බාහිතික සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතං යනු බාහිතිය සුත්‍රයයි එහි එකපුණ්ඩරීකනාගං යනු එනම් ඇති හස්තියා. උගේ ඉලඇට මත තල්ගෙඩියක් තරම්වූ සුදු තැනක් ඇත. ඒනිසා ඌට එකපුණ්ඩරීකයැයි නමක් කළහ. සිරිවඩ්ඨං මහාමත්තං තනි ඇතකු පිට නැගී. කීමෙ පහසුව පිණිස සමග යන්නාවු මේ නම ඇති මහාමාත්‍රයා. ආයස්මානො මෙහි නො යනු ප්‍රශ්න කිරීම සඳහා වු නිපාතයකි. මහා මාත්‍රයා තෙරුන්ගේ දෙපට සිවුර හා පාත්‍රය දරන ආකාරය සලකා එසේය. මහරජයි කීය.
ඔපාරම්භො දෝෂාරෝපණය දොස් පැවරීමට සුදුසු කිං පුච්ඡාමි රජ අසයි සුන්‍දරී වස්තුවෙහි උපන් මෙම සුත්‍රය ඔහු විමසමියි අසයි. යංහි මයං භන්තෙ ස්වාමීනි අපි. විඤ්ඤුහි මේපදය ගෙන ප්‍රශ්නයෙන් පුරවන්ට නොහැකිවීමු ඒ කරුණ මෙසේ කියන ආයුෂ්මතුන් විසින් පුරවන ලදී.
අකුසලො අදක්ෂතා වෙන් හටගත්, සාවජ්ජො දොස් සහිත සව්‍යාපජ්ඣො දුක්සහිත. දුක්‍ඛවිපාකො මෙහි කර්ම විපාකය කියන ලදී. තස්ස ආත්ම ව්‍යාධි ආදීන් පිණිස පැවති කාය සමාචාරයාගේ, මහරජ සියලු අකුසල්දම් ප්‍රහීණ කළ තථාගතයන් වහන්සේ කුසල ධර්මයන්ගෙන් යුක්තය. මෙහි
සබ්බෙසරඤ්ඤච අකුසලානං ධම්මානං පහානං වණ්ණෙති එය වර්ණනා කරතියි කීකල්හි විමසීම යම්සේද අර්ථයද එසේයයි කීවා වන්නේය. මෙසේ ප්‍රකාශ කිරීම බැරෑරුම්නැත. අල්පහීන අකුසල ඇත්තාද ප්‍රහාණය වර්ණනා කරන්නේය. භාග්‍යවතුන් වහන්සේ ප්‍රහීණ අකුශල ඇති බැවින් යථාවාදී තථාකාරීයැයි දක්වන්ට මෙසේ ප්‍රකාශ කළේය. ශුක්ල පක්ෂයෙහිද මේ ක්‍රමයයි.
බාහිතියා බාහිත රටෙහි විසු වස්ත්‍රයව මේ නමයි. සොලසමා ආයාමෙන දිගින් සමසොළොස් රියන්ය. අට්ඨසමා විත්‍ථාරෙන පුළුලින් සම අටරියන්ය.
භගවතො පාදාසි භාග්‍යවතුන් වහන්සේට පැවරීය. දී ගඳකිලියෙහි වියනක් කොට බැන්දේය. එතැන්පටන් ගඳකිළිය බොහෝ සෙයින් සෝහමානවිය. සෙස්ස සියලු තැන නොගැඹුරුමය. නෙය්‍ය පුද්ගල වශයෙන් මේ දේශනාව නිමවිය.
අටවැනි බාහිනිය සුත්‍රයයි.
ධම්මචෙතිය සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතං යනු ධම්මචෙතිය සුත්‍රයයි. එහි මෙදතළුම්පං මේ නම ඒ නියම්ගම මේද වණ පාෂාණ බෙහෙවින් තිබුණේය. ඒනිසා මෙදතළුම්පයයි ප්‍රසිද්ධියට ගියේය. මෙහි සේනාසනය තාවකාලිකය ඒනිසා නොකියන ලදී.
නගරකං මෙනම් ඇති ශාක්‍යයන්ගේ නියම්ගම කෙනචිදෙව කරණීයෙන අන්කරුණක් සඳහා නොවේ. හෙතෙමේ බන්ධුල සේනාපතියා පුතුන් තිස් දෙදෙනා සමග එක්දවසකින්ම අල්ලාගනිවුයයි අණකළේය. එදවසම ඔහුගේ භාර්යාව වූ මල්ලිකා විසින් පන්සියයක් භික්‍ෂුන් සමග භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කරන ලදී. බුදුන් ප්‍රමුඛ භික්‍ෂුසංඝයා ගෙට පැමිණ වැඩහුන් කෙණෙහිම සේනාපතියා කලුරිය කළේයයි හසුනක් ගෙනවුත් මල්ලිකාට දුන්හ. ඈ හසුන ගෙන පණිවිඩය ඇසුවාය. ආර්යාවනි, රජුවිසින් සේනාපති තුමා පුතුන් තිස් දෙදෙන සමග එක පහරින්ම අල්ලාගනු ලැබීයයි දැන්වූහ. මෙය මහජනයා අතරට නොයවන්න. හසුන ඉනෙහි ගසාගෙන භික්‍ෂුසංඝයා වැළඳවූවාය. ඒ වේලාවෙහි එක් ගිතෙල් සැළියක් පිටතට ගෙන ගියහ. එය එළිපත්තෙහි ගැටී බිදිණ. එය ඉවත් කොට අනිකක් ගෙන්වාගෙන භික්‍ෂුසංඝයා වැළඳවූවාය.