පියජාතික සූත්ර වර්ණනාව
එවම්මෙසුතං යනු පියජාතික සූත්රයයි. එහි නෙව කම්මන්තා පටිභන්ති සියලු ආකාරයෙන් සියල්ල අවබෝධ නොකෙරෙත් ප්රකෘති නියාමයෙන් අවබෝධ නොවෙත් නො එළඹෙත්. දෙවැනි පදයෙහිද මේ ක්රමය මැයි මෙහි නපටිභාති යනු රුචිනොවේ ආලාහනං සුසානය අඤ්ඤථන්තං විවර්ණ හෙයින් වෙනස්බව. ඉන්ද්රියයෝ නම් මනෝ විඤ්ඤෙය්ය ධර්මයෝය. එහි පිහිටියවුන් සඳහා මෙය කියන ලදී. පිය ජාතිකා ප්රියභාවයෙන් හටගනිත්. පියප්පභවිතෙ ප්රියභාවයෙන් සම්භවය ලබත්.
ඉදින් මහරජයැයි එහි අර්ථය නොසලකන්නෝද වුවද ශාස්තෲන් වහන්සේ සඳහා කියයි. චරපිරෙ ඉවත්වව අප අනුන් ආභ්යන්තරික නොවු කල්හි යන අර්ථයි. නැතහොත් චරපිරේ යනු ඉවතට යව. මෙහි නොසිටුව යන අර්ථයද වෙයි.
ද්විදා ඡෙත්වා අසිපතින් දෙකොටසක් කරමින් සිඳ. අත්තානං ඔපාදෙසි ඒ අසිපතින්ම තමාගේ උදරය පැළීය. ඉදින් ඔහුට එය අප්රිය වේනම් දැන් වෙනත් ගැහැණියක ගන්නෙමියි තමා මරා නොගන්නේය. යම්හෙයකින් ඔහුට ඇය ප්රියවූවාද ඒනිසා පරලොවද ඇය සමගින් එක්වන බව පතමින් මෙසේ කළේය.
පිසා තෙ වජිරී (වජිරිනම් රජුගේ එක් දුවක සඳහා කීය) ඇයට මෙසේ සිතිණ. මහරජතුමනි, ඉදින් මම මේ සැවැත් නුවරම එක්තරා ස්ත්රියක් වීනම් ආදි කථාවක් කියන්නේය. ඔබට මේ ඉවත්වෙව යන කථාව කීයේ කවරෙක්ද එසේ නොවේයයි ප්රතිෂේධනය කරන්නෙමි. වර්තමානයෙන්ම දන්වන්නෙමියි සිතා මෙසේ කීය. විපරිණාමඤ්ඤථා භාවා එහි මරණ වශයෙන් විපරිණාමයයි. කිසිවකු සමග පළාගොස් ගමන වශයෙන් වෙනස් බව දතයුතුය.
වාසභාය වාසභා යනු රජුගේ එක් බිසවකි. ඇය සඳහා කීය.
පියාතෙ අහංයැයි කුමක්නිසා සියල්ලට පසුව කීවාද ඇයට මෙසේ සිතිණ. මේ රජ මට කිපුණේය. ඉදින් මම සියල්ලට පළමුව මම ඔබට ප්රිය දැයි අසම්නම් මට තී ප්රිය නොවේ ඉවත්වෙවයි කියන්නේය. එසේ ඇති කල්හි කථාවට ප්රතිෂ්ඨාවක් නොලබන්නේය. කථාව පිහිටුවීම සඳහා සියල්ලට පසුව ඇසුවාය. කාසි කෝසල ජනපදයන් අත්හරින ලද බැවින් විපරිණාමයයි. විරුද්ධ රජුන්ගේ අතට යාම් වශයෙන් වෙනස් බව දතයුතුය.
ආචාමෙහි සෝදන ජලය දෙව. සෝදා අත්පා දොවා මුව සෝදා ශාස්තෲන් වහන්සේ වඳිනු කැමැත්තේ මෙසේ කීය. සෙස්ස සියලු තැන නොගැඹුරුමය.
සත්වැනි පියජාතික සූත්රයයි.
බාහිතික සූත්ර වර්ණනාව
එවම්මෙසුතං යනු බාහිතිය සුත්රයයි එහි එකපුණ්ඩරීකනාගං යනු එනම් ඇති හස්තියා. උගේ ඉලඇට මත තල්ගෙඩියක් තරම්වූ සුදු තැනක් ඇත. ඒනිසා ඌට එකපුණ්ඩරීකයැයි නමක් කළහ. සිරිවඩ්ඨං මහාමත්තං තනි ඇතකු පිට නැගී. කීමෙ පහසුව පිණිස සමග යන්නාවු මේ නම ඇති මහාමාත්රයා. ආයස්මානො මෙහි නො යනු ප්රශ්න කිරීම සඳහා වු නිපාතයකි. මහා මාත්රයා තෙරුන්ගේ දෙපට සිවුර හා පාත්රය දරන ආකාරය සලකා එසේය. මහරජයි කීය.