සමණමණ්දඩිකා සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතං යනු සමණ මණ්ඩික සුත්‍රයයි. එහි උග්ගාහමානො ඒ පිරුවැජියාගේ නමයි. නියම නම සුමනය. යමක් යමක් ඉගෙන ගන්ට සමර්ථ බැවින් උග්ගාහමාන යයි හඳුන්වති. සමයං මෙහි කියත්නුයි සමයප්පවාදක වේ. එම ස්ථානයෙහි චඞ්කි තාරුක්ඛ පොක්ඛරසාතී ආදී බ්‍රාහ්මණයෝද, නිගණ්ඨ අචේලක පරිබ්‍රාජක ආදී පැවිද්දෝ ද රැස්ව තමතමන්ගේ සමය ගැන කථාකරත්, කියත්, පැහැදිලිකරත්. ඒනිසා ඒ ආරාමය සමයප්පවේදකයැයි කියනු ලැබේ. තින්දුකාඛීර සංඛ්‍යාතවු තිඹිරි ගස් පෙළකින් තෙම වටවූ බැවින් තින්‍දුකාවීර නමි. යම් හෙයකින් මෙහි පළමුකොට එක් ශාලාවක් වීද පසුව මහා පින්ඇති පොට්ඨපාද පරිබ්‍රාජකයා නිසා බොහෝ ශාලා කරන ලද්දේද ඒනිසා ඒ එකම ශාලාව උදෙසා ලැබු නම් වශයෙන් ඒකසාලක යයි කියනු ලැබේ. පසේනදී කොසොල් රජුගේ මල්ලිකා දේවියගේ උයන වු ඒ ආරාමය මල්පලයෙන් ගැවසුණු ආරාමයක් කොට මල්ලිකාරාමය යයි ප්‍රසිද්ධියට ගියේය. ඒ සමයප්පවාදක තින්දුකාවීරයෙහි මල්ලිකා ගේ ආරාමයෙහි පටිවසති විසීම් පහසුව නිසා වාසය කරයි. දිවාදිවස්ස දවස දිවා නමි. මධ්‍යාහ්න අති ක්‍රමය. ඒ දවසටද දිවාව අතික්‍රාන්ත වන මධ්‍යාහ්නයෙහි නික්මීගියේය අර්ථයි. පතිසල්ලීනො ඒ ඒ රූපාදි ගෝචරයෙන් සිත හකුළා ගෙන සැඟවී ධ්‍යානාශා සේවන වශයෙන් හුදෙකලා අංග වශයෙන් මනොභාවනීයානං මනවඩවන ආවර්ජනය කරන්නහුගේ. සිහිකරන්නහුගේ සිත නීවරණයන්ගෙන් මිදේද නැමේද වැඩේද. යාවතා යම්පමණ අයං තෙසං අඤ්ඤතරො මේ ඔවුන්ගේ අභ්‍යන්තර වශයෙන් එක් ශ්‍රාවකයෙකි. අප්පෙවනාම ඔහුගේ පැමිණීම පතමින් කීය. ප්‍රාර්ථනාකරණය සන්‍දකසූත්‍රයෙහි කියන ලද්දේමය.
එතදවොච මේ ගෘහපතියා මඳ ප්‍රඥා ඇත්තේය. දහම් කථාවෙන් ඔහුට සංග්‍රහ කොට තමාගේ ශ්‍රාවකයකු කරන්නෙමියි හඟිමින් මෙසේ චතූහිබො ආදී වචන කීය. එහි පඤ්ඤපෙවි දෙමි, තබමි. සම්පන්නකුසලං පිරුණු කුසල් ඇති. පරමකුසලං උතුම් කුසල් ඇති. අයොජ්ඣං වාද යුද්ධයෙන් යුද්ධකොට සොලවන්ට නොහැකි. අචල කම්පා නොවන, ස්ථිර. නකරොති නොකිරීම් මාත්‍රයම කියයි. මෙහි සංවර ප්‍රහාණය හෝ සිහිය ගැන නොකියයි. සෙසු පදයන්හිද මේ ක්‍රමයයි
නෙව අභිනන්‍දි තිර්ථකයෝ නම් දැන ද නොදැනද ඒ ඒ දේ කියතියි හඟිමින් සතුටු නොවීය. නප්පටික්කොසි ශාසනයට අනුකූලවුවක් මෙන් ප්‍රසන්න ආකාරයක් මෙන් කියතියි හඟිමින් ප්‍රතික්ෂේප නොකළේය.
