දීඝනඛ සූත්ර වර්ණනාව
එවම්මෙසුතං යනු දීඝනඛ සුත්රයයි. එහි සුකරඛතායං සුකරඛත නම් ඇති ලෙනෙහි. කාශ්යප බුදුන් කල ඒ ලෙන එක් බුද්ධාන්තරයක් පොළොව වැඩෙන කල පොළොව තුළට ගියේ වෙයි. ඉක්බිති එක්දවසක් ඌරෙක් එහි වහල කෙළවර සමීපයෙහි පස් හෑරිය. වැසිවටකල්හි පස් සේදී වහල කෙළවර ප්රකට විය. වනචාරියෙක් දැක පෙර සිල්වතුන් විසින් පරිභෝග කරන ලද ලෙනක් වියයුතුය එය පිළිදැගුම් කරන්නෙමියි හාත්පස පස් ඉවත් කොට ලෙන සෝදා බිත්තියකින් ආවරණයක් කොට දොර කවුළු යොදා මැනවින් නිමකරන ලද සුණු පිරියම් චිත්රකර්ම ඇති රිදීපටක් වැනි වැලි අතුරන ලද මිදුල ඇති ලෙනක් කොට ඇඳපුටු පනවා භාග්යවතුන් වහන්සේගේ වාසය පිණිස දුන්නේය. ලෙන ගැඹුරවිය. පහළට බැස නැගිය යුතුය. ඒ සඳහා මෙය කියන ලදී.
දීඝනඛො ඒ පිරිවැජියාගේ නමයි. උපසඞ්කමි කුමක්නිසා පැමිණියේද හේ තෙරුන් වෙත පැවිදිව අඩමසක් වූකල්හි මෙසේ සිතීය. මාගේ මාමා වෙනත් පාෂාණ්ඩයකු වෙත ගොස් වැඩිකල් නොසිටී දැන් මේ ශ්රමණ ගෞතමයන් වෙත ගොස් අඩමසක් විය. ඔහුගැන ප්රවෘත්තියක් වත් නො අසමි. ශාසනය ඔදවත් විය යුතුය. එය දැනගන්නෙමිය එහි යනු කැමැත්තේ විය. ඒ නිසා එළඹියේය. එකමන්තං ඨිතො එසමයෙහි තෙරුන් වහන්සේ භාග්යවතුන් වහන්සේට පවන් සලමින් හුන්නාහු වෙති. පිරිවැජියා මාමා කෙරෙහි භය ලජ්ජාවෙන් සිටියේම ප්රශ්නයක් ඇසීය. එකමන්තං ඨිතො යි ඒනිසා කියන ලදී.
සබ්බං මෙ නක්ඛමනි මාගේ සියලු උත්පත්තීහු නොකමත්. ප්රතිසන්ධීහු නොකමත්ය යන අදහසින් කියයි. මෙපමණකින් මොහු විසින් මම උච්ඡේදවාදී වෙමියි පහදන ලද්දේ වෙයි. භාග්යවතුන් වහන්සේ ඔහු ගේ අදහස සඟවා අක්ෂර දෝසය පමණක් දක්වන සේක් යාපිඛොතෙ ආදිය කීසේක. එහි එසා පි තෙ දිට්ඨි නක්ඛමති ඔබ විසින් පළමුව කැමතිවී කමාකරවා ගන්නා ලද දෘෂ්ටිය නොකමයි. එසා ඛො මෙ භො ගොතම දිට්ඨි ඛමෙය්ය මාගේ වනාහි සියල්ල නොකමයි යන දෘෂ්ටියකි. ඒ මාගේ සියල්ල නොකමයි යන දෘෂ්ටිය එය කමන්න. යම් දෘෂ්ටියක් සියල්ල මට කමතියි කියන ලදී. එයද ඔහුට එසේමය, යම්සේ සර්වග්රහණයෙන් ගත්තාවු මේ දෘෂ්ටිය කමයිද එසේ මෙයද කමන්න. මෙසේ තමාගේ වාදයෙහි නගන ලද දෝෂය දැන එය පරිහරණය කරමියි හැඟීමෙන් කියයි. අර්ථවශයෙන් ඔහුගේ මේ දෘෂ්ටිය නොකමතියි පෙන්නුම් කරයි. යමකුට එම දෘෂ්ටිය නොකමයිද රිසි නොවේද ඔහුට ඒ දෘෂ්ටියෙන් සියල්ල මට නොකමතියි දෘෂ්ටිය රිසිවිය. ඒ අක්ෂමායෙන් අරූචියෙන් වියයුතුය. සබ්බං ඛමති රුච්චති පෙන්නුම් කරයි. එය පිළිගන්නේ නොවේ හුදෙක් ඒ උච්ඡේද දෘෂ්ටියෙන් උච්ජේදයම ගනී. භාග්යවතුන් වහන්සේ ඒනිසා වදාළ සේක. අතො ඛො තෙ අග්ගිවෙස්සන -පෙ- අඤ්ඤංව දිට්ඨිං උපාදියන්ති එහි අථො යනු අත්හරින්නන් කෙරෙහි. පඤ්චමී විභක්ති යමෙක් අතේ හරින්ද ඔවුන් විසින් යමෙක් අත්නොහරිතියි කියනු ලබත්ද ඔවුහුම බහුතරය යන අර්ථයි. බහුහි බහුතරා යන මෙහි හි කාරය නිපාත මාත්රයකි. බහු බහුතරය යන අර්ථයි. පරතො තනුහි තනුත්තරා යන පදයෙහිද මෙම ක්රමයමැයි. යෙ එවමාහංසු යමෙක් මෙසේ කියත්ද ඒ දෘෂ්ටියම අත් නොහරිති. අන්දෘෂ්ටියක්ම අල්ලාගනිත් යන මූලදර්ශනය අත් නොහරිත්. වෙනත් දර්ශනයක් අල්ලාගනිත්.