ධම්මචෙතිය සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතං යනු ධම්මචෙතිය සුත්‍රයයි. එහි මෙදතළුම්පං මේ නම ඒ නියම්ගම මේද වණ පාෂාණ බෙහෙවින් තිබුණේය. ඒනිසා මෙදතළුම්පයයි ප්‍රසිද්ධියට ගියේය. මෙහි සේනාසනය තාවකාලිකය ඒනිසා නොකියන ලදී.
නගරකං මෙනම් ඇති ශාක්‍යයන්ගේ නියම්ගම කෙනචිදෙව කරණීයෙන අන්කරුණක් සඳහා නොවේ. හෙතෙමේ බන්ධුල සේනාපතියා පුතුන් තිස් දෙදෙනා සමග එක්දවසකින්ම අල්ලාගනිවුයයි අණකළේය. එදවසම ඔහුගේ භාර්යාව වූ මල්ලිකා විසින් පන්සියයක් භික්ෂුන් සමග භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කරන ලදී. බුදුන් ප්රමුඛ භික්ෂුසංඝයා ගෙට පැමිණ වැඩහුන් කෙණෙහිම සේනාපතියා කලුරිය කළේයයි හසුනක් ගෙනවුත් මල්ලිකාට දුන්හ. ඈ හසුන ගෙන පණිවිඩය ඇසුවාය. ආර්යාවනි, රජුවිසින් සේනාපති තුමා පුතුන් තිස් දෙදෙන සමග එක පහරින්ම අල්ලාගනු ලැබීයයි දැන්වූහ. මෙය මහජනයා අතරට නොයවන්න. හසුන ඉනෙහි ගසාගෙන භික්ෂුසංඝයා වැළඳවූවාය. ඒ වේලාවෙහි එක් ගිතෙල් සැළියක් පිටතට ගෙන ගියහ. එය එළිපත්තෙහි ගැටී බිදිණ. එය ඉවත් කොට අනිකක් ගෙන්වාගෙන භික්ෂුසංඝයා වැළඳවූවාය.
ශාස්තෲන් වහන්සේ බත්කිස නිමවා කතාවක් පටන්ගැනීම පිණිස ගිතෙල් සැළිය බිඳුණු හේතු නොසිතිය යුතුයැයි කීසේක. ඒවේලෙහි මල්ලිකා හසුන ඉවතට ගෙන භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි තබා භාග්‍යවතුන් වහන්ස, මේහසුන පුතුන් තිස් දෙදෙනා සමග සේනාපතිතුමා මළ හසුනයි. මම එය නොසිතමි. ගිතෙල් සැළිය හේතුවෙන් කුමක් සිතන්නෙම් දැයි ඇසුවාය. භාග්‍යවතුන් වහන්සේ මල්ලිකාවනි, ඒ ගැන නොසිතන්න. අනවරාග්ර සංසාරයෙහි පවතින්නවුන්ට මෙය වෙයි යැයි අනිත්‍ය ප්‍රතිසංයුක්ත ධර්මකථාවක් කොට වැඩිසේක. මල්ලිකා ලේලියන් තිස් දෙදෙන කැඳවා අවවාද දුන්නාය. රජතෙමේ මල්ලිකාව කැඳවා සේනාපතිතුමා සහ අප අතර සිත් දූෂ්‍ය වීමක් ඇත්ද නැද්දැයි විමසීය. නැත ස්වාමීනි රජතෙමේ ඇයගේ වචනයෙන් ඔහුගේ නිර්දෝෂී බව දන විපිළිසරව බලවත් දොම්නසක් උපදවාගත්තේය. හෙතෙමේ මෙබඳු දෝෂයක් නැති මට සම්භාවනා කොට පැමිණි සහායකයකු විනාශ කෙළෙමියි එතැන් පටන් ප්‍රසාදයෙහි හෝ නාටිකාවන් අතර හෝ රාජ්‍ය සුඛයෙහි හෝ චිත්තාස්වාදයක් නොලබමින් ඒ ඒ තැන හැසිරෙන්ට පටන් ගත්තේය. ඔහුගේ කාර්යය එයම විය. මේ සඳහා කියන ලදී. කෙනචිදෙවකරණීයෙනා
දීඝංකාරායනං දීගකාරායන නම් බන්ඩුලමල්ල සේනාපතිගේ බෑණාය. එබඳුවූ මාගේ නරකක් නොකරන මාගේ මාමා නිකරුණේ සාතනය කරන ලද්දේයයි රජු විසින් සේනාපති ස්ථානයෙහි තබන ලද්දේය. ඒ සඳහා මෙය කියන ලදී. මහච්ච රාජානුභාවෙන මහත්වූ රාජානුභාවයෙන් ධරණීතලය බිඳින්නාක් මෙන්ද සාගරය පෙරළෙන්නාක් මෙන්ද විචිත්රවේශ ශෝභාවෙන් මහත් බලකායෙන් යන අර්ථයි. පාසදිකානි දර්ශනයෙන්ම ප්රාසාදජනක පසාදනීයානි එයටම වෙනත් වචනයකි. නැතහොත් පාසාදිකානි දර්ශනීය පාසාදනීයානි ප්රසාදජනක අප්පසද්දානි නිශ්ශබ්ද අප්පනිග්සොසානි භාවිත නොකරන ලද අර්ථයෙන් ඝෝෂා රහිත. විජනවාතානි පහවගිය ජනයා ඇඟවැදී එන සුළං නැති. මනුස්ස රාහසෙය්යකානි මිනිසුන් ගේ රහසිගත කටයුතු වලට යෝග්‍ය රහස් මන්ත්‍රණ කරන්නවුන්ට සුදුසු යන අයයි. පටි සල්ලාණ සාරුප්පනි සැඟැවී සිටීමට හුදෙකලාව සිටීමට සුදුසු යත්ථසුදංමයං ඔහු විසින් එහිදී භාග්‍යවතුන් වහන්සේ ආශ්‍රය නොකරන ලද විරූය. එබන්දවුන් අතර ආශ්‍රය කරන ලද විරූය. ඒනිසා යම්බදුවුවන් අතර අපි වීමු යනු මෙහි අර්ථයි.
අත්ථිමහාරාජ නුවණැති සෙන්පතියා රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේට ළෙන්ගතුයයි දනී. ඉදින් ඒ රජතෙමේ භාග්‍යවතුන් වහන්සේ කොහිදැයි කියන්නේ නම් නොපමාව අසන්ට යුතුයයි චරපුරුෂයන් යොදවා භාග්‍යවතුන් වහන්සේ වසන තැන දැනගෙනම වාසය කරති. එනිසා මෙසේ කීය. ආරමං පාවිසි නියම් ගමින් පිට කඳවුරු බැඳ කාරායන සමග පිවිසියේය.