මහා සකුලුදායී සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතං යනු මහා සකුලුදායී සූත්‍රයයි. මොරනිවාපෙ එතැන මොනරුන්ට අභයස්ථානයයි ප්‍රසිද්ධකොට බොජුන් තැබවූහ. ඒනිසා ඒ ස්ථානය මොරනිවාපයැයි ප්‍රසිද්ධියට ගියේය. අන්නහාරො ඒ මේ පිරිවැජියාගේ නමයි. තථාවරධරො අඤ්ඤෙ යනු හුදෙක් මේ තිදෙන පමණක් නොවෙති. අන්‍යවු ප්‍රසිද්ධියට පත් බොහෝ පිරිවැජියෝ අප්පසද්දස්ස වණ්ණවාදී මෙහි අල්ප ශබ්ද විනීතයැයි නොකියාම මෙය කියන ලදී. කුමක් හෙයින්ද? භාග්‍යවතුන් වහන්සේ අනිකකු විසින් විනීත නොකරන ලද සේක
පුරිමානි ඊයේ දවස සඳහා පුරිමානි නම් වේ. ඉන් පසු පුරිමතර නම් වේ. කුතුහලසාලායං කුතුහලසාලා යනුවෙන් එක්ශාලාවක් නැත. යම් තැනක අන්‍ය තීර්ථකයෝ මහණ බමුණෝ නානාවිධ කථා පවත්වත්ද එය බොහෝ දෙනකුට මොහු කුමක් කියයිද මොහු කුමක් කියයිදැයි කුතුහලයට පැමිණෙන තැන හෙයින් කුතුහල සාලායයි කියනු ලැබේ. කොතූහලසාලා යයිද පායක් ඇත ලාභා යමෙක් මෙබඳු මහණ බමුණන් දැකීමට ප්‍රශ්න ඇසීමට ධර්මකථා හෝ ඇසීමට ඔවුන්ට ලැබේ. ඒ අංග මගධ වැසියන්ට මේ ලාභයෝ වෙතියි අර්ථයි.
සඞ්ඝිනො ආදින්හි පබ්බජිත සංඛ්‍යාත වු සංඝයා ඔවුන්ට ඇතැයි ගණිනො නමි, ආචාර හික්මීම් වශයෙන් ඒ ගණයාගේ ආචාර්යයෝය යන අරුතින් ගණාචරියා ඤාතා ප්‍රසිද්ධප්‍රකට, අයථා ගුණයන්ගෙන් ද යථා ගුණයන්ගෙන්ද පැනනැඟුණු කීර්තිය මොවුන්ට ඇත්තේයයි යසස්සිනො පුරණ ආදීන්ගේ අල්පේච්ඡතාව සන්තුෂ්ටිය. අල්පේච්ඡ බැවින් වස්ත්‍රයක් වත් නොහඳිතියි ආදී ක්‍රමයෙන් කීර්තිය පැනනැගුණේය. තථාගතයන් වහන්සේගේ ඉතිපිසො භගවා ආදි යථාභූත ගුණයෙන් පැන නැගුණේය. තිත්‍ථකරා ලබ්ධි ඇත්තෝ. සාධුසම්මතා මොවුහු යහපත් සොදුරු සත්පුරුෂයෝ යැයි සම්මතය. බහුජාතස්ස අශ්‍රැතවත්. අන්ධබාල පෘථග්ජනයාගේද බුද්ධිමතුන්ගේද පණ්ඩිත ජනයාගේද, එහි තීර්ථකයෝ බාල ජනයා අතර මෙසේ සම්මතය. තථාගතයන් වහන්සේ පණ්ඩිත ජනයා අතර, මේ ක්‍රමයෙන් පූර්ණ කාශ්‍යප සංඝයා ඇත්තේය ආදී තැන්වල අර්ථය දතයුතුය. භාග්‍යවතුන් වහන්සේ යම් හෙයකින් අරමුණු තිස්අට විභජන කරන සේක් බොහෝ අරමුණු නිවනට බනා තොටුපොළවල් කළසේක්ද, ඒ නිසා තීර්ථංකර යයි කියන්ට වටී.
මේ සියලු දෙනද එහි බැසගත්තේ කුමක් නිසාද, උපස්ථායකයන් රැකගනු පිණිස සහ ලාභසත්කාර ලබාගැනීම පිණිසත්ය. ඔවුන්ට මෙබඳු අදහසක් ඇත. අපගේ උපස්ථායකයෝ ශ්‍රමණ ගෞතමයන් සරණ ගියාහු වෙත්වා, ඔවුන්ද ආරක්ෂා කරන්නෙමු. ශ්‍රමණ ගෞතමයන්ට උපස්ථායකයන් සත්කාර කරනු දැක අපගේ උපස්ථායකයෝද අපට සත්කාර කරත්. ඒනිසා භාග්‍යවතුන් වහන්සේ යම්තැනක සැරිසරත්ද එතැන බැසගෙන සිටිති.