යථා උග්ගාහමානස්ස ඔහුගේ වචනය මෙසේ වන කල්හි උඩුබැල්ලෙන් නිදන දරුවා පැරදවිය නොහැකි ශ්‍රමණයෙක් ස්ථිර ශ්‍රමණයෙක් වන්නේය. අපි මෙසේ නොකියමුයි පැහැදිලි කරයි. කායොතිපි නහොති තමාගේ කය කියා හෝ අනුන්ගේ කය කියා හෝ විශේෂ ඥානයක් නොවේ. අඤ්ඤත්‍ර ඵන්‍දිතාමත්තා ඇතිරිල්ලෙහි රැලි ගෑවීමෙන් හෝ මකුණන් ආදීන් දෂ්ට කිරීමෙන් හෝ සිරුර ගැහීමක් වෙයි. එය හැරුණුවිට වෙනත් කයින් කෙරෙන කර්මයක් නම් නැත. එයද කෙලෙස් සහිත සිතින්ම වෙයි. වාචාතිපි නාහොසි මිථ්‍යාවාවා සම්වාචා යැයි නානාත්වයක් නොවේ. රොදිතමත්තා කුසගින්නෙන් පිපාසයෙන් පෙළුණහුට හැඬීම් මාත්‍රයක් වෙයි. එයද කෙලෙස් සහිත සිතින්ම වෙයි. සඞ්කප්පො මිථ්‍යා සංකල්ප සම්‍යක් සංකල්පයැයි කියාද නානාත්වයක් නොවේ. විකුජ්ජිතමත්ත යනු සිනාසීම් මාත්‍රයක් වේ. කුඩාදරුවන්ට චිත්තාරම්මණයක් පවතී. නිරයෙන් පැමිණියාහු නිරාදුක සිහිකොට හඬත් දෙව්ලොවින් පැමිණියාහු සිනාසෙත්. එයද කෙලෙස් සහිත සිතින්ම වෙයි. ආජීවො මිථ්‍යාජීවය සම්මාජීවය කියා නානාත්වයක් නැත. අඤ්ඤත්‍රමාතුථඤ්ඤා කිරි වැරූ දරුවෝ වෙති. මව කිරිපොවත්දී නොබී අද්දෙයක් කරන කල්හි පිටිපසින් අවුත් කිරිබොත්. මෙය හැර අන්‍ය මිථ්‍යාජීවයක් නැත. මෙයද කෙලෙස් සහිත සිතින්ම වෙතියි දක්වයි.
මෙසේ පරිබ්‍රාජකවාදය ප්‍රතික්ෂේප කොට දැන් මෙතෙමේ සෙඛභූමියෙහි මාතිකාවක් තබන්නේ චතුහි ඛො අහං ආදිය කීය. එහි සමධිගය්හ තිට්ඨති විශේෂ කොටස වී. න කායෙන පාපං ආදිතන්හි හුදෙක් නොකිරීම් මාත්‍රය පමණක් නොවේ. භාග්‍යවතුන් වහන්සේ මෙහි සංවර පහාණ පටිසංඛා පනවන සේක. ඒ සඳහාම කීසේක. නචෙව සම්පන්න කුසලං ආදිය ක්ෂිණාශ්‍රවයා සඳහා කියන ලදී.