රට්ඨපාල සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතං යනු රට්ඨපාල සූත්‍රයයි. එහි ථුල්ලකොට්ඨකං යනු මහා කොටුවයි. පිරිපුන් කෝෂ්ඨාගාරයයි. ඒ ජනපදය නිරන්තර ශස්‍ය ඇත්තේය. සැමදා බිජුවට නික්මෙයි. ධාන්‍ය පිවිසෙයි. ඒ නිසා ඒ නියම්ගමෙහි කෝෂ්ඨාගාර නිරතුරුව පිරී පවතී. ඒනිසා ථුල්ලකොට්ඨක යනුවෙන්ම ප්‍රසිද්ධියට පත්විය.
රට්ඨපාලො රට්ඨපාලයනු කුමක් හෙයින්ද? බිඳුණු රට දරාගන්ට පාලනය කරන්ට සමර්ථනුයි රට්ඨපාල නම් වේ. ඔහුට මේ නම ලැබුණේ කවදාද? පදුමුත්තර සම්මාසම්බුදුන් වහන්සේගේ කාලයෙහි මින් පෙර කප් සියදහසක් මතුයෙහි මිනිසුන්ගේ ආයුකාලය වර්ෂ සියදහසක්වූ කල්හි පදුමුත්තරනම් ශාස්තෲන් වහන්සේ ඉපිද භික්‍ෂුන් සියදහසක් පිරිවර ඇතිව ලෝකයාගේ හිත පිණිස චාරිකාවේ හැසිරුණු සේක. යමක් සඳහා කියන ලද්දේද.
නගරෙ හංසවතියා ආනන්‍දෙනාම ඛත්තියො
සුජාතා නාම ජනිකා පදුමුත්ත රස්ස සත්‍ථුනො
හංසවතී නුවර ආනන්ද නම් ක්ෂත්‍රියයා හා
සුජාතා, පියුමතුරා බුදුන්ගේ පියා හා මව වූහ.
පදුමුත්තර බුදුරජාණන් වහන්සේ නූපන් කල්හිම හංසවතී නගරයෙහි කෙළෙඹියෝ දෙදෙනෙක් ශ්‍රද්ධා සම්පන්නව දුප්පතුන්ට මාර්ගිකයන්ට යාචකයන්ට දන් එළවූහ. එකල්හි පර්වත වාසී පන්සියයක් තවුසෝ සුළුකලක් වැස පර්වතපාදයටම ගියාහුය. සඟතෙරවරු දෙනමක් පැමිණියහ. උන්වහන්සේලාට ඔවුහු දිවි ඇතිතාක් උපස්ථාන කළහ. තවුසන් වළදා අනුමෝදනාව කරන කල්හි එක් අයෙක් ශක්‍රභවනයෙහි ගුණ කියයි. එක් අයෙක් භූමින්‍ධර නාගරාජ භවනයෙහි ගුණ කියයි.
