඇතැයි කියවන්නෙමියි මේ දේශනාව ඇරඹුසේක.
එහි සාරත්ත රත්තා මනාසේ ඇළුණු සානුග්ගහා භාසිතා - උදව්පිණිස කියන ලදී. මෙසේද කියන ලදී. අපගේ කථාව ප්රමාණවත් නොවේ. ධර්මයට ප්රමාණවත්යයි මා විසින් කියන ලදී.
කිං පන තෙ ගිහියෝ නම් කැපදේද අකැපදේද කියතියි විවේචනය පිණිස විමසූසේක. කාරාපෙසි මැවීය. කරවා කලුරිය කොට ස්වර්ගයෙහි උපන්නේය. මොහු දන්නා ශිල්පයෙහි මවද පියාද ඝාතනය කොට තමාම බැබලිය යුතුයයි පැමිණෙයි. ශිල්පය දන්නේ ඔහු හැර ස්වර්ගයෙහි උපන්නෙක් නම් නැත. මොහු වනාහි තෙරුන් ඇසුරින් පින් කොට එහි ඉපදීද එම කර්මයෙන් මෙහි උපන්නේයයි ආවර්ජනය කොට පවත්නා තත්ත්වය දැන එක් දවසක් දිරාගිය බොජුන් හල ප්රති සංසේකරණය කරනු පිණිස සංඝයා රැස්වූ කල්හි මිනිස් වෙසින් අවුත් මෙසේ ඇසීය. ස්වාමීනි කුමක්නිසා සංඝයා රැස්වූයේද බොජුන්හල අළුත්වැඩියා කිරීමටය. මෙය කවුරුන් විසින් කරවන ලද්දක්ද ඝොටමුඛ විසින්ය. දැන් ඔහු කොහිද. කලුරිය කළේය. ඔහුගේ කිසියම් ඥාතියෙක් සිටීද, එක් සහෝදරියක් ඇත. ඇය කැඳවනු මැනවයි භික්ෂූහු ඇය කැඳවූහ. හේ ඇය කරා එළඹ මම ඔබගේ සොහොයුරා ඝෝටමුඛ මේ ශාලාව කරවා ස්වර්ගයෙහි ඉපිද අසුවල් අසුවල් තැන මා තැබු ධනය ඇත. එය ගෙන මේ බොජුන් හල කරවන්න දරුවන්ද පෝෂණය කරන්නැයි කියා භික්ෂුසංඝයා වැඳ අහසට පැන දෙව්ලොවට ගියේය. සෙස්ස සියලු තන්හි නොගැඹුරුමය.
සිව්වැනි ඝෝටමුඛ සුත්රයයි.
චඞ්කී සූත්ර වර්ණනාව
එවම්මෙසුතං යනු චංකී සූත්රයයි. එහි දෙවවනෙ සාලවනෙ එහි දෙවියන්ට බිලියම් කෙරෙති. ඒ නිසා එයට දේව වන සාලවනයයි කියනු ලැබේ. ඔපසාදං අජ්ඣාවසති ඔපසාද නම් බමුණුගමෙහි වසයි. අභිභවනය කොට වසයි ඔහුගේ ස්වාමීයා වී යම් සීමාවක එහි විසිය යුතු නම් ඒ සීමාවෙහි වසයි. මෙහි උපසර්ග වශයෙන් ආධාර අර්ථයෙහි කර්ම විභක්ති වචනයයි දතයුතුයි. එය නොයෙදෙන බැවින්ම සෙසු පදයන්හි එහි ලක්ෂණ ශබ්දශාස්ත්ර වශයෙන් සොයා බැලිය යුතුය. සත්තුස්සදං සත්ත්වයන්ගෙන් ගැවසුණු. උත්සන්න බොහෝ ජනයා ඇති. මිනිසුන් හෝ ආකීර්ණවූ පෝෂණය කළයුතු ඇත් අස් මොනර මුව ආදි නොයෙක් සතුන්ගෙන් ආකීර්ණවූද යන අර්ථයි. යම් හෙයකින් එගම පිටත නොපෑගී උපන් ඇත් අස් ආදීන් කන තණකොළවලින්ද ගෙවල සෙවිලිකරන තණකොළ වලින්ද යුතුය. එසේම දරකැබලි වලින්ද ගෙවල් ලීබඩු තනන ලීවලින්ද එහි ඇතුළත වටකුරු චතුරස්රාකාර බොහෝ පොකුණු ජලජ පුෂ්පයන්ගෙන් විචිත්රය. පිටත නොයෙක් තඩාංග ජලයෙන් නිතර පිරී පවතී. ඒනිසා සතිණකට්ඨොදකං යයි කියන ලදී.
ධාන්ය සහිත සධඤ්ඤං පෙර අපර ආහාරභේද වූ බොහෝ ධාන්ය සංචිතයක්ය යන අර්ථයි. මේ අයුරින් එගම බ්රාහ්මණයා සෙසත් ඔසවා රජකුගේ ස්වරූපයෙන් වාසය කරයි. ඔහුගේ සමෘද්ධි සම්පත්තිය දක්වන ලද්දේ වෙයි. රජුගෙන් ලද ධනය රාජභොග්ග නමි, කවුරුන් විසින් දෙන ලද ද? පසේනදි කෝසල රජු විසින් දෙන ලද රාජදායං රජුගේ දායාදයක්වූ දෑවැද්ද යන අර්ථයි. බ්රහ්ම දෙය්යං ශ්රේෂ්ඨයන්ට දියයුතු සේසත් ඔසවා රජකුමෙන් අනුභව කළයුතු යන අර්ථයි. නැතහොත් රාජභොග්ගං යනු සියලු මිනීමැරුම් අංග විකල කිරීම් ආදිය පාලනය කරමින් තොටුපළ පර්වත ආදීන්හි අයබදු ගෙන සේසත් පිළිගෙන ඔසවා රජකුවී භුක්ති විඳියයුතු එහි පසේනදි කොසොල් රජුවිසින් දෙන ලද රාජදායං යනු රජු විසින් දෙන ලද බැවින් රාජදායවූ, දායකරජු දැක්වීම පිණිස ඔහුට පසේනදි කොසොල් රජු විසින් දෙන ලද යන අර්ථයි.
බොහෝ බොහෝ වී සමූහ සමූහ වී එක් එක් දිසාවෙහි ඔවුන් සමූහය ඇතැයි සඞ්ඝී, පෙර ගමතුළ සමූහයක් නැත්තෝ පිටතට නික්මගොස් එක්වූවාහු ගණ සම්පන්න වූවාහු ශණිභූතා උතුරින් ඇති දොරටු උත්තර දිසාභිමුඛ ඛත්තං ආමන්තෙසි ඛත්තායනු ඇසු ඇසු ප්රශ්නයට පිළිතුරු දීමෙහි සමර්ථ මහාමාත්රයා. ඔහු ඇමතීය. ආගමන්තු මොහොතක් ගරුකරත්වා හිඳගනිත්වායි කියන ලද්දේවෙයි.