සේල සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතං යනු සේලසූත්රයයි. එහි අඞ්ගුත්තරාපෙ ආදිය පොතලික සූත්‍රයෙහි විස්තර කරන ලදි. අඩ්ඪතෙළසෙහි භික්ෂුන් එක්දහස් දෙසිය පනසක් සමග යැයි කියන ලද්දේවෙයි. මේ ශ්‍රාවක සන්නිපාතයෙහි එක්රැස් වූ සියලු භික්ෂුහු එහි භික්ෂු භාවයෙන් පැවිදි වූ රහතන් වහන්සේලාය. කෙණියො ඔහුගේ නම. ජටිලො තවුසා ඔහු බ්‍රාහ්මණ මහාසාලයෙකි. ධනය ආරක්ෂා කර ගැනීම සඳහා තවුස් පැවිද්ද ගෙන රජුට පඬුරුදී බිම්කඩක්ගෙන එහි ආශ්රමයක් කරවා වාසය කරයි. ගැල්පන්සියයක් වෙළදාමෙහි යොදවා පවුල් දහසක් ඇසුරුකොට, ඔහුගේ ආශ්‍රමයෙහි එක් තල් රුකක් දවසට එක් රන්තල්ගෙඩියක් බැගින් දෙතියි කියති. හෙතෙමේ දිවාකාලයෙහි කාෂාය වස්ත්රදරයි. ජටාවද බඳියි. රෑට කාම සම්පත් අනුභව කරයි. ධම්මියා කථාය. පානයන්හි අනුසස් කියැවෙන දැහැමි කථාවෙන් මේ කෙණිය හිස් අතින් භාග්‍යවතුන් වහන්සේ දකින්ට යාමට ලජ්ජාවන්නේ. විකාලභෝජනයෙන් වෙන්වූවන්ට ද පානයක් කැපයයි සිතා මනාසේ සැකසූ ඩෙබර පානය කත් පන්සියයකින් ගෙන්වාගෙන ගියේය. මෙසේ ඔහු ගිය බව “ඉක්බිති කෙණිය ජටිලයාට මෙසේ සිත්විය. මම ශ්‍රමණ ගෞතමයන්ට කුමක් යවන්නෙමිදයි භෙසජ්ජක්ඛන්ධකයෙහි පෙළට ඇතුළත්වේ.
දුතියම්පිඛො භගවා කුමක් නිසා යලි යලිත් ප්‍රතික්ෂේප කළ සේක්ද? තීර්ථකයන් ප්‍රතික්ෂේප කිරීම. ප්‍රසාද පිණිස මෙය කරුණක් නොවේ. බුදුවරුන්ගේ ප්‍රත්‍ය හේතුවෙන් මෙබඳු කුහක බවක් නැත. මොහු අඩ තෙළෙසක් භික්ෂුන් දැක මෙපමණ දෙනකුට ආහාර පිළියෙල කරන්නාහුය. හෙට සේල පුරුෂයන් තුන්සියයක් සමග පැවිදිවන්නේය. නවකයන් අනුන් අත යවා මොවුන් සමග යාම යුතු නොවේ. එහෙත් සියල්ලන් ගෙන යන්නෙමි. භික්ෂා ආහාරය ප්‍රමාණවත් නොවන්නේය. ඉන්පසු භික්ෂූන් පිඬුසිගා වඩිනු දුටු මිනිස්සු දොස් කියන්නෝය. කලකින් කෙණිය ශ්‍රමණ ගෞතමයන්ට ආරාධනා කොට යැපෙන පමණක්වත් දීමට නොහැකි විය. තෙමේම විපිළිසර වෙයි. ප්රතික්ෂේපය කළ කල්හි ශ්‍රමණ ගෞතමයෝ නැවත නැවත ඔබත් බ්‍රාහ්මණයන් කෙරෙහි අතිප්රසන්නය. බමුණන්ගේ නම ගත්තේයැයි සිතා බමුණන්ටද ආරාධනා කිරීමට කැමැත්තේ වන්නේය. ඉන් පසු බමුණන්ට වෙන වෙනම ආරාධනා කරන්නේය. ඉන්පසු ආරාධනය කරනු ලැබුවෝ භික්ෂුන් වී වළඳන්නාහුය. මෙසේ ඔහුගේ ශ්‍රද්ධාව ආරක්ෂිතවූවානම් වන්නේයැයි නැවත නැවත ප්‍රතික්ෂේප කළහ. කිඤ්චාපි හොති මෙයින් මෙය දක්වයි. භවත් ගෞතමයෙහි කුමක් වීද? ඉදින් මම බමුණන් කෙරෙහි අතිශයින් පැහැදී ගෞතමයන් වහන්සේ ඉවසා වදාරනු මැනවි මම බමුණන්ටද දෙන්ට හැක්කෙමි. ඔබටත් දීමට හැක්කෙමි.
