පරිබ්බාජක වර්ගය
තේවිජ්ජවච්ඡගොත්ත සූත්ර වර්ණනාව
එවම්මෙසුතං යනු තෙවිජ්ජවච්ඡ සුත්රයයි. එහි එකපුණ්ඩරීකෙ පුණඩරීක යනු සුදු අඹරුක. ඒ අඹරුක ඒ ආරාමයෙහි එකො පුණ්ඩරීකො අත්ථීති එකපුණ්ඩරීක නමි එතදහොසි එහි පිවිසෙනු කැමැත්තෙන් විය. චිරස්සං ඛො භන්තෙ ප්රකෘතියෙන් ගෙන ආ බව උදෙසා ධම්මස්සච අනුධම්මං මෙහි සර්වඥතාඥානය ධම්ම නමි මහජනයාට ප්රකාශකිරිම අනුධම්ම නමි සෙස්ස ජීවක සුත්රයෙහි කියන ලද ක්රමයමය. නමෙ අනවසරයෙන් සිට අවසරයද ප්රතික්ෂේප කරයි සබ්බඤ්ඤු සබ්බදස්සාවී අපරියෙසං ඤාණදස්සනං පටිජානාති මෙය අනුදැනිය යුතුව තිබුණි. හැසිරෙන්නාවු මාහට -පෙ- එළඹ සිටියේය. මෙය නොඅනුදැනිය යුතුය. සර්වඥතාඥානයෙන් ආවර්ජනය කොටම දනී. ඒනිසා අනවසරයෙන් සිට අවසරයද පිළිකෙවි කරන්නේ මෙසේ කීය.
ආසවානංඛයා මෙහි වරක් ක්ෂීණවූ ආශ්රවයන් නැවත ගෙවා දැමිය යුතු නොවන බැවින් නොකියන ලදී. භාග්යවතුන් වහන්සේ පුර්වේනිවාස ඥානයෙන් මෙහිදී අතීතය දන්නා නුවණ දක්වති. දිබ්බචක්ඛු ඥානයෙන් වර්තමානය දන්නා නුවණද ආශ්රවක්ෂය ඥානයෙන් ලෝකෝත්තර ගුණයද දක්වති. මේ මේ ත්රිවිද්යාවන් සමස්ත බුද්ධ ගුණයෙහි හකුළුවා වදාළසේක.
ගිහි සංයෝජනං ගිහිබන්ධනය භාණ්ඩවල ආශාවයි. නත්ථිඛො වච්ඡා ගිහි සංයෝජන අත්නොහැර දුක් කෙළවර කිරීමක් නම් නැත. සන්තතිමහා මාත්රයා උග්ගසේන සිටු පුත්රයා වීතසෝක දාරකයා ගිහිබවෙහි සිටම රහත්බවට පත්වුහ. ඔවුහු මාර්ගයෙන් සියලු සංස්කාරයන්හි ආශාව වියලවාම රහත්බවට පත්වූහ. එසේ පැමිණ ගිහිබවෙන් නොසිටියහ. මේ ගිහිබව වනාහි හීනය උතුම් ගුණ දැරීමට නොහැකිය. ඒනිසා එහි සිටියේ රහත්බවට පැමිණ එදවසම එක්කෝ පැවිදිවෙයි නැතහොත් පිරිනිවන් පායි. බුමාටු දෙවියෝ නම් සිටිති. කුමක්නිසාදයත් සැඟවී සිටීමට ආකාශය ඇති බැවිනි. සෙසු කාමභාවයන්හි මනුෂ්යයන් අතර සෝවාන් ආදී ඵලයන්ට පැමිණියාහු සිටිති. කාමාවචර දෙවියන් අතර සෝවාන් වුවෝද සකෘදාගාමීහුද සිටිති. අනාගාමි වුවෝද ක්ෂීණාශ්රවයෝද නොසිටිති. කුමක්නිසාදයත් ඒ ස්ථානය ප්රමාදී ජනයාට නිවාසස්ථානයකි. එහි ඔවුන්ට විවේකයට සුදුසු සැඟවුණු තැනක් නැත. මෙසේ එහිදී ක්ෂීණාශ්රව තෙමේ පිරිනිවන්පායි අනාගාමියා චුතවී සුද්ධාවාසයෙහි උපදී. කාමාවචර දෙවියන්ට ඉහළ ආර්යයෝ සතරදෙන සිටිත්.
සොපාස කම්මවාදී ඔහුද කර්ම වාදියෙක් විය. ක්රියාව පිළිකෙව් නොකළේය. අනුඑක් කල්පයක් මත්තෙහි තමාම ගෙන කියයි. එකල්හි බෝසත්හු මිථ්යා දෘෂ්ටිය වැළඳගැනීම පිණිස පැවිදිව ඒ මිථ්යාදෘෂ්ටියෙහි නිෂ්ඵලබව දැන වීර්ය අත්නොහළහ. ක්රියාවාදීව ස්වර්ගයෙහි උපන්හ. ඒ නිසා මෙසේ කීහ. සෙස්ස සියලු තැන නොගැඹුරුමය.
