සන්දක සූත්ර වර්ණනාව
එවම්මෙසුතං යනු සන්දක සුත්රයයි. එහි පිලක්ඛගුහායං එහි ගුහා ද්වාරයෙහි ඇසතුගසක් වු බැවින් පිලක්ඛගුහා යයි ප්රසිද්ධියට පත්. පටිසල්ලාණා වුට්ඨිතො විවේකයෙන් නැගී. දෙවකට සොබ්භො වර්ෂා ජලයෙන් බිඳුණු තැන මහා ජල තටාගය ගුහාදස්සනාය එහි ගුහා යනු පසින් සැදුණු ගුහාව. එය සානුවෙහි ජලය නැගුණු තැන විය. එක්පසෙක උමගක් කොට කණු ද පස්ද ඉවත්කොට ඇතුළත කණු නංවා මතුයෙහි ලෑලිවලින් වසා ගෘහයක් වශයෙන් කරන ලද එහි ඒ පරිබ්රාජකයෝ වාසය කරති. එය වැසිකල්හි ජලය පිරී පවතී. නියං කල්හි එහි වාසය කරති. ඒ සඳහා ගුහා දස්සනාය යයි කීය. විහාර දර්ශනය සඳහා අක්මුල්නැති බව සලකා මුහුද පර්වත දකිනු පිණිසද යන්ට වටනේය.
උන්නාදිනියා මහ හඬනගන, මෙසේ හඬ නගමින් උඩට යාම් වශයෙන් උස්ව දිසාවන්හි පැතිරීයාම් වශයෙන් මහා ශබ්දයයිද උච්චාසද්දමහා සද්දා ඒ උස්හඬ මහහඬ ඇති, ඒ පිරිවැජියන්ට උදෑසනින් නැගී කළ චෛත්යවත් බෝධිවත් හෝ ආචාර්ය උපාධ්යාය වත් හෝ යෝනිසෝ මනසිකාරයක් හෝ නැත. ඔවුහු උදෑසනින් නැගී මඳ අව්වෙහි හිඳ සවස්කල කථාවට පහසුව පිණිස රැස්වවාහු මොහුගේ අත ලස්සනය. මොහුගේ පාදය ලස්සනයැයි මෙසේ ඔවුනොවුන්ගේ අත්පා හෝ අරබයා ස්ත්රී පුරුෂ දරුදැරි ආදීන්ගේ ගුණ හෝ කාමාස්වාද භවාස්වාද කරුණක් අරබයා කතාවක් ඇතිකොට පිළිවෙළින් රාජකථා ආදී අනේකවිධ තිරිසන් කතා කරන්නාහුය. එයද අනෛර්යානික බැවින් සගමොක් මගට හරස්වූ කථා තිරච්ඡාන කථානම් එහි රජුන් අරබයා මහාසම්මත මන්ධාතු ධර්මාශෝක මේ අයුරින් මහානුභාව ඇත්තෙකැයි ආදී ක්රමයෙන් පැවති කථාව රාජකථාව නමි චෝර කථා ආදියෙහිද මෙම ක්රමයයි.
ඔවුන්ගේ අසුවල් රජ රූපවත්ය. දර්ශනීයය. ආදී ක්රමයෙන් ගේහසිත කතාව ද තිරච්ඡාන කථානම් ඔහු ද මෙසේ මහානුභාව ඇතිව සිට ක්ෂයවී ගියා නේදැයි මෙසේ පැවති කථා කර්මස්ථාන භාවයෙහි පවතී. සොරුන් අතර මුලදේව මහානුභාව සම්පන්නය. මේසමාල ද ඒ අයුරින්ම මහානුභාව සම්පන්නයැයි ඔවුන් කර්මය නිසා අනේ සුරයෝය යන ගේහසිත කථාව තිරච්ඡාන කථානමි යුද්ධයෙහි භාරත යුද්ධ ආදීන්හි අසුවලා විසින් අසුවලා මරනු ලැබුවේ මෙසේය. විදිනු ලැබුයේ මෙසේයැයි කාමාස්වාද වශයෙන් තිරච්ඡාන කතාවේ. ඔවුහුත් ක්ෂයවී ගියා නේදැයි මෙසේ පැවති සියලු තැන කථා කර්මස්ථානයම වෙයි. ආහාර ආදියෙහි මෙසේ වර්ණවත් සුවඳවත් රසවත් ස්පර්ශ සම්පන්න ආහාර කෑවෙමු බිව්වෙමු. පරිභෝග කෙළෙමුයි කාමාස්වාද වශයෙන් කියන්ට නොවටී. අර්ථසහිත කොට පෙර මෙසේ වර්ණ ආදියෙන්යුත් ආහාර පාන වස්ත්ර සයන. මල් සුවඳ සිල්වතුන්ට වන්නෙමු. චෛත්යයන්හි පිදුවෙමුයි කියන්ට වටී.