කෙළෙඹියන් දෙදෙනාගෙන් එකෙක් ශක්‍රභවනය කෙරෙහි ප්‍රාර්ථනාවක් කොට සක්‍රයෙක් වැ උපන්නේය. එකෙක් නාගභවනයෙහි පාලිත නාගරාජනම් වී ශක්‍රයා ඔහු තමාගේ උපස්ථානයට පැමිණි බව දැක නාගයෝනියෙහි සතුටුවෙහිදැයි ඇසීය. හේ සතුටු නොවෙමියි කීය. එසේනම් පුදුමුත්තර භාග්‍යවතුන් වහන්සේට දානයක්දී මෙතැන ප්‍රාර්ථනාවක් කරව දෙදෙනාම මෙහි සැපසේ වසන්නෙමු. නාරජ භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කොට භික්‍ෂුන් සිය දහසක් පිරිවර ඇති භාග්‍යවතුන් වහන්සේට සත් දවසක් මහදන් දෙමින් පදුමුත්තර දශබලධාරීන් වහන්සේගේ පුත්‍ර උපරේවත නම් සාමණේරයන් දැක සත්වැනි දවසෙහි බුද්ධ ප්‍රමුඛ සංඝයාට දිවසළුදී සාමණේරයන්ගේ තනතුර පැතුවේය. භාග්‍යවතුන් වහන්සේ අනාගතය බලා අනාගතයෙහි ගෞතම නම් බුදුන්ගේ පුත්‍ර රාහුල කුමාරයා වන්නේ යයි දැක ඔබගේ ප්‍රාර්ථනාව සමෘද්ධ වන්නේයයි ප්‍රකාශ කළසේක. නාරජ ඒ බව ශක්‍රයාට කීය. ශක්‍රයා ඔහුගේ වචනය අසා එසේම සත්දවසක් මහදන්දී බිඳුණු රට සමගි කොට ශ්‍රද්ධාවෙන් පැවිදි වු රටඨපාලනම් කුලපුත්‍රයා දැක මමද අනාගතයෙහි ලෝකයෙහි ඔබවැනි බුදුවරයකු උපන්කල්හි බිඳුණුරට සමගි කරන්ට පාලනය කරන්ට සමර්ථවූ කුලයක ඉපිද මේ කුලපුත්‍රයා මෙන් ශ්‍රද්ධාවෙන් පැවිදිවු රටඨපාල නම් වුවමැනවැයි ප්‍රාර්ථනාවක් කළේය. ශාස්තෲන් වහන්සේ සමෘද්ධවන බව දැන මේ ගාථාව කීසේක.
සරාජිකං චාතුවණ්ණිං පොසෙතුං යං පහොස්සති
රට්ඨපාල කුලංනාම තත්‍ථ ජායිස්සතෙ අයං
සරාජිකවූ චතුර්වර්ණයන් ඇති යම් කුලයක් වේද.
ඒ රට්ඨපාලකුලය පෝෂණය කරනට මොහු එහි උපදනේය.
මෙසේ පුදුමුත්තර සම්මා සම්බුදුන් වහන්සේගේ කාලයෙහිම ඔහුට මේ නම ලැබිණැයි දතයුතුයි.
එතදහොසි කුමන සිතක් ඇතිවීද? යථා යථා ඛො යනාදිය මේ මෙහි සංක්ෂේප කථාවයි. මම යම් යම් කරුණකින් භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය දනිම්ද ඒ ඒ කරුණින් සලකාබලන මට මෙසේ සිතෙයි. යම්කලෙක මේ ත්‍රිවිධ ශික්ෂා බ්‍රහ්මචර්යය එක්දවසක්වත් නොකඩ කොට හැසිරීමේ සිත පත්කළයුතු බැවින් ඒකාන්තයෙන් පරිපූර්ණව හැසිරිය යුතුය. එක්දවසක්වත් කෙලෙස් මලින් කිලිටි නොකොට හැසිරීමේ සිත පත්කළ යුතු බැවින් ඒකාන්ත පරිශුද්ධය. සඞ්ඛලිඛිතං ලියවන ලද සක්ගෙඩියක් හා සමානව දෝවනය කරන ලද සක්ගෙඩියක් හා සමානව හැසිරිය යුතුය. ඉදං න සුකරං අගාරං අජ්ඣාවසතා ගිහිගෙයි වසන්නකු විසින් ඒකාන්ත පරිපුර්ණ කොට -පෙ- චරිතුං හැසිරෙන්ට යන්නූනාහං කෙසඤ්ච මස්සුච ඔහාරෙත්‍වා කාසාය රසපීතාය කාසායානි බ්‍රහ්මචරියං චරන්තානං අනුච්ඡවිකානි වත්‍ථානි අච්ඡාදෙත්‍වා අශාරස්මා නික්‍ඛමිත්‍වා අනගාරිය පබ්බජෙය්‍යං කෙස් රවුලු ඉවත් කොට කසට රස පෙවූ කහවත් හැඳ බඹසර හැසිරෙන්නා වුනට සුදුසු රෙදි හැඳ ගිහිගෙන් නික්ම අනාගාරියනම් සසුනෙහි පැවිදිවන්නෙමි නම් මැනවි.