චූළසකුලුදායි සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතං යනු චූලසකුලුදායි සුත්‍රයයි එහි යදාපන හන්තෙ භගවා මෙය පරිබ්‍රාජකයා ධර්මකතාවක් අසනු කැමැත්තේ භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කිරීමට කැමති බව දක්වන්නේ කීය.
තං යෙවෙත්‍ථ පටිභාතු ඉදින් ධර්මය අසන්ට කැමැත්තේ වෙහිනම් ඔබට මෙහිදී එක් ප්‍රශ්නයක් එක්කරුණක් ඉදිරිපත් කෙරේවා යථා මං පටිභාසෙය්‍ය යම් කරුණකින් ධර්ම දේශනාව ඉදිරිපත් කෙරේනම් එම කරුණින්ම කතාව හටගත් කල්හි සුවසේ ධර්මය දේශනා කෙරේවායි දක්වයි. තස්ස මය්හං භන්තෙ හේ ඔහු කුපිතවූ බවදැක ඉදින් භාග්‍යවතුන් වහන්සේ මෙහි වූසේක්නම්, මේ මේ කියු දෙයෙහි අර්ථයයි පහන් දහසක් දල්වා මෙන් අද මට ප්‍රකට කරන සේකැයි දසබලධාරීන් වහන්සේම සිහි කෙළෙමි. ඒනිසා තස්ස මය්හං භන්තෙ ආදිය කීය. එහි අහොනුන යනු සිහිකිරීම් අර්ථයෙහි නිපාත දෙකකි. භාග්‍යවතුන් වහන්සේ සිහි කරන ඔහුට මෙසේ සිතුණේය. අනේ භාග්‍යවතුන් වහන්සේ අනේ සුගතයන් වහන්සේ යො ඉමෙසං යමෙක් මේ ධර්මයන් පිළිබඳව දක්ෂයෙක්ය, මනා දක්ෂයෙක්ය, නිපුණයෙක්ය, ජේකයෙක්ය, ඒ භාග්‍යවතුන් වහන්සේ අනේ කියන්නේනම් මැනවි, ඒ සුගතයන් වහන්සේ අනේ කියන්නේ නම් මැනවි, භාග්‍යවතුන් වහන්සේගේ පෙරවිසූ කඳ පිළිවෙළ දන්නා නුවණට නොයෙක් කල්ප කෝටි සිය දහස් ගණනක් එකයායට පැහැදිළි විය යනු මෙහි අදහසයි.
තස්සවාහං පුබ්බන්තං ආරබ්භ යමෙක් ලාභියෙක් වේද. හේ පෙර ඔබ ක්ෂත්‍රියෙක් වූයෙහිය, බ්‍රාහ්මණයෙක් වූයෙහි යයි කී කල්හි ඒ ගැන දන්නේ සකසා අසන්ට කැමතිවෙයි. ලාභී නොවන්නෙක් මෙසේ වන්නේය. මෙසේ වන්නේයයි කීකල්හි හේ සසල වූ බවක් පමණක් පෙන්වයි. ඒනිසා මෙසේ කීය. මම ඔහුගේ පූර්වාන්තය අරබයා ප්‍රශ්නය විසඳීමෙන් සිත ගන්නෙම් නම් මැනවි.
සොවා මං අපරන්තං දිවැස් ලාභියාට අනාගතය පිළිබඳව දැනුමක් පහළවෙයි. ඒනිසා මෙසේ කීය. අනික පෙර කියූ ක්‍රමයමැයි
ධම්මං දෙසිස්සාමි මෙතෙමේ අතීතයෙහි දේශනා කරනු ලැබුයේ වුවද අවබෝධකර නොගන්නේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෘදු සියුම් ප්‍රත්‍යයාකාරය දේශනා කරනු කැමති සේක් මෙසේ කීහ. කිංපනතං බුජ්ඣිස්සති මෙය පමණක් අවබෝධ නො කරන්නේ ය. අනාගතයෙහි ඔහුගේ වාසනාවට හේතුවක්ද වන්නේ ය.
[missing trans] මේ එහි කතාවයි : එක් යකින්නක් තම දෙදරුවන් ථූපාරම දොරටුවෙහි හිඳුවා අහර සොයනු පිණිස නගරයට ගියාය. දරුවෝ එක් පිඬුසිඟායන තෙරනමක් දැක මෙසේ කීහ, ස්වාමීනි අපගේ මව ඇතුළුනුවරට පිවිසියාය. ඇයට මෙසේ කියනු මැනවි. ලැබුණු ලැබුණු දෙයක් අරගෙන ඉක්මනට යන්න. තිගේ දරුවෝ කුසගින්න දරාගන්නට නොහැක්කෝය. මම ඇය කෙසේ දැක ගත්තෙම්ද. ස්වාමීනි මෙය ගන්නැයි එක් මුල්කැබැල්ලක් දුන්හ. තෙරුන්ට යකුන් දහස් ගණනක් දක්නට හැකිවිය. උන්වහන්සේ දරුවන් විසින් දෙන ලද සලකුණින් විරූපී පිළිකුල් කටයුතු කෙවුල් වීදියෙහි ගැබ්මල ගැන බලාසිටින ඒ යකින්න දුටහ. දැක ඒ බව දැන්වූහ. ඔබ වහන්සේ කෙසේ මා දකිත්දැයි කීකල්හි මුල්කැබැල්ල පෙන්වුහ. ඈ එය පැහැර ගත්තාය. මෙසේ පාංශු පිශාචයෝ එක් මුලක්ගෙන නොපෙනෙන සිරුර ඇත්තාහු වෙති. ඒ සඳහා එකම පාංශු පිශාචයකු වත් නොදකිමියි කීහ. න පක්ඛායති නොපෙනේ. නොවැටහේ.
