මඛාදේව සූත්ර වර්ණනාව
එවම්මෙසුතං යනු මබාදේව පුත්රයයි. එහි මඛාදෙවම්බවනෙ පෙර මඛාදේව නම් රජෙක් ඒ අඹවනය රෝපණය කළේය. ඒ ගස් විනාශවී යන විට පසුකලෙක අන් රජවරුද රෝපණය කළාහුය, පුරාණ ව්යවහාර වශයෙන් මඛාදේව අඹවනය ම යැයි ප්රසිද්ධියට ගියේය. සිතම්යාත්වාකාසි සවස් කල්හි විහාර චාරිකාවෙහි හැසිරෙමින් රමණීයවු බිම්කඩක් දැක මාවිසින් මේ අවකාශයෙහි වසන ලද විරූයැයි ආවර්ජනා කරන්නේ පෙර මම මඛාදේව නම් රජෙක්ව මේ අඹවනය රෝපණය කළෙමි. මෙහිම පැවිදිවී සිට බඹවිහරණ වඩා බඹලොව උපන්නෙමි. මේ කරුණ භික්ෂුසංඝයාට ප්රකට නැත. එය ප්රකට කරන්නෙමියි දත් අග පෙන්වා සිනා පහළ කළේය.
ධර්මය ඔහුට ඇතැයි ධම්මිකො ධර්මයෙන් රජවූයේ නුයි. ධම්මරාජා, ධම්මෙ ඨිතො දසකුසල ධර්ම පථ ධර්මයෙහි සිටියේ ධම්මංචරති සමසේ හැසිරේ. එහි බ්රාහ්මණ ගෘහපතීන් අතර හෙතෙමේ පෙර යමෙක් රජුන් විසින් දෙන ලද පෙරහර ඇත්තේද එය නොකඩවා මුල් ක්රමයෙන්ම දුන්නේය. ගෘහපතියන්ටද එසේය. ඒ සඳහා මෙය කියන ලදි. පක්ඛස්ස මෙයින් ප්රාතිහාර්ය පක්ෂයද ගන්නා ලදී. අටවක, පොහොයට පුත්යුද්ගමන අනුද්ගමන වශයෙන් සතවකද නවවකද. සෙළෙස්වකද පසළොස් වකගේද ප්රත්යුද්ගමන අනුද්ගමන වශයෙන් තෙළෙස්වකද යන පිළිවෙළ මේ දවස් ප්රාතිහාර්ය පක්ෂයැයි දතයුතුය. ඒ අතර පොහොය සමාදන්ව විසීය.
දෙවදුතා දෙවායනු මරුය. ඔහුගේ දූතයෝ නුයි දේවදුතා හිසෙහි නරකෙස් පහළ වූ කල්හි මරුගේ සමීපයෙහි සිටියාක් මෙන් වෙයි. ඒ නිසා නරකෙස් මරුගේ දූතයෝයැයි කියනු ලැබේ. දෙවියන් වැනි දූතයෝද දෙවදූතයෝය යසේ අබරණින් සැරසුණු දේවතාවක අහසෙහි සිට අසුවල් දවසෙහි මැරෙන්නේයයි කීකල්හි එය එසේම වෙයි. මෙසේ හිසෙහි නරකෙස් පහළවු කල්හි දේව භාෂිතයක් හා සමාන වෙයි. ඒ නිසා නරකෙස් දේවදූතයන් හා සමානයයි කියනු ලැබේ. විශුද්ධි දෙවියන්ගේ දූතයෝනුයිද දේවදූත නම් සියලුම බෝධිසත්වයෝ දිරාගිය පුද්ගලයකු, ලෙඩවු පුද්ගලයකු, මියගිය පුද්ගලයකු පැවිද්දකු දැකම සංවේගයට පත්ව ගිහිගෙන් නික්ම පැවිදිවෙත්. කියන ලදී.
ජීණ්ණඤ්ච දිස්වා දුඛිතඤ්ච ව්යාධිතං - මතඤ්චා දිස්වා ගතවායු සංඛයං
කාසාය වත්ථං පබ්බජිතඤ්ච දිස්වා - තස්මා අහං පබ්බජිතොම්හි රාජ
කාසාය වත්ථං පබ්බජිතඤ්ච දිස්වා - තස්මා අහං පබ්බජිතොම්හි රාජ
ජරාජීර්ණ වූවකු
දුකට පත්වූවකු රෝගියකු
ආයු කෙළවර මිය ගිය එකකු
කසාවත් හැඳ පැවිද්දකු දැක
රජතුමනි මම පැවිදි වූයෙමි.
