වෙඛනස්ස සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතං යනු වෙඛනස්ස සුත්‍රයයි. එහි වෙඛනස්ස මොහු සකුලුදාසීගේ ගුරුවරයාය. හේ සකුලුදායී පරිබ්‍රාජකයා පරම වර්ණ ප්‍රශ්නයේදී පරාජිතවුයේ යයි අසා මා විසින් ඔහු මනාසේ උගන්වන ලද්දේය. ඔහු විසින්ද මැනවින් ඉගෙන ගන්නා ලදී. පැරදුණේ කෙසේද? මම තෙමේම ගොස් ශ්‍රමණ ගෞතමයන්ගෙන් පරම වර්ණ ප්‍රශ්නය විචාර හොඳින් දැනගන්නෙමියි රජගහනුවර සිට යොදුන් හතළිස් පහක් සැවතට ගොස් භාග්‍යවතුන් වහන්සේ යම්තැනකද එතැනට එළැඹියේය. එළඹ සිටියේම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි උදානයක් ඇනීය. එහි පෙර යැයි කියන ලද පරිදි දතයුතුය.
පඤ්චඛො ඉමෙ යයි කුමක් නිසා ඇරඹූසේක්ද, ගිහියන්ගෙන් සමහරු කාමයට ගරු කරන්නෝය. කාමයෙහි ගැලුණෝ වෙති. සමහරු නෛෂ්ක්‍රම්‍යයට ගරු කරන්නෝය නෛෂ්ක්‍රම්‍යයෙහි ගිලුණෝය. මේ කාම ගරුකයා, කාමාධිමුක්තයා මේ කතාව කියනු ලබන කල්හි තමා කාමාධි මුත්ත බැවින් එය සලකන්නේය. මෙසේ ඔහුට මේ දේශනාව සත්ප්‍රාය වෙතියි මේ දේශනාව ඇරඹුසේක. කාමග්ගසුඛං නිර්වාණය අදහස් කරන ලදී.
පාපිතො භවිස්සති නොදන්නා බවට පමුණුවන ලද්දේ වෙයි. ලාමකබවටම පැමිණේනුයි තිරිසන් වචනයටම පැමිණෙයි. තිට්ඨතු පුබ්බන්තො තිට්ඨතු අපරන්තො යම්හෙයකින් තාගේ අතීත කතාවට සුදුසු දිබ්බචක්ඛු ඥානයක් නැත. ඒනිසා මේ දෙකම සිටීවායි කීය. සුත්තබන්‍ධනෙහි නුල් බැඳීම්වලින් ඔහුගේ ආරක්ෂාව පිණිස අත්පාවල ද ගෙලෙහිද නුල් බඳිති. ඒවා සඳහා මෙසේ කියනලදී. මහලුකල ඔහුගේ ඒ නුල් තෙමේම කුණු වී මිදෙයි. කඩා හෝ ඉවත් කරති.
එවමෙව ඛො මෙයින් මෙය දක්වයි. ළදරුවාගේ නුල් බැඳීම නොදන්නා කාලය අවිද්‍යාවෙහි මුල්කොන නොදැනීම මෙනි. අවිද්‍යාවෙහි මුල්කොන දත නොහැකිය. මුදනකල දැනීම අර්හත් මාර්ගයෙන් අවිද්‍යා බන්ධනයෙහි මිදීම වීයයි දැනීම මෙනි. සෙස්ස සියලු තැන නොගැඹුරුමය.
දසවැනි වෙඛනස්ස සුත්‍රයයි
තෙවැනි වර්ගය නිමියේය.
රාජ වර්ගය
ඝටීකාර සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතං යනු ඝටීකාර සුත්‍රයයි. එහි සිතං පාත්‍වාකාසි මහමගින් යන්නේ එක්තරා බිම් පෙදෙසක් බලා සැරිසරන මා මෙහි විසූවිරූ බවක් ඇත්දැයි ආවර්ජනය කරන්නේ කාශ්‍යප බුදුන්කල මේ ස්ථානයෙහි වේහලිංගනම් ගම්නියම්ගමක් වීයයි දුටුවේය. මම එකල ජෝතිපාල නම් මානවකයෙක් වීමි. මාගේ සහායකයා ඝටීකාර නම් කුම්භාකාරයෙක් විය. මා විසින් ඔහු සමග එක් යහපත් කරුණක් සිදුකරන ලදී. එය භික්‍ෂුසංඝයාට ප්‍රකට වුයේ නැත. වැසීතිබුණේය. එය භික්‍ෂු සංඝයාට ප්‍රකට කරමියි මගින් ඉවත්ව එක්තරා පෙදෙසක සිටිමින් සිනා පහළ කළේය. දත් අග පෙන්වා මඳ සිනාවක් පෑවේය. යම්සේ ලෞකික මනුෂ්‍යයෝ උදරයට ගන්නා කොහිද කොහිදැයි සිනාසෙත් බුදුවරු එසේ නොවෙති. බුදුවරුන්ගේ සිනාව තුටු පහටු මාත්‍රයක්ම වෙයි.
මෙය හසිත නම් වේ. මෙය සොමනස්ස සහගත සිත් කෙළෙසකින් වෙයි. එහි ලෞකික මහජනයා අකුසල වශයෙන් සතරකින්ද, කාමාචචර කුසල වශයෙන් සතරකිදැයි සිත් අටකින් සිනාසෙයි. බයෝ අකුශල වශයෙන් දිටයි සම්පයුත්ත දෙකක් ඉවත් කොට සිත් සයකින් සිනාසෙත්. ක්ෂීණාශ්‍රවයෝ සහේතුක කිරිය සිත් සතරින් එක් අහේතුක කිරිය සිතකින්ද යනුවෙන් සිත් පසකින් සිනාසෙත්. ඒ අතරද බලවත් අරමුණක් පහළවු කල්හි ඤාණ සම්පයුත්ත සිත් දෙකකින් සිනාසෙත්. දුර්වල අරමුණෙහි විහේතුක සිත් දෙකින්ද, අහේතුක සිතින්ද යන සිත් තුනෙන් සිනාසෙත්. මෙතැන කිරියා හේතුක මනෝවිඤ්ඤාණ ධාතු සොමනස්ස සහගත සිත භාග්‍යවතුන් වහන්සේට උපස්ථ ආකාර මාත්‍ර වූ සිනාව ඉපදවීය.
ඒ මේ හසිතයයි මෙසේ අල්ප මාත්‍රයක් තෙරුන්ට ප්‍රකටවිය. එබඳු කලෙක තථාගතයන් වහන්සේගේ සිව් දළදාවන්ගෙන් චාතුර්ද්වීවික මහා මේඝ මුඛයෙන් අකුණු සහිත විදුලියක් මෙන් බබලමින් මහතල් කඳක් පමණ වු රශ්මිමාලා නැගී තෙවරක් උතුම්වූ සිරස පැදකුණු කොට දළදාවන්හි අතුරුදහන් වන්නේ කෙසේද. ඒ සලකුණින් ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ පසුපසින් යමිනුත් සිනාපහළ වු බව දනිති.