රාජ වර්ගය
ඝටීකාර සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතං යනු ඝටීකාර සුත්‍රයයි. එහි සිතං පාත්‍වාකාසි මහමගින් යන්නේ එක්තරා බිම් පෙදෙසක් බලා සැරිසරන මා මෙහි විසූවිරූ බවක් ඇත්දැයි ආවර්ජනය කරන්නේ කාශ්‍යප බුදුන්කල මේ ස්ථානයෙහි වේහලිංගනම් ගම්නියම්ගමක් වීයයි දුටුවේය. මම එකල ජෝතිපාල නම් මානවකයෙක් වීමි. මාගේ සහායකයා ඝටීකාර නම් කුම්භාකාරයෙක් විය. මා විසින් ඔහු සමග එක් යහපත් කරුණක් සිදුකරන ලදී. එය භික්‍ෂුසංඝයාට ප්‍රකට වුයේ නැත. වැසීතිබුණේය. එය භික්‍ෂු සංඝයාට ප්‍රකට කරමියි මගින් ඉවත්ව එක්තරා පෙදෙසක සිටිමින් සිනා පහළ කළේය. දත් අග පෙන්වා මඳ සිනාවක් පෑවේය. යම්සේ ලෞකික මනුෂ්‍යයෝ උදරයට ගන්නා කොහිද කොහිදැයි සිනාසෙත් බුදුවරු එසේ නොවෙති. බුදුවරුන්ගේ සිනාව තුටු පහටු මාත්‍රයක්ම වෙයි.
මෙය හසිත නම් වේ. මෙය සොමනස්ස සහගත සිත් කෙළෙසකින් වෙයි. එහි ලෞකික මහජනයා අකුසල වශයෙන් සතරකින්ද, කාමාචචර කුසල වශයෙන් සතරකිදැයි සිත් අටකින් සිනාසෙයි. බයෝ අකුශල වශයෙන් දිටයි සම්පයුත්ත දෙකක් ඉවත් කොට සිත් සයකින් සිනාසෙත්. ක්ෂීණාශ්‍රවයෝ සහේතුක කිරිය සිත් සතරින් එක් අහේතුක කිරිය සිතකින්ද යනුවෙන් සිත් පසකින් සිනාසෙත්. ඒ අතරද බලවත් අරමුණක් පහළවු කල්හි ඤාණ සම්පයුත්ත සිත් දෙකකින් සිනාසෙත්. දුර්වල අරමුණෙහි විහේතුක සිත් දෙකින්ද, අහේතුක සිතින්ද යන සිත් තුනෙන් සිනාසෙත්. මෙතැන කිරියා හේතුක මනෝවිඤ්ඤාණ ධාතු සොමනස්ස සහගත සිත භාග්‍යවතුන් වහන්සේට උපස්ථ ආකාර මාත්‍ර වූ සිනාව ඉපදවීය.
ඒ මේ හසිතයයි මෙසේ අල්ප මාත්‍රයක් තෙරුන්ට ප්‍රකටවිය. එබඳු කලෙක තථාගතයන් වහන්සේගේ සිව් දළදාවන්ගෙන් චාතුර්ද්වීවික මහා මේඝ මුඛයෙන් අකුණු සහිත විදුලියක් මෙන් බබලමින් මහතල් කඳක් පමණ වු රශ්මිමාලා නැගී තෙවරක් උතුම්වූ සිරස පැදකුණු කොට දළදාවන්හි අතුරුදහන් වන්නේ කෙසේද. ඒ සලකුණින් ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ පසුපසින් යමිනුත් සිනාපහළ වු බව දනිති.
භගවන්තං එතදවොච මෙහිදී කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු සංඝයාට අවවාද කළසේක. චතුස්සත්‍යය ප්‍රකාශ කළ සේක. භාග්‍යවතුන් වහන්සේටද මෙහි වැඩසිටීමට ආශාවක් උපදවන්නෙමියි මේ භූමිභාගය බුදුවරුන් දෙනමක විසින් පරිභෝජනය කරන ලද්දේ වන්නේය. මහජනයා ගඳමල් ආදියෙන් පුදා චෛත්‍යස්ථානයක් කොට පිරිවරන්නාහු ස්වර්ග පරායණ වන්නාහුයයි සිතා එතං තෙනහි භන්තෙ ආදි වචන කීය.