ඥති කතා ආදියෙහිද අපගේ නෑයෝ සුරයෝය සමර්ථයෝය, නැතහොත් මෙබඳු රියවලින් හැසිරුණෙමුයි ආස්වාද වශයෙන් කියන්ට නොවටී. අර්ථ සහිත කොට ඒ අපේ නෑයෝත් නැතිවී ගියා දැයි හෝ පෙර අපි මෙවන් පාවහන් සංඝයාට දුන්නෙමුයි හෝ කිවයුතුයි. මනාව පිහිටියේය. නොපිහිටියේය. සුභික්ෂ දුර්භික්ෂ ආදී වශයෙන් හෝ අසුවල් ගම වැසියෝ සුරයෝය සමර්ථයෝයැයි මෙසේ ආස්වාද වශයෙන් නොවටී. අර්ථසහිත කොට ශ්රද්ධා ඇත්තේය ප්රසන්නයැයි හෝ ක්ෂයවී ව්යයවී ගියා නේදැයි කියන්නට වටී. නියම්ගම් නගර ජනපද කථාවන්හිද මෙම ක්රමය මැයි ස්ත්රිකථාද වර්ණ සංස්ථාන ආදීය අරබයා ආස්වාද වශයෙන් නොවටී. ශ්රද්ධාවත්ය. ප්රසන්නය ව්යයව ගියානේද යන මේ අයුරින්වරී. සුරකථාද නන්දිමිත්ර යෝධයා නම් සුරයෙක්යැයි ආස්වාද වශයෙන් නොවටී, ශ්රද්ධාවත්ය ප්රසන්නය ක්ෂයවී ගියානේදයන මේ අයුරින් වටී. වීදි කථාද අපිරිසිදු වීදිය හොදට සැදු විදිය, හොඳට නොසැදු වීදිය, සුරය සමර්ථයැයි ආස්වාද වශයෙන්ම නොවටී. ශ්රද්ධාවත්ය ප්රසන්නය ක්ෂයවී ගියානේද යනුවෙන් වටී.
කුම්භට්ඨානකථා ළිඳ ළඟ කථා යයි කියනු ලැබේ. කුම්භදාසී කථා හෝ ඈ පැහැපත්ය නටන්ට ගයන්ට දක්ෂයැයි ආස්වාද වශයෙන් නොවටී. ශ්රද්ධා වත්ය ප්රසන්නය ආදී ක්රමයෙන්ම වටී. පුබ්බපෙතකථා අතීත ඥාතීන්ගේ කතා එහි වර්තමාන ඥාතිකතා විනිශ්චයද සමානය
නානත්තකතා පුර්ව පශ්චිම කථාවන්ගෙන් තොර වු අවශේෂ නොයෙක් ආකාරයේ නිරර්ථක කථා ලොකක්ඛායිකා මේ ලෝකය කුමකින් නිර්මිත වුයේද, අසුවදෙයින් නිර්මිත වුයේය. කපුටෝ සුදුය. ඇට සුදු බැවිනි. කොක්කු රතුය. ලේ රතු බැවිනියි මේ ආදි ලෝකායත විතණ්ඩ සල්ලාප කථාය.
සමුද්දක්ඛායිකා සමුද්රය යනු කුමක්නිසාද, සාගරදෙවියා විසින් හාරන ලද බැවිනි. මා විසින් සාගරය හාරන ලද්දේයයි හස්ත මුද්රාවෙන් දැන්වන ලද බැවින් සමුද්රය නම් වීයැයි මේ ආදී නිරර්ථක සමුද්දක්ඛායී කථා ඉතිහවො ඉති අභවො කුමක් හෝ නිරර්ථක කතාවක් කොට පැවති කථා මෙසේ භව අභවකථා මෙහි භව යනු ශාස්වතයයි. අභව උච්ඡේදයයි. භවයනු වෘද්ධියයි. අභව හානියයි. භවයනු කාමසුබයයි. අභව අත්තකිලමථයයි. මෙසේ මේ සවැදෑරුම් භවාභව කථාව සමග තිරිසන් කතා දෙතිසකි. තිරිසන් කථාව මෙබඳුය. මෙබඳු තිරිසන් කථා කියන්නියක සමග හුන්නේ වෙයි.
ඉන්පසු සන්දක පරිබ්රාජකයා ඒ පරිබ්රාජකයන් දෙස බලා මේ පරිබ්රාජකයෝ නම් අතිශයින් එකිනෙකාට ගෞරවයක් නැත්තේය. නොදැමුණෝය. අපි ශ්රමණ ගෞතමයන් පහළ වු තැන්පටන් සුර්යෝදයෙහි කදෝපැණියන් හා සමාන වුම්භ. අපගේ ලාභසත්කාරද පිරිහිණ. යම් හෙයකින් මෙතැනට ශ්රමණ ගෞතමයන් හෝ ගෞතම ශ්රාවකයකු හෝ ඔහුගේ ගිහි උපස්ථායකයකු හෝ පැමිණියේනම් අතිශයින් ලජ්ජා සහගතවන්නේය. පිරිස් නිසා ඇතිවන දෝෂය පිරිස් දෙටුවාගේ මත පැටවෙන්නේයයි ඔබිනොබ බලන්නේ තෙරුන් දුටුවේය. එහෙයින් කියන ලදී. අද්දසාඛො සන්දකො පරිබ්බාජකො -පෙ- තුණ්හී අහෙසුන්ති.