දිඝාපි ඛො තෙ උදායි මේ ඔබගේ වචනය දිග වියහැකිය. මෙසේ කියන්නහුට වර්ෂ සියයක් හෝ වර්ෂ දහසක් වුවත් පැවතිය හැකියැයි අර්ථය පැහැදිලි කළ යුතුය. යන අදහසයි. අප්පටිහීරකතං අනෛර්යාණික, අමුලක. නිරර්ථක තත්ත්වයට පැමිණේය යන අර්ථය.
දැන් ඒ වර්ණය දක්වන්නේ සෙය්‍යථාපි භන්තෙ ආදිය කීය. එහි පණ්ඩුකම්බලෙනික්ඛන්තො අසමාන වර්ණ ඇති පඬු ඇඹුලෙහි තබන ලද්දේ එවං වණ්ණො අත්තා හොති හේ සුභකිණ්ණ දිව්‍ය ලෝකයෙහි උපන් ස්කන්ධ සඳහා අප මළකල්හි සුභකිණ්ණ දිව්‍යලෝකයෙහි අන්තය ඇති ස්කන්ධ මෙන් බැබලේ යැයි කියයි.
අයං ඉමෙසං උභින්නං යම් හෙයකින් මැණිකෙහි දීප්තිය පිටතට නොනික්මේද, කණාමැදිරියාගේ අඟලක් දෙකක් හතරක් පමණට නික්මේද, මහා කණමැදිරියාගේ කමත දක්වා නික්මේ මය. ඒනිසා මෙසේ කීය.
විද්ධෙ බිඳීගිය වලාකුළු පහවීමෙන් දුරීභූතවු කල්හි යන අර්ථයි. විගතවලාහකෙ වැඩිවලාකුළු ඉවත්වූ කල්හි දෙවෙ අහසෙහි, ඔසධී තාරකා සුදුතරුව එය උදාවුකල්හි පටන් ඒ සලකුණින් යම්හෙයකින් ඖෂධ ගනී ද පානය කරයිද ඒනිසා ඕසධී තාරකා යයි කියනු ලැබේ. අභිදො අඩ්ඪරත්තසමයං නොබිඳුණු මැදියම් කල්හි, අහස් ගැබෙහි සිටි චන්ද්‍රයා දක්වයි. අභිදො මජ්ඣාන්තිකෙපි එම ක්‍රමය මැයි,
අතොඛො යමෙක් අනුභව කරත්ද ඔවුන්ගෙන් බහුතරය බොහෝ ද බහුතරද යන අර්ථයි. ආභායනානුහොන්ති ආලෝකය වැළඳ නොගනී. තමාගේ ශරීරාලෝකයෙන්ම ආලෝකය පතුරුවා වාසය කරත්.
දැන් ඔහු කුමක්නිසා ඒකාන්ත සුඛ ඇති ලෝකය ගැන අසන්නෙමියි හුන්නේ ඇසීම් මුළාබවට පත්වූයේද, ඒනිසා භාග්‍යවතුන් වහන්සේ ඔහුට ඒ ප්‍රශ්නය සිහිකරන සේක් කිංපන උදාසි අත්‍ථි එකන්ත සුඛො ලොකො ආදිය කීසේක. මෙහි ආකාරවතී යනු කාරණා ඇති. අඤ්ඤතරංවාපන තපොගුණං අචේලක පෙළ සඳහා කීහ.
[missing pali] කුමක්නිසා අසයිද? ඔහුට මෙසේ සිතිණ. අපිද තමන්ට ඒකාන්ත සුඛයයි කියමු. ප්‍රතිපදාව කලකට සැපය කලකට දුකයැයි කියමු. ඒකාන්ත සුඛ ඇති තමාගේ ප්‍රතිපදාවද ඒකාන්ත සුඛ වියයුතුයි. අපගේ කථාව අනෛර්යාණික ශාස්තෲන් වහන්සේගේ කථා නෛර්යාණිකය. දැන් ශාස්තෲන් වහන්සේම විචාරා දැන ගන්නෙමියි ඒනිසා විචාරයි.