අග්ගිවච්ඡගොත්ත සූත්ර වර්ණනාව
එවම්මෙසුතං යනු අග්ගිවච්ඡ සුත්රයයි. එහි නඛොඅහං පළමුවර මම ශාස්වත දෘෂ්ටිකයෙක් නොවෙමියි කියයි. දෙවැනි වර මම උච්ඡේද දෘෂ්ටිකයෙක් නොවෙමියි කියයි. මෙසේ අත්තානන්තික ආදී වශයෙන් සියලු වාරයන්හි ප්රතික්ෂේපය දත යුතුය. හොතිච නචහොති ච මේ එකච්ච සස්සත වාදයයි. නෙව හොති න න හොති මෙය අමරාවික්ඛෙප වාදයයිද දතයුතුය.
සදුක්ඛං කෙලෙස් දුකින් හෝ විපාකදුකින්ද දුක්සහිත සවිසාතං ඒ දෙක වශයෙන් උපසාත සහිත සඋපායාසං ඔවුන්ගේම වශයෙන් සපරිළාහ සහිත
කිඤ්චි දිට්ඨිගතං කිසියම් එක් දෘෂ්ටියක් වත් කැමතිවී කමවා ගන්නා ලද්දේ වේදැයි අසයි. අපනීතං ඉවතට ගෙනයනලද විසිකරන ලද දිට්ඨං ප්රඥාවෙන් දක්නා ලද යම්හෙයින් පංචස්කන්ධයන්ගේ ඇතිවීම හා නැතිවීම දුටුවේද ඒනිසා, සබ්බමