මහාවච්ඡගොත්ත සූත්ර වර්ණනාව
එවම්මෙසුතං යනු මහාවච්ඡසුත්රයයි. එහි සහකථී සමගවාදය බහුං මයා තුම්හෙහි සද්ධිං කථිතපුබ්බං සිහිකරවීම ආදරය හා කෙසේ ගැටේද, පෙර කියු සූත්ර දෙක මෙයටම කියන ලදී. සංයුත්තයෙහි අව්යාවට සංයුත්තය මෙයටම කියනලදි. භවත්ගෞතමයෙනි. ලෝකය ශාස්වත වේද. මෙම සත්යයම හිස් යයි සිතමියි මෙය අව්යාකෘතයයි අංගුත්තර නිකායෙහිද මෙය සමගම කියන ලද්දේවෙයි. ඒනිසා මෙසේ කීය. සම්මාසම්බුදුන් වහන්සේද ආ ආවුන්ට සංග්රහ කොට ඉඩ දුන්සේක්මය. ඒනිසා මේ ශාස්වත දෘෂ්ටිකය. ශාස්වත දෘෂ්ටිකයෝ වහා දෘෂ්ටිය අත්නොහරින්නෝය. වුරුණු තෙල් ගෑවුණු රෙදි කැබැල්ලක් මෙන් බොහෝ කලකින් පිරිසිදු වෙයි. මේ පිරිවැජියා යන්නේ ලබ්ධිය අත්හැර මා සමීපයෙහි පැවිදිව අභිඥා අවබෝධ කොට අවබෝධකරගත් ශ්රාවකයෙක් වන්නේයයි භාග්යවත් තෙමේ දකියි. ඒනිසා ආ ආවුන්ට සංග්රහකොට ඉඩ ලබා දුන්නේය. මේ මොහුගේ අවසාන ගමනය. හෙතෙමේ මේ සූත්රයෙහි තරණය හෝ මරණයයි සැරයටිය සඟවා ජලයෙහි වැටෙන්නාක්මෙන් ශ්රමණ ගෞතමයන් සමීපයට ගොස් පැවිදිවනෙමියි සනිටුහන් කොට පැමිණියේය. ඒනිසා දම්දෙසන්නැයි යාචන්තො සාධු මේ භවං ගොතමො ආදිය කීය. භාග්යවතුන් වහන්සේ ඔහුට මූලික වශයෙන් සංක්ෂිප්ත දේශනාවක්ද, කර්මපථ වශයෙන් විස්තර දේශනාවක්ද දෙසූ සේක. මුලික වශයෙන් මෙහි දේශනාව අතිසංක්ෂිප්ත කර්මපථවශයෙන් සංක්ෂිප්තවුවද විස්තරයක් හා සමානය. බුදුවරුන්ගේ පිළිවෙළක් නැතිව කෙරෙන දේශනාවක් නම් නැත. සූවිසි සමන්ත පට්ඨානයද සප්ත ප්රකරණද අභිධර්ම පිටකයද යන සියල්ල සංක්ෂිප්තමය. ඒසා මුලික වශයෙන්ද කර්මපථ වශයෙන්ද සංක්ෂිප්තවම දේශනාකරන ලදැයි දත යුතුය.
එහි පාණාතිපාතා වෙරමණි කුසලං ආදියෙහි පිළිවෙළින් සප්තධර්මයෝ කාමාවචරයහ. අනභිධ්යා ආදී චාතුර්භූමකයෝද වැටෙත්.
යතො ඛො වච්ඡ භික්ඛුනො කිසිවක් නියම නොකොට කියන ලදද, ජීවකසූත්රයෙහිද වඞ්කීසුත්රයෙහිද මේ සූත්රයෙහිද කියන ලද පරිදි තමාම සඳහා මෙය භාග්යවතුන් වහන්සේ විසින් කියන ලදැයි දතයුතුය.
අත්ථිපනාති කිං පුච්ඡාමියි අසයි. මේ මොහුගේ ලබ්ධියයි. ඒ ඒ සසුනෙහි ශාස්තෲන් වහන්සේම අර්හත්වෙති. ශ්රාවකයා රහත්බවට පැමිණිමට සමර්ථයෙක් නැත. ශ්රමණ ගෞතමයන් වහන්සේ යතොඛො වච්ඡ භික්ඛුනො යි එක් භික්ෂුවක කියන්නාක් මෙන් කියති. අත්ථිනුඛො සමණස්ස ගොතමස්ස සාවකො අරහත්තං පත්තො යි මේ අර්ථය විමසන්නෙමියි ඇසූහ. එහි තිට්ඨතු යී ගෞතමයන් වහන්සේ සිටිත්වා. භාග්යවතුන් වහන්සේම ලෝකයෙහි ප්රකටවූ රහතන් වහන්සේය යන අර්ථයි. මෙය කියු කල්හි මතුයෙහි භික්ෂුණී ආදීන්ගේ වශයෙන් ප්රශ්න ඇසීය. භාග්යවතුන් වහන්සේද ප්රකාශ කළ සේක
ආරාධකො සම්පාදකයා පරිපුරකයා.
සෙඛාය විජ්ජාය පත්තබ්බං අවම ඵලත්රයට පැමිණිය යුතුය. ඒ සියල්ලටම මම පැමිණියෙම් කියන සේක. විතණ්ඩ වාදියා මෙසේ කීය. ධර්මකීයක් සේඛද, නොපැමිණි සිව් මගද අවම සාමඤ්ඤඵල තුනද යන වචනයෙන් අර්හත් මාර්ගයටද අවසානයෙහි පැමිණියේය. ඵලයට නොපැමිණියේය. එයට පැමිණීමට මතුයෙහි යෙදීම කියවයි. එය මෙසේ හැඳින්විය යුතුය.