පළමුවැනි තෙවිජ්ජ වජ්ජ සුත්රයයි.
අග්ගිවච්ඡගොත්ත සූත්ර වර්ණනාව
එවම්මෙසුතං යනු අග්ගිවච්ඡ සුත්රයයි. එහි නඛොඅහං පළමුවර මම ශාස්වත දෘෂ්ටිකයෙක් නොවෙමියි කියයි. දෙවැනි වර මම උච්ඡේද දෘෂ්ටිකයෙක් නොවෙමියි කියයි. මෙසේ අත්තානන්තික ආදී වශයෙන් සියලු වාරයන්හි ප්රතික්ෂේපය දත යුතුය. හොතිච නචහොති ච මේ එකච්ච සස්සත වාදයයි. නෙව හොති න න හොති මෙය අමරාවික්ඛෙප වාදයයිද දතයුතුය.
සදුක්ඛං කෙලෙස් දුකින් හෝ විපාකදුකින්ද දුක්සහිත සවිසාතං ඒ දෙක වශයෙන් උපසාත සහිත සඋපායාසං ඔවුන්ගේම වශයෙන් සපරිළාහ සහිත
කිඤ්චි දිට්ඨිගතං කිසියම් එක් දෘෂ්ටියක් වත් කැමතිවී කමවා ගන්නා ලද්දේ වේදැයි අසයි. අපනීතං ඉවතට ගෙනයනලද විසිකරන ලද දිට්ඨං ප්රඥාවෙන් දක්නා ලද යම්හෙයින් පංචස්කන්ධයන්ගේ ඇතිවීම හා නැතිවීම දුටුවේද ඒනිසා, සබ්බමඤ්ඤිතානං සියලු තෘෂ්ණා දෘෂ්ටි මාන තුන පිළිබඳව හැඟීම ඇති මථිතානං ඒවාටම වෙනත් වචනයකි. දැන් ඒවා බෙදා දක්වන්නේ. සබ්බඅභිඞ්කාර මමිංකාර මානානුසයානං යයි කීය. මෙහි අභිඞ්කාර නම් දෘෂ්ටියය ..මිකාරය තෘෂ්ණාවය. මානානුසය මානයයි. අනුපාදා විමුත්තො සිව් උපාදානයන් අතුරින් කිසියම් දහමක් නොගෙන මිදුණු, නැපෙති නොයෙදේ.
මෙහිද නඋප්පජන්ති යන්න අනුදැනියයුතුව තිබුණි. කුමක්නිසාද මෙසේ කීකල්හි ඒ පිරිවැජියා උච්ජේදය ගනු ඇත. උපපජ්ජති කියුවිට ශාස්වතයයි. උප්පජ්ජතිච නො උප්පජ්ජති ඒකච්ච සස්සත වාදයයි. නෙව උප්පජ්ජති නන උපපජ්ජතිච අමරා වික්ෂේපයයි. ඒ නිසා භාග්යවතුන් වහන්සේ මෙය ප්රතිෂ්ඨා රහිතවේවා අනාලම්බවේවා සැපයට පිවිසෙන තැනක් නො ලබාවායි අවසර නොදී සිට අවසර දුන් දෙයද ප්රතික්ෂේප කළසේක. අලං සමත්. ප්රමාණවත්, ධම්මො ප්රත්යාකාර ධර්මය අඤ්ඤත්ථ යොගෙන අන්තැනක යෙදීමෙන්. අඤ්ඤත්ථ ආචරිය කෙන ප්රත්යාකාරය නොදන්නා අන් ගුරුවරුන් සමීපයෙහි වසන්නහු විසින්
තෙනහිවච්ඡ යම් හෙයකින් ඔබ සම්භෝගයට පැමිණියෙමියි කියහිද ඒනිසා එයම මෙහිදී නැවත විචාරන්නෙමි. අනාහාරො නිබ්බුතො ප්රත්ය නැතිව පිරිනිවියේය.
යෙන රූපෙන යම් රූපයකින් සත්ත්ව සංඛ්යාත තථාගතයා යයි පනවන්නේනම් ගම්භීරො ගුණයෙන් ගැඹුරු. අප්පමෙය්ය ප්රමාණයක් ගැනිමට නොහැකිවන දුප්පරියෝගාහො ගැනීමට අපහසු දැනීමට අපහසු සෙය්යථාපි මහා සමුද්දො යම් සේ මහ සමුදුර ගැඹුරුද ප්රමාණ කළ නොහැකිද දැනගැනීම අපහසුද එසේම ආශ්රවක්ෂය කළ පුද්ගලයාද ඒ අරබයා උපදීය ආදී සියල්ල නොයෙදේ. කෙසේද නිවීගිය ගින්න අරබයා පෙරදිගට ගියේය ආදි සියල්ල නොයෙදේද ඒවාගේ,
අනිච්චතා අනිත්යතාවෙන් සාරෙපතිට්ඨිතං ලෝකෝත්තර ධර්ම සාරයෙන් පිහිටි, සෙස්ස සියලු තැන නොගැඹුරුමය.