අඞ්ගුලිමාල සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතං යනු අංගුලිමාල සුත්‍රයයි. එහි අඞ්ගූලිනං මාලංධාරෙති කුමක් නිසා දරයිද? ගුරුවරයාගේ වචනය නිසා, මේ එහි අනුපිළිවෙළකථාවයි.
මොහු වනාහි කොසොල් රජුගේ පුරෝහිතයාගේ මන්තාණිනම් බැමිණියගේ කුසෙහි පිළිසිඳගත්තේය. බැමිණියට රාත්‍රිකාලයෙහි ප්‍රසූතිය සිදුවිය. ඔහු මව්කුසින් නික්මෙන කල්හි මුළු නුවර ආයුධ දිලිසිණ. රජුගේ මගුල් කොන්තය ද තමා ළඟ තබා තිබුණු කඩු මිටද දිලිසුණේය. බමුණා නික්ම ගොස් නැකැත් බලන්නේ සොර නැකතින් උපන්නේ යයි රජුගේ සමීපයට ගොස් සැපසේ සැතපේදැයි ඇසීය.
රජතෙමේ ආචාර්යය. මට සැප නින්දක් කොයින්ද, මාගේ මඟුල්කඩුව දිලිසුණේය. රාජ්‍යයට හෝ ජීවිතයට අන්තරායක් වන්නේ යැයි හැඟේ. මහරජතුමනි බියනොවන්න, මාගේ ගෙයි කුමරෙක් උපන. ඔහුගේ ආනුභාවයෙන් ඔබතුමාගේ ගෙහි පමණක් නොව මුළු නුවර ආයුධ දිලිසුණේය. ආචාර්යය කුමක් වන්ද? මහරජතුමනි සොරෙක් වන්නේය. දේවයන්වහන්ස, එක්සොරෙක්, එක් සොරෙක් පමණක්ද රාජ්‍ය දූෂකයෙක්ද වේ. මෙසේ කියාම රජුගේ සිත ගනු කැමැත්තේ මෙසේ කීය. දේවයන් වහන්ස, ඔහු ඉවත් කරනු මැනවි. එක් සොරක් වී කුමක් කරන්නද? කිරිය දහසක් පමණ වූ කුඹුරෙහි හැල්කරලක් මෙන් වෙයි. ඔහු හදාවඩාගනු මැනව, ඔහුට නම් තබන්නාහු ඇඳෙහි තැබූ මගුල්කඩුවෙහි මිට, පියස්සෙහි තැබු සරාව, කපුපුළුනෙහි තැබු තල්වැට තනන ආයුධය යන මේවා දිලිසුණත් කිසිවකුට හිංසාවක් නොවීයැයි අහිංසක යැයි නමක් තැබූහ. ඔහු ශිල්ප උගන්නා සමයෙහි තක්සලාවට පිටත් කොට හැරියාහුය.
හේ ධර්මාන්තේ වාසිකයකු වී ශිල්ප ඇරඹීය. වතින් සරු, කීකරු, මනාපචාරි ප්රියාවාදී සිසුවෙක් විය. සෙසු අතවැසියෝ බැහැරීයෝය. ඔවුහුද අහිංසක තරුණයා පැමිණි කල් පටන් අපි කැපීනොපෙනෙමු. කෙසේ බිඳුවන්නෙමුදැයි හඳ කුමන්ත්‍රණ කරන්නාහු සියල්ලන්ට වඩා පැණවත් හෙයින් මෝඩයෙක් යැයි කිව නොහැකිය. වතින් සරුහෙයින් නරක හැසිරීම් ඇත්තෙක්යැයි කිව නොහැකිය. ජාති සම්පන්න හෙයින් කුලහීනයෙකැයි කිව නොහැකියි. කුමක් කරන්නෙමුදැයි ඉන්පසු එක් දරුණු කුමන්ත්‍රණයක් කළහ. ගුරුපත්නිය ඇතුළත් කොට ඔහු බිඳුවන්නෙමුයි කණ්ඩායම් තුනකට බෙදී පළමුව එක්පිරිසක් ගුරුවරයා වෙත එළඹ වැඳ සිටියාහුය. ඇයි දරුවෙනි? මේ ගෙය එක් කථාවක් ඇසේ. කුමක්ද දරුවෙනි, අහිංසක මානවකයා ඔබ වහන්සේ මැරිම සඳහා (පතිනිය හා) කුමන්ත්‍රණ කරතියි සිතමු. ගුරුවරයා ඔවුන්ට තර්ජනය කොට පලයවු වසලයෙනි. මාගේ පුත්‍රයා මා අතරෙහි නොබිඳුවවුයයි එලවා දැමීය. ඉන්පසු ඉතිරි කණ්ඩායමද අනිත් කණ්ඩායමද යන තුන්කොටසම අවුත් එසේම කියා අප නො අදහන්නේනම් පරීක්ෂා කොට දනුමැනැවැයි කීහ.
ගුරුවරයා සෙනෙහසින් කියන්නවුන් දැක, පතිනිය හා මිතුරුකමක් ඇතැයි සිතමියි බිඳී මෙසේ සිතීය. ඔහු මරමි. නැවත සිතීය. ඉදින් මරන්නෙම් නම් දිසාපාමොක් ඇදුරු තෙමේ තමාගේ සමීපයට ශිල්ප ඉගෙනීමට ආ මානවකයන් වරදක් උපදවා දිවි තොර කරයි. නැවත කිසිවෙක් ශිල්ප ඉගෙනීමට නොඑන්නේය. මෙසේ මාගේ ලාභය පිරිහෙන්නේය. ඉක්බිති ඔහුට ශිල්පයට අවසාන උපහාරයයැයි කියා පාදහසක් මරවයි කියමි. අවශ්‍යයෙන්ම එහිදී එකෙක් නැගී මොහු මරන්නේයයි ඔහුට කීය.
එව දරුව පා දහසක් මරව. මෙසේ ඔබ ශිල්පයට උපහාර කළා වන්නේය. ගුරුතුමනි අපි අහිංසක කුලයෙහි උපන්නෝ වෙමු එය කළ නොහැකිය. දරුවා උපහාර නොලබන ශිල්පය පලනොදෙයි. ඔහු පංචායුධය ගෙන ගුරුවරයා වැඳ වනයට පිවිසියේය. වනයට පිවිසෙන තැනද, වනමැදද වනයෙන් පිටවන තැනද සිට මිනිසුන් මැරුවේය. වස්ත්‍රයක්වත් හිස් වෙළුමක්වත් නොගනී. එකයි දෙකයි යනුවෙන් ගිණුම් පමණක් කරමින් යයි. ගණනයද නුගනී. ප්‍රකෘතියෙන්ම මොහු පැණවත්ය ප්‍රාණඝාත කරන්නහුගේ සිත නොපිහිටයි. ඒනිසා පිළිවෙළින් ගණනද නොසැළකීය. එක් එක් ඇඟිල්ලකපා තබයි. තිබුතැන ඇඟිලි විනාශවෙයි. ඉන්පසු විද ඇගිලි වලින් වැලක් කොට දැරීය. ඒ නිසාම ඔහුට අංගුලි මාලයයි නමක් උපන හෙතෙමේ මුළු වනයම නොහැසිරෙන තැනක් කළේය. දර ආදිය සඳහා වනයට යාමට සමතෙක් නොවීය.
රාත්‍රි කාලයෙහි ඇතුළුගමටද අවුත් පයින් පහරදී දොර ඇරගනී. ඉන්පසු නිදන්නවුන් මරා එකයි එකයි ගැණයයි. ගම අත්හැර නියම්ගමෙහි සිටියේය. නියම්ගම අතහැර නගරයෙහි සිටියේය. මිනිස්සු තුන්යොදුනක් තැන් පටන් ගෙවල් අත්හැර අඹුදරුවන් අතින්ගෙන පැමිණ සැවැත්නුවර වටකොට කඳුවුරක් බැඳ රජමිදුලෙහි රැස්ව දේවයන්වහන්ස ඔබ වහන්සේගේ විජිතයෙහි අංගුලිමාල නම් සොරෙක් සිටී යැයි කියා විලාප නගයි. පුරෝහිත තෙමේ මේ මාගේ පුත්‍රයා වියයුතුයැයි දැන බැමිණියට කීය. අංගුලිමාල නම් සොරෙක් උපන්නේය. හේ අනිකෙක් නොව තිගේ පුත්‍රයායි අහිංසක කුමාරයාය. දැන් රජතුමා ඔහු ඇල්ලීමට නික්මෙන්නේය. කුමක් කරන්නද? යන්න හිමියනි මාගේ පුත්‍රයා අල්ලාගෙන එන්න. සොඳුර මම උත්සාහ නොකරමි. ජනයන් සිව් දෙනකු කෙරෙහි විශ්වාසයක් නම් නැත. සොරා මාගේ පුරාණ මිතුරෙක්යයි විශ්වාස නොකළ යුතුයි. සාධා මෙ පුරාණ සත්ථතාති - කොල ඇතිරිය පෙර මගේ ඇතිරියයැයි විශ්වාස නොකළ යුතුය. රජු මට පුදතියි විශ්වාස කළ නොහැකිය. ස්ත්‍රීය මාගේ වසඟයට පැමිණියායැයි විශ්වාස කළ නොහැකිය. මවකගේ හදවත මෘදුය. ඒනිසා ඈ මෙසේ කීවාය. මම ගොස් මාගේ පුත්‍රයා කැඳවාගෙන එන්නෙමියි නික්ම ගියාය.