මුණ්ඩකෙන සමණකෙන මුණ්ඩං මුණ්ඩො කියාද සමණං සමණො කියාද කියන්ට වටී. මේ නම් මුහුකුරා නොගිය ඥානයක් ඇති බැවින්ද, බ්‍රාහ්මණ කුලයෙහි උගත් ව්‍යවහාර වශයෙන්ද අවමන් කරමින් මෙසේ කීය. සොත්තිං සිනානිං එකල්හී ඡබ්බග්ගිය භික්‍ෂූහු කුරුවින්දක නම් පාෂාණ කුඩුවර්ගයක් ඇඟ ගාමින් ද, කුරුවින්දක පාෂාණ කුඩු ගැල්වූ ලණුවක දෙකොණින් අල්ලා ඇඟ උලමින්ද ස්නානය කරති. ඒ නිසා එවංසම්මා යම්සේ දැන් මිනිස්සු චෛත්‍ය වන්දනාව පිණිස යමු, ධර්මශ්‍රවණය සඳහා යමුයි කියනු ලැබුවත් උත්සාහ නොකරති. නැටුම් සැණකෙළි ආදිය බලන්නට යමුයි කීවිට එක්වචනයෙන්ම පිළිගනිත්. සිනායිතුංති කීකල එක් වචනයෙන්ම පිළිගන්නේ මෙසේ කීය.
ජොතිපාල මානවං ආමන්තෙසි ඝටීකාර එක් පැත්තක සිය පිරිවර සමග දිය නා අවසන් කොට හිසකෙස් පිසදමමින්ම ජෝතිපාල මාණවකයන් ඇමතීය. තමන් සමීපයේම ආසන්නයේම සිටින බව දක්වමින් ඔවට්ටිකං විනිවෙඨෙත්‍වා ඇත්බල සහිත වූ බෝධිසත්වයෝ මෙතැනින් ඉවත්වන්න යහළුව යැයි කියමින්ම ලී දඬුව පෙරලා අතහැරීය යන තේරුමයි. කෙසෙසු පරාමසිත්‍වා එතදවොච ඔහු මෙසේ සිතීය. මේ ජෝතිපාල තෙමේ පැණවත්ය. වරක් දැක්මක් ලදහොත් තථාගතයන් වහන්සේගේ දර්ශනයෙහිද පැහැදෙන්නේය. ධර්ම කථාවෙහිද පැහැදෙන්නේය. පැහැදුණේම පහන්වූ ආකාරයක් කරන්නට හැක්කේය. මිත්‍රයෝ නම් මේ සඳහා වෙති. යම්කිසිවක් කොට මාගේ යහළුවා ගෙන දසබලධාරීන් වහන්සේ සමීපයට යන්නෙමි නම් ඒ සදහා කෙස් පිරිමැද මෙසේ කීය.
ඉත්තරජච්චො වෙනත් ජාති ඇත්තෙක් මා සමග අසමාන ජාති ඇත්තෙක් පහත්ජාති ඇත්තෙක් යන අර්ථයි. නවතිදං මේ අපගේ ගමන ඒකාන්තයෙන් පහත් දෙයක් නොවේ. කුඩා නොවේ. මහත් වන්නේය. මොහු තමාගේ ශක්තියෙන් නොගත්තේය. ශාස්තෲන් වහන්සේගේ ශක්තියෙන් ගත්තේයයි ග්‍රහණයෙහිම නිෂ්ඨාවට ගියේය. යාවෙතදොහිපි මෙහි දොකාර හිකාර පිකාර නිපාතයෝය. ය ඇත්තද යන අර්ථයි. මෙය කියන ලද්දේවෙයි. වචනයෙන් කථා කිරීමද ඉඟියෙන් ගැනීමත් ඉක්මවා හිසකෙස් දක්වා ග්‍රහණයද එහි ගමනාර්ථය යොදා ගතයුතුය.