අස්සලායන සූත්ර වර්ණනාව
එවම්මෙසුතං යනු අස්සලායන සූත්රයයි. එහි නානා වෙරජ්ජ කානං අංග මගධ ආදී නානාප්රකාර වෙනත් රාජ්යවලින් පැමිණියවුන්ගේ, ඒ ඒ රටවල ඉපදී වැඩුණුවුන්ගේ හෝ යන අර්ථයි. කෙනචිදෙව යඥයන්හි හිඳගැනීම් ආදී අනියමිත කාර්යයන් නිසා චාතුවණ්ණි චතුර්වර්ණයට සාධාරණ, අපි ස්නාන ශුද්ධියෙන් ද භාවනා ශුද්ධියෙන්ද බ්රාහ්මණයෝ පරිශුද්ධත්වයට පත් වන්නෝයැයි කියමු. ශ්රමණ ගෞතමයෝ පරිශුද්ධත්වයට පත් වන්නෝයැයි කියමු. ශ්රමණ ගෞතමයන් අයුක්තක් කරතියි හඟිමින් මෙසේ සිතූහ. චුත්තසිරො වැඩුණු හිස ඇත්තේ,
ධම්මවාදි ස්වදාවවාදී. දුප්පතිමන්තයා අපවැනි අධර්මවාදීන් විසින් දුකින් මන්ත්රණය කළයුතු වෙයි. ධර්මවාදියාට පරාජය කරන්නට නොහැකිය යයි දක්වයි. පරිබ්බාජකං ප්රව්රජ්යා විධානය, වේදත්රය ඉගෙන සියල්ලන්ට පසුව පැවදිවන්නෝ යම් මන්ත්රයකින් පැවිදිවෙත්ද, පැවිදිවූවාහු යම් මන්ත්ර පරිහරණය කරත්ද, යම් ආචාරයක හැසිරෙත්ද ඒ සියලු චරිතය භවත්හු විසින් හික්මන ලදී. ඒනිසා ඔබට පරාජයක් නැත. ඔබට ජයම වන්නේයයි හඟින්නාහු මෙසේ කීහ.
දිස්සන්තෙ ඛොපන ආදිය ඔවුන්ගේ ලබ්ධිය බිඳීම පිණිස කියන ලදී. තත්ර බ්රාහ්මණියො බමුණන්ට පුත්රලාභය පිණිස ආවාහ විවාහ වශයෙන් කුලයෙන් ගෙන එනු ලැබු බැමිණියෝ දක්නට ලැබෙති. මොවුහු පසු කලෙක ඔසප් ඇත්තියෝ වෙති. වැඩිවියට පත්වූවෝය යන අර්ථයි. ශබ්භිනියො හටගත් ගැබ් ඇති, විඡායමානා දූ පුතුන් උපදවන පායමානා දරුවන්ට තනකිරි පොවන්නියෝ, යොනිජාතා සමානා යෝනිමාර්ගයෙන් ඉපිද, එවමාහංසු මෙසේ කියත්. කෙසේද බමුණාම ශ්රේෂ්ඨ වර්ණ ඇත්තේද -පෙ- බ්රහ්මයා විසින් දායාද කරන ලද්දාහුද. ඉදින් ඔවුන්ගේ වචනය සත්ය වචනය වන්නේනම් බැමිණියගේ කුස මහාබ්රහ්මයාගේ පපුව විය යුතුය. බැමිණියන්ගේ යෝනිමාර්ගය මහා බ්රහ්මයාගේ මුඛය වියයුතුය. මෙපමණකින් අපි මහාබ්රහ්මයාගේ පපුවෙහි වැස මුඛයෙන් උපන්නවුන් යැයි කියන්නට නොලබාවායි. මෙය මුඛයෙන් උපන්බව බිඳ දමන වාරයයි. කියන ලදී.
අය්යො හුත්වා දාසො හොති ආර්යයා වී දාසයා වෙයි. දාසයාවී ආර්යයා වෙයි බමුණා භාර්යාව සහිත වූයේ වෙළෙදාමෙහි යොදවමින් යොන් රටට හෝ කාම්බෝජ රටට හෝ ගොස් කලුරිය කරයි. ඔහුගේ ගෙයි වැඩි වයසට පත් පුත්රයකු නැතිකල බැමිණිය දාසයකු සමග හෝ කම්කරුවකු සමග සංවාස කරයි. එක් දරුවකු උපන්විට ඒ පුරුෂයා දාසයෙක්ම වෙයි. ඔහුට උපන් දරුවා දායාදයට හිමිකරු වෙයි. මව්පසින් පිරිසිදුය. පියපසින් අපිරිසිදුය. හෙතෙමේ වෙළදාමෙහි යෙදෙමින් මධ්ය ප්රදේශයට ගොස් බ්රාහ්මණ දැරියක ගෙන ඇගේ කුසයෙහි පුත්රයකු ලබයි. හෙතෙමේද මව්පසින් පිරිසිදුය. පියපසින් අපිරිසිදුය. මෙසේ බ්රාහ්මණ සමයෙහිම ජාති සම්භේදයක් වෙතියි දැක්වීම පිණිස මෙය කියන ලදී. කිම්බලං කා අස්සාසො යම් තැනෙක ඔබ දාසයන් වද්දී සියලු දෙන දාසයෝ වවු. ආර්යයන් වද්දී සියලු දෙන ආර්යයෝ වවු. මෙහි බමුණෝම ශ්රේෂ්ඨවර්ණ ඇත්තෝ යයි කියවුනම් තොපට කවර ශක්තියක්ද කවර ආස්වාදයක්දයි දක්වයි.
ඛත්තියොව නුඛො ආදිය ශුක්ල බව බිඳදමන වාර නම් වේ.
චතුර්වර්ණ ඇත්තවුන්ගේ ශුද්ධිය දක්වන්නේ ඉධරාජා ආදීය කීය. සාපානදොණියා බල්ලන් දිය බොන දෙණ, අග්ගිකරණීයං ශීතල නැතිකරන අන්ධකාරය විධ්වංසනය කරන. බත් පිසන ආදී ගිනි කිස මෙහි අස්සලායන යනු මෙහි සියලු ගිනිකිස කරන කල්හි
දැන් බමුණෝම චතුර්වර්ණීන් අතර ශුද්ධයයි කියත් මෙහි චතුර්වර්ණයයි නියමයක් නැත. පස්වැනි ඉන් එහා වර්ණයක්ද ඇතැයි කෙටියෙන් ඔවුන්ගේ වාදයෙහි දොස් දක්වනු පිණිස ඉධඛත්තිය කුමාරො ආදිය කීය. එහි අමුත්ර පනෙසානං මෙහිද පෙරකී ක්රමයෙහි මේ මාණවකයන් ගේ කිසිදු වෙනස් බවක් නොදකිමියි කියයි. වෙනස්කම නම් ඔවුන්ට ඇත්තේමය. ක්ෂත්රිය කුමාරයකුට බ්රාහ්මණ කන්යාවකගෙන් උපන්නේ ක්ෂත්රිය පාරසක (ක්ෂත්රියයන්ට එහා) නමි අනිකා බ්රාහ්මණ පාරසක නමි මෙයින් උපන් මාණවකයෝ