වාදං ආරොපෙත්‍වා අපක්කන්තා ඉවත්ව ගියාහුය. ඇතැම්හු දිශාවන්ට ගියහ. ඇතැම්හු ගිහි බවට ගියාහුය. ඇතමෙක් මේ සසුනට පැමිණියාහුය. සහිතං මෙ මාගේ වචනය හිතවත්ය. මටසිලිටිය. අර්ථ සහිතය, කරුණු සහිතය යන අර්ථයි. අසහිතං තෙ ඔබගේ වචනය අහිතවත්ය. මැනවින් පුරුදු නොකරන ලද්දේය. ඒවා ආපසු පෙරළේ. ඔබට යමක් දිගුකලක් පුරුදු වශයෙන් මනාසේ ප්‍රගුණවී තිබේද එය මාගේ එක් වචනයකින් ම අන් අතට පෙරලී සිටියද කිසිවක් නොවීය යන අර්ථයි. ආරෝපිතො තෙවාදො මා විසින් ඔබගේ වාදයෙහි දෝෂ ආරෝපණය කරන ලදී. චර වාදප්පමොක්‍ඛාය දොස් මුදනු පිණිස චර හැසිරෙන්න ඒ ඒ තැනට ගොස් හික්මෙන්න යන අර්ථයි. නිබ්බෙඨෙහිවා සචෙ පහොසි තමාට පුළුවන්නම් දැන්ම ලිහාගන්න. ධම්මක්කොසෙන ස්වභාවයට අක්‍රෝශ කිරීමෙන්,
තං නො සොස්සාම අපට දෙසූ ධර්මය අසන්නෙමු. ඛුද්දං මධු කුඩා මැස්සන් විසින් තනන ලද දඬු වැල්බෑ මී, අනෙලකං නිදොස්ය. පහවගිය මැස්සන් ඇත්තේය. පපීළෙය්‍ය දෙන්නේය. පච්චාසිංසමානරූපො අපට අහර දෙන්නේ පුරවා නේදැයි භාජන අතින්ගෙන් බලාපොරොත්තු වෙමින් එළඹ සිටියේය. සම්පයොජෙත්‍වා අල්පමාත්‍රවු විවාදයක් කොට,
ඉතරීතරෙන ලාමක අලාමක දෙයින් වෙන් වී යැයි මේ පිරිවැජියා කායවිවෙක මාත්‍රයක් සඳහා කියයි. භාග්‍යවතුන් වහන්සේ වනාහි තුන් විවේකයෙන්ම වෙන්වූසේක.
කොසකාහාරාපි දානපතියන්ගේ ගෙහි අග්‍රවු භික්ෂාවතබනු පිණිස කුඩා බඳුන් ඇත. දානපතීහු අගබත් එහි තබා අනුභව කරත්. පැවිද්දා පැමිණි විට ඔහුට දෙති. ඒ බඳුන කොසක යයි කියනු ලැබේ. ඒනිසා යමෙක් එක් බත් පතකින් යැපෙත්ද. ඔවුහු කොසකාහාර වෙති. බෙලුවාහාරා බෙලිගෙඩියක් තරම් බත්. සමතික්කන්තං ඵලලුතැනක යටම නූලමෙන් ඉමිනා ධම්මෙන මේ අල්පාහාරතා ස්වරූපයෙන්, මෙහිදී භාග්‍යවතුන් වහන්සේ සර්වාකාරයෙන් අල්පාහාර ඇත්තෙකැයි නොකිය යුතුය. ප්‍රධන් වීර්යය කරන අවස්ථාවෙහි සයවසක් අල්පාහාර ඇත්තෙක් වූහ. වේරංජාවේදී තුන් මසක් පිටි දියකළ ජලයෙන්ම යැපුණු සේක. පාරිලෙය්‍යක වන ළැහැබෙහි තුන් මසක් නෙළුම් දඬුවෙන්ම යැපුණු සේක. මෙහි මේ අර්ථය දක්වයි. මම එක් කලෙක අල්පාහාර ඇත්තෙක් වීමි. මාගේ ශ්‍රාවකයෝ ධුතාංග සමාදානයෙහි පටන් දිවි ඇතිතාක් ධුතාංගය නොබිඳිති. ඒ නිසා ඉදින් ඔවුන්ට මේ ස්වරූපයෙන් සත්කාර කරත්නම් එය මට සත්කාර කිරීමක් නොවේ. ඔවුහු මට වඩා විශේෂයක් ඇත්තෝ වෙති. ඔවුන් මට සත්කාර කරන වෙනත් ස්වභාව ඇත්තේයයි දක්වයි. මේ ක්‍රමයෙන් සියලු වාරයන්හි යෙදීම දතයුතුය.