යොවෙ කිලෙසානි පහාය පඤ්ච
පරිපුණ්ණසෙඛො අපහාන ධම්මො
චෙතො වසිප්පත්තො සමාහිතින්ද්රිය
සවෙ ඨිත තෙතානි නරො පවුච්චති
පරිපුණ්ණසෙඛො අපහාන ධම්මො
චෙතො වසිප්පත්තො සමාහිතින්ද්රිය
සවෙ ඨිත තෙතානි නරො පවුච්චති
යමෙක් කෙලෙක් පස හැර
පිරිපුන් සේබව නොහරන දහම් ඇත්තේ
සිත්හි වසඟව සන්හුන් ඉඳුරන් ඇත්තේ
හේ නැවතුණු ආත්ම ඇති මිනිසායය කියනු ලැබේ.
පිරිපුන් සේබව නොහරන දහම් ඇත්තේ
සිත්හි වසඟව සන්හුන් ඉඳුරන් ඇත්තේ
හේ නැවතුණු ආත්ම ඇති මිනිසායය කියනු ලැබේ.
අනාගාමි පුද්ගලයා ඒකාන්ත පරිපූර්ණ සේඛයාය. ඒ සඳහා මේ සෙඛාය විජ්ජා පත්තබ්බං යයි කීහ. මාර්ගය ඒක චිත්තක්ෂණික හෙයින් එහි සිටියහුගේ විමසීමක් නැත. මේ සුත්රයෙන්ද මාර්ගයද බහුචිත්තක්ඛණිකො - බහු චිත්ත - ක්ෂණික වෙති යන්න බුද්ධවචන නොවේනම් කියන ලද ගාථාවෙහි අර්ථයද විරුද්ධය. ඒනිසා අනාගාමි ඵලයෙහි සිට අර්හත් මාර්ගයෙහි විදර්ශනාව කියවන ලද්දේයයි දත යුතුය. යම් හෙයකින් ඒ පිරිසිදු රහත්හුටම උපනිශ්රය නොවේ. ෂටි අභිඥාවනටද උපනිශ්රය වේ. ඒනිසා භාග්යවතුන් වහන්සේ මෙසේ සමථයෙහි කර්ම කොට පංච අභිඥා උපදවන සේක. විදර්ශනාවෙහි කර්ම කොට රහත්බවට පැමිණෙන සේක. මෙසේ ෂට් අභිඥාසහිත මහා ශ්රාවකයෙක් වන්නේයයි විදර්ශනාමාත්රයම නොකියා සමථ විදර්ශනා කියාදුන් සේක.
සති සති ආයතනෙ කරුණු ඇති ඇති කල්හි, මෙහි කාරණ යනු කිම. අභිඤ්ඤාව හෝ අභිඤ්ඤාපාදක ධ්යානය හෝ අවසන්හි රහත්බව හෝ රහත්හුගේ විදර්ශනාව හෝ යන කාරණයයි දතයුතුය.
පරිචිණ්ණොමෙ භගවා සේඛයෝ සත්දෙන භාග්යවතුන් වහන්සේ වටා හැසිරෙත්. ක්ෂීණාශ්රවයා විසින් භාග්යවතුන් වහන්සේ වටා පිරිවරන ලද සේකැයි මෙසේ සංක්ෂේපයෙන් රහත්බව ප්රකාශ කරමින් තෙරුන් වහන්සේ මෙසේකීහ. ඔවුහු භික්ෂූන්ගේ අර්ථය නොදත්හ. නොදැනම ඔහුගේ වචනය පිළිගෙන භාග්යවතුන් වහන්සේට දැන්වුහ. දෙවතා ඔවුන්ගේ ගුණ ලැබූ දේවතාවා සෙස්ස සියලු තැන නොගැඹුරුය.
තෙවැනි මහාවච්ඡ සුත්රයයි
දීඝනඛ සූත්ර වර්ණනාව
එවම්මෙසුතං යනු දීඝනඛ සුත්රයයි. එහි සුකරඛතායං සුකරඛත නම් ඇති ලෙනෙහි. කාශ්යප බුදුන් කල ඒ ලෙන එක් බුද්ධාන්තරයක් පොළොව වැඩෙන කල පොළොව තුළට ගියේ වෙයි. ඉක්බිති එක්දවසක් ඌරෙක් එහි වහල කෙළවර සමීපයෙහි පස් හෑරිය. වැසිවටකල්හි පස් සේදී වහල කෙළවර ප්රකට විය. වනචාරියෙක් දැක පෙර සිල්වතුන් විසින් පරිභෝග කරන ලද ලෙනක් වියයුතුය එය පිළිදැගුම් කරන්නෙමියි හාත්පස පස් ඉවත් කොට ලෙන සෝදා බිත්තියකින් ආවරණයක් කොට දොර කවුළු යොදා මැනවින් නිමකරන ලද සුණු පිරියම් චිත්රකර්ම ඇති රිදීපටක් වැනි වැලි අතුරන ලද මිදුල ඇති ලෙනක් කොට ඇඳපුටු පනවා භාග්යවතුන් වහන්සේගේ වාසය පිණිස දුන්නේය. ලෙන ගැඹුරවිය. පහළට බැස නැගිය යුතුය. ඒ සඳහා මෙය කියන ලදී.