දුකට පත්වූවකු රෝගියකු
ආයු කෙළවර මිය ගිය එකකු
කසාවත් හැඳ පැවිද්දකු දැක
රජතුමනි මම පැවිදි වූයෙමි.
මේ ආකාරයෙන් නරකෙස් විශුද්ධි දෙවියන්ගේ දූතයන් බැවින් දේවදූතයෝ යැයි කියනු ලැබේ.
කප්පකස්ස ගාමවරංදත්වා සිය දහසක් උපදනා දෙටුගමක් දී, කුමක් නිසා දුන්නේද? සංවේගප්රාප්ත සිත් ඇති බැවින් ඔහුගේ අල්ලෙහි තබන ලද නරකෙස් දැකම සංවේගය උපන්නේය. තවත් අසූහාරදහසක් වස් ආයුෂ ඇත. එසේ ඇති කල්හිත් මාරයාගේ සමීපයෙහි තමා සිටියාක් මෙන් හඟිමින් සංවේගයට පත්ව පැවිද්ද කැමතිවිය. එහෙයින් කියන ලදී,
සිරො දිසවාන පලිතං මඛාදෙවො දිසම්පති
සංවේගං අලභීධීරො පබ්බජ්ජං සමරොචයී
සංවේගං අලභීධීරො පබ්බජ්ජං සමරොචයී
මඛාදේව රජ
නරකෙස් ඇති හිස දැක
සංවේගයට පත්ව
පැවිද්ද කැමතිවිය.
නරකෙස් ඇති හිස දැක
සංවේගයට පත්ව
පැවිද්ද කැමතිවිය.
තවත් කියන ලදි
උත්තමඞ්ගරුහා මය්හං ඉමෙජාතා වයොහරා
පාතුභූතා දෙවදූතා පබ්බජ්ජා සමයො මම
පාතුභූතා දෙවදූතා පබ්බජ්ජා සමයො මම
වයස පැහැර ගන්නා
මාගේ හිසකෙස් ඇතිවිය.
දේවදූතයෝ පහළ වූහ
පැවිදිවීමට කාලයයි.
මාගේ හිසකෙස් ඇතිවිය.
දේවදූතයෝ පහළ වූහ
පැවිදිවීමට කාලයයි.
පුරිසයුගෙ වංශය ආරම්භයෙහි සිටි පුරුෂයා, කෙසමස්සුංඔහාරෙත්වා තවුස් පැවිද්දෙන් පැවිදිවන්නෝද පළමු කොට කෙස් රවුල් ඉවත් කොට පැවිදිවෙති. එතැන්පටන් වැඩුණු කෙස් බැඳ ජටා කලාප ධරව හැසිරෙත් බෝධිසත්වයන් වහන්සේ ද තවුස් පැවිද්දන් පැවිදිවූහ. පැවිදිවීද ආහාර සොයායාමෙහි නොයෙදී රජගහනුවරින් ගෙන්වන ලද භික්ෂාවෙන් යැපෙන්නාහු බ්රහ්විහාර විසුහ. ඒනිසා සො මෙත්තා සහගතෙන ආදිය කියන ලදී.
කුමාර කිළකං කීළි උකුලින් උකුලට වඩනු ලබමින්ම ක්රීඩා කළහ. ඔවුහු මල්කලබක් මෙන් ඔහු ඔසවාගෙනම හැසිරුණාහ. රඤ්ඤො මඛාදෙවස්ස පුත්තො -පෙ- පබ්බජි මොහු පැවිදි වු දිනයෙහි මඟුල් පහක් සිදුවිය. මඛාදේව රජුගේ මතක බත, ඒ රජුගේ පැවිදි මඟුල, ඔහුගේ පුතුට නම් තබන මඟුල යුවරජකමට පත්වීමේ මඟුල සේසත් නැංවීමේ මගුල යැයි එකම කලෙක මගුල්පහක් කළහ. මුළු දඹදිව් තලයට විවේක දිනයක් විය.