කණ්ණකත්ඵල සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතං යනු කණ්ණකත්‍ථල සුත්‍රයයි එහි උජුඤ්ඤායං උජුඤ්ඤා යනු ඒරටටද නගරයටද එම නමමය. භාග්‍යවතුන් වහන්සේ උජුඤ්ඤා නගරය නිසා වාසයකරන සේක. කණ්ණකත්‍ථලෙ මිගදායෙ ඒ නගරය නුදුරෙහි කණ්ණකත්‍ථල නම් එක් රමණීය භූමිභාගයක් ඇත. මුවන්ගේ අභය භූමියක් ලෙසින් දුන් බැවින් මිගදාය යැයි කියනු ලැබේ. ඒ කණ්ණකත්‍ථල මුවවනයෙහි කෙනචිදෙව කරණීයෙන අනන්තර සුත්‍රයෙහි කියු කටයුත්තක් සඳහා මිස අන් කරුණකින් නොවේ. සොමාච භගිනී සකුලාච භගිනී මේ දෙසෝවිරියෝ රජුගේ බිසෝ වරුය. භත්තාභිහාරෙති බත් බෙදන තැන. රජුට උපස්ථාන කිරීමටයති. ඔවුහුද එසේම ගියහ.
කිංපන මහාරාජ කුමක්නිසා මෙසේ කීවේද? රජුට සිදුවන ගර්හාවෙන් මුදවනු පිණිස. පිරිස මෙසේ සිතන්නේය. මේ රජතුමා එන ගමන්ම ගැහැණුන්ට හසුන දැන්වීය. අපි තමාගේ ස්වභාවයෙන් භාග්‍යවතුන් වහන්සේ දැකීමට ආවේ වනැයි සිතමු. මොහු ගැහැණුන්ගේ පණිවිඩ ගෙන ආවේය. ගෑණු දාසයෙකැයි සිතෙයි. මොහු පෙරද මෙකරුණින්ම එන්නේ දැයි විචාරන ලද්දේ හේ තමා ආකරුණ කියන්නේය. මෙසේ ඔහුට මේ ගර්හාව නූපදින්නේයැයි ගර්හාවෙන් මුදනු පිණිස මෙසේ කීය.
අබ්භූ දාහාස කීය. සකිදෙව සබ්බං ඤස්සති සබ්බං දක්‍ඛීති යමෙක් එක් ආවර්ජනයකින්ම එක් සිතකින්ම එක් ජවනයකින්ම අතීත අනාගත වර්තමාන සියලුදේ දනීද හෝ දකීද එබන්දෙක් නැත යන අර්ථයි. එක්සිතකින්ම අතීතවූ සියල්ල දන්නෙමියි ආවර්ජනාකොටද අතීත වූ සියල්ල දැනගන්ට නොහැකිය. ඒකදේශයක් පමණක් දනී. අනාගත වර්තමාන වූදේ ඒ සිතෙන්ම සියල්ල නොදනී. ඉතිරි තන්හිද මේ ක්‍රමයයි. මෙසේ ඒකචිත්ත වශයෙන් මේ ප්‍රශ්නය කියන ලද්දේය. හේතුරූපං හේතුවේ ස්වභාවය, කරුණට මුල් වූ දෙය සහෙතුරූපං කරුණු සහිතවු දෙය, සම්පරායිකාහං භන්තෙ ස්වාමීනි, මම පරලොව ගුණ අසමි.
පඤ්චිමානි මේ සුත්‍රයෙහි ලෞකික හා ලෝකෝත්තර මිශ්‍ර ප්‍රධාන අංග පසක් කියන ලදී. ගවිලඞ්ගණ වාසී චූලසමුද්ද තෙරුන් වහන්සේ, ස්වාමීනි ඔබවහන්සේට කුමක් රුචිදැයි විමසූ කල්හි මට ලෝකෝත්තර ගුණම රුචියයි කීහ. පධාන වෙමත්තං ප්‍රධාන නානාත්වය පෘථග්ජනයාගේ ප්‍රධානය අන්අයට අසමානය. සෝවාන් වූවහුගේ අසමානය. සකෘදාගාමීහුගේ අසමානය. අනාගාමීහුගේ අසමානය. රහතන් වහන්සේගේ අසමානය. අසූමහ සව්වන්ගේ අසමානය. අගසව්වන් දෙදෙනාත් අසමානය. පසේ බුදුවරුන්ගේ අසමානය සර්වඥ බුදුවරුන්ගේ අසමානය. පෘථක් ජනයාගේ ප්‍රධානය සෝවාන් වූ ඔහුගේ ප්‍රධානයට නොපැමිණේ -පෙ- පසේ බුදුවරුන්ගේ ප්‍රධානය සර්වඥ බුදුකෙනෙකුගේ ප්‍රධාතයට නොපැමිණේ. මේ අර්ථය සඳහා ප්‍රධාන නානාත්වය කියමියි කියුසේක. දන්තකාරණං ගච්ඡෙයසුං කුට නොවු කරුණ නොකැඩෙන කරුණයි. ධුරය ඉවතනොලන දැමුණවුන් අතර කරුණක් දක්නට ලැබේද ඒ කරුණට යායුතුය යන අර්ථයි. දන්තභූමිං දමුණවුන් විසින් යා යුතු භූමිය. අස්සද්ධො ආදී තන්හි පෘථග්ජන සෝතාපන්න සකෘදාගාමී අනාගාමී යන සිව්දෙන අස්සද්ධ නම්වෙති. පෘථක් ජනයා සෝවාන් වූවහුගේ ශ්‍රද්ධාවට නොපැමිණියේනුයි. අස්සද්ධ නම්වේ. සෝතාපන්නයා සකෘදාගාමීහුගේ ශ්‍රද්ධාවට නොපැමිණියේනුයි අස්සද්ධ නමි. සකෘදාගාමියා අනාගාමියාගේ ශ්‍රද්ධාවට නොපැමිණියේ නුයි අස්සද්ධ නමි. අනාගාමියා රහත්වූවහුගේ ශ්‍රද්ධාවට නොපැමිණියේනුයි අස්සද්ධ නමි. ආබාධො අරහතො වි උප්පජ්ජති රෝගාබාධ පහවෙයි. ආර්ය ශ්‍රාවකයාට සඨ මායාවී යන නම් නැත. ඒනිසාම තෙරුන් වහන්සේ කියන ලද ලෝකෝත්තර ප්‍රධානාංග පස මට රුචි වෙතියි කීහ. අස්සඛලුඞ්ක සූත්‍රාන්තයෙහි මහණෙනි අස්සඛලුඞ්කයෙහි තුනක්ද පුරිසඛලුඞ්කයෙහි තුනක්ද දේශනා කරන්නෙමි, මෙහි ආර්ය ශ්‍රාවකයාටද සඨයැයි නමක් ආයේය. ඒ වශයෙන් ලෝකෝත්තර මිශ්‍රක කියන ලදැයි කියන ලදී. පෘථක් ජනයා වනාහි සෝතාපත්ති මාර්ග වීර්යට නොපැමිණියේ -පෙ- අනාගාමි මාර්ග වීර්යයට, අර්හත් මාර්ග වීර්යයට නොපැමිණියේ වෙයි. කුසීතයාද අස්සදධයා මෙන් යැයි කියන්නෝ වෙති. නුවණ පුද්ගලයාද එසේය.