මධුර සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතං යනු මධුර සුත්‍රයයි. එහි මහාකච්චානො ගිහිකල උදේනී රජුගේ පුරෝහිතයාගේ පුත්‍රයාය. රූපවත්ය. දැකුම්කළුය. ප්‍රසන්නය රන්වන්ය. මධුරායං එනම් ඇති නගරයෙහි ගුන්‍දාවනෙ කණහ ගුන්දා වනයෙහි, අවන්තිපුත්තො අවන්ති රටෙහි රජුගේ දුවගේ පුත්‍රයාය වුද්ධො චෙව අරහාච තරුණයා රහත්වුවද මහලු තෙරුන්ට මෙන් සම්භාවනා නොකෙරෙති. උන්වහන්සේ වෘද්ධච රහත් ද වූහ. බ්‍රාහ්මණා භො කච්චාන ඒ රජතෙමේ බ්‍රාහ්මණ ලබ්ධිකයෙකි. ඒනිසා මෙසේ කීය. බ්‍රාහ්මණොව සෙට්ඨො වණ්ණො ආදිතන්හි ජාති ගෝත්‍ර ආදිය පනවන තැන බමුණෝම ශ්‍රේෂ්ඨයයි දක්වයි. හීනො අඤ්ඤෙ වණ්ණො ඉතිරි වර්ණත්‍රය හීන යයිද ලාමක යැයිද කියයි. සුක්කො සුදු කණ්හො කලු. සුජ්ඣාන්ති ජාතිගෝත්‍ර ආදිය පනවන අර්ථයෙන් පිරිසිදු වෙත්. බ්‍රහ්මුනො පුත්තා මහා බ්‍රහ්මයාගේ පුත්‍රයෝ, ඔරසා මුඛතොජාතා උරයෙහි වැස මුඛයෙන් නික්මුණු. උරයෙහි තබා වර්ධනය කරන ලද්දේ නුයිද ඔරසනම් බ්‍රහ්මජා බ්‍රහ්මයාගෙන් උපන්, බ්‍රහ්මනිම්මිතා බ්‍රහ්මයා විසින් නිර්මාණය කරන ලද, බ්‍රහ්මදායාදා බ්‍රහ්මයාගේ දායාදය සොසොයෙව ඛො එසො එය ව්‍යවහාර මාත්‍රයක්මය.
ඉජ්ඣෙය්‍ය සමෘද්ධ වන්නේය. යම්තරම් ධනය ප්‍රාර්ථනා කරයිද එපමණින් ඔහුගේ මනෝරථය පිරෙන්නේය යන අර්ථයි. ඛත්තියො පිස්ස ක්ෂත්‍රියයෙක් වෙයි. මේ ඓශ්චර්ය සම්පන්න පුද්ගලයා සැමට කලින් නැගිටින්නේ වෙයි. නෙසං එත්‍ථ කඤ්චි යනු මොවුන්ට මෙහි කිසිවක් නැත.
ආසනෙනවා නිමන්තෙය්‍ය හුන් අසුන ගසාදමා මෙහි හිඳින්නැයි කියන්නෙමු. අභි නිමන්තෙය්‍යාම පිතං මෙහි ගෙනවුත් ඔහුට ආරාධනා කරන්නෙමු. එහි කැඳවීම දෙයාකාරයි. වචනයෙන් ද කයින්ද, ඔබ කැමති කැමති ක්ෂණයෙහි මට චීවරාදියෙන් කියන්නාහුය. යම් අර්ථයකින්දැයි කියන්නේ වචනයෙන් කැඳවා ආරාධනය කරයි නම් චීවර ආදියෙහි වෙනස සලකා මෙය ගන්න. ඒවා දෙන්නේ කයින් කැඳවා ආරාධනය කරයි නම්. ඒ දෙකම සඳහා අභිනිමන්තෙය්‍යාමපිනං යනුවෙන් කීය. රක්‍ඛාවරණ ගුත්ති ආරක්ෂා සංඛ්‍යාතවූද ආවරණ සංඛ්‍යාතවූද රැකවරණය. එයවනාහි ආයුධ අතින්ගත් පුරුෂයන් තබන්නහු විසින් ධාර්මික ආරක්ෂාව තබන ලද්දේවෙයි. යම්සේ අවේලාවෙහි දර ගෙන එන්නාවු ස්ත්‍රීහුද කොළ ගෙන එන්නාවු ස්ත්‍රීහු විහාරයට නොපිවිසෙත්ද මුව වැද්දෝ ආදීහු විහාර සීමාව තුළ මුවන් හෝ මත්ස්‍යයන් හෝ නොඅල්ලත්ද එසේ සංවිධාන කරන්නා විසින් ධාර්මික ආරක්ෂාව තබන ලද්දේනම් වේ. ඒ සඳහා කීය. ධම්මිකං යනුවෙන්
එවං සන්තෙ මෙසේ චතුර්වර්ණ ඇති පැවිද්දන්ට පැවිදි සත්කාර සමකල්හි සමාන කල්හි, සෙස්ස සියලු තැන නොගැඹුරුමය.
සිව්වැනි මධුරසුත්‍රයයි
බෝධිරාජකුමාර සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතං යනු බොධිරාජ කුමාර සුත්‍රයයි. එහි කොකනදො කොකනදයයි කියනු ලැබේ. ඒ මංගල ප්‍රාසාදය එල්ලෙන නෙළුමක හැඩයෙන් පෙනුමෙන් කරන ලද්දකි. ඒ නිසා කෝකනදයයි නමක් ලැබීය.
යාව පච්ඡිමා සොපාන කළෙපරා - එහි පශ්චිමසෝපාන කළෙපර යනු පියගැට පෙළෙහි පළමුවැනි ඵලකයයි කියන ලදී. අද්දසාඛො බලන අර්ථයෙන්ම දොර කොටුවෙහි සිට දුටුවේය. භගවා තුණ්හී අහොසි කවර අර්ථයකින් රජකුමරා විසින් මේ මහා සත්කාරය කරන ලද්දේදැයි ආවර්ජනය කරනු යේ පුත්‍රයකු පත් කරන ලද බව දන්නේය. ඒ රාජපුත්‍රයා පුත්‍රයන් නැති බහුශ්‍රැතයෙක් විය. බුදුවරුන් හමුවෙහි උත්සාහ කර මනසින් කැමතිවන දේ ලබත්. හෙතෙමේ ඉදින් මම පුත්‍රයකු ලබන්නෙමි නම් සම්මාසම්බුදුන් වහන්සේ මේ රෙදිකඩ පාගන්නෝය නොලබන්නෙමි නම් නොපාගන්නෝ යැයි ප්‍රාර්ථනාවක් කොට ඇතිරවීය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මොහුට පුතෙක් උපදින්නේ දැයි ආවර්ජනා කොට නූපදින්නේයයි දුටුසේක.