කාය වෙය්යාවටිකං කයට කෙරෙන වතාවත්, මණ්ඩල මාලං රෙදි මණ්ඩපය
ආවහො කන්යාග්රහණය විවාහො කන්යාදානය සොමෙ නිමන්තිතො හෙතෙමේ මා විසින් නිමන්ත්‍රණය කරන ලද්දේය. ඉක්බිති බමුණා මුහුකුරාගිය උපනිශ්‍රය ඇති බැවින් බුදුන්ගේ හඬ අසාම අමෘතයෙන් අභිෂේක කරන ලද්දේ ප්‍රසාදය හෙළිදරව් කරන්නේ බුද්ධොති භො කෙණිය වදෙසි ය කීය. කෙණිය පවත්නා තත්වය අසන්නේ: බුද්ධොති භො සෙළ වදාමි යි කීය. ඉන්පසු ඔහු නැවතත් දැඩිකිරීම පිණිස මෙසේ ඇසීය. අනෙකාද එසේම දැන්වීය.
ඉක්බිති ඔහුට කල්ප සියදහසකිත් බුද්ධ ශබ්දය දුර්ලභ බව මැනවින් බලන විට මෙසේ මේ ඝෝෂාවක්ද? යනාදිය සිතිණ. නීලවන රාජී නිල්වන් රුක්පෙල පාදෙපාදං පියවර පමණ, පියවර පියවරට ඉතා ආසන්නයෙහි ඉතා ඈතින් පා තබන විට ශබ්දය පැනනගී එය බැහැර කරන්නේ මෙසේ කීය. සීහාව එකචරා සමූහයෙහි වැසි සිංහයා සිංහ පැටවුන් සමග ප්‍රමාදයට පැමිණේ. තනිව හැසිරෙන්නා අප්රමාදීවෙයි. මෙසේ අප්‍රමාද විහාරය දක්වන්නේ එකවර සිංහයකුගේ උපමාව ඉදිරිපත් කරයි. මාමෙ භොන්තො ආචාරයෙහි හික්මෙන්නේ මෙසේ කීය. මේ මෙහි අදහසයි. ඉදින් ඔබ කථා කිරීමට අවස්ථාවක් නොලැබ මාගේ කථාව අතරතුර කථාවට පිවිසෙන්නේ නම් අතවැසියන් හික්මවන්ට නොහැකිවනු ඇතැයි මට ගර්හාවක් ඇතිවන්නේය. ඒනිසා ඔකාසං පස්සිත්වා මන්තෙයා නොච ඛො තං නජානාමි විපස්සී බෝධිසත්වයෝ සතළිස් සතර දහසක් පැවිද්දන් පිරිවරා සත්වසක් බෝධිසත්ව චර්යාවෙහි හැසිරුණාහ. බුද්ධෝත්පාද කාලයක් මෙන්විය. අපගේ බෝධි සත්වයෝද සවසක් බෝධිසත්ව චර්යාවෙහි හැසිරුණාහ. මෙසේ පිරිපුන් ලකුණින් යුතුවුවද බුදුවරු නොවෙති. ඒනිසා බමුණා මම එය නොදන්නේ නොවෙමියයි කීය.
පරිපුණ්ණකායො ලක්ෂණයන්ගෙන් පිරිපුන් බැවින් නොඅඩු අංග ඇති බැවින්ද පිරිපුන් සිරුරු ඇත්තේ, සුරුචී සොඳුරු සිරුරු පැහැ. සුජාතො ආරෝහ පරිණාහ සම්පත්තියෙන් සණ්ඨාන සම්පත්තියෙන්ද මනාසේ උපන්නේ. චාරුදස්සනො බොහෝ කලකින් පහන් වූවන්ට අතෘප්තිජනක මනෝහර දර්ශන ඇති සුවණ්ණ වණ්ණො රන්වන් හා සමාන සුසුක්කදාඨො අතිශයින් සුදුදත් මහා පුරිසලක්ඛණා පළමුව කියු ව්යඤ්ඡන වචන අතරින් නිගමනය කරමින් කීය.
දැන් ඒ ලක්ෂණ අතුරින් තමාගේ සිට රුචිවූ ලක්ෂණ ගෙන ස්තුති කරන්නේ පසන්න නෙත්තො ආදිය කීය. භාග්‍යවතුන් වහන්සේ පස්වනක් ප්‍රසාද සම්පත්තියෙන් ප්‍රසන්න නෙත් ඇත්තේය. පූර්ණ චන්ද්‍රයා හා සමාන මුව ඇති බැවින් සුමුඛො නමි. ආරෝහ පරිණාහ සම්පත්තියෙන් බ්රහා නම් බ්‍රහ්මයා හා සමාන ඍජු සිරුරක් ඇති බැවින් උජු නමි. ශෝභා වත් බැවින් පතාපවා නමි. මෙහි යමක් කිව යුතුනම් එය පෙර කියන ලදී. එය මජ්ඣෙ සමණසඞ්ඝස්ස මේ ක්‍රමයෙන් ස්තුති කරන්නහුට නැවත කියන ලදී. එබන්දක් මෙසේ බබලයි. ඊළග ගාථාවද මෙම ක්‍රමය මැයි. උත්තම වණ්ණිනො උත්තම වර්ණ සම්පන්න වූවහුගේ රථෙසහො උතුම් රථ ඇත්තේ ජම්බුසණ්ඩස්ස දඹදිවට ප්‍රකට වූ ඓශ්වර්යයට ස්තුති කරන්නේ කීය. චක්‍රවර්ති රජ දිවයින් සතරට ප්‍රධානියා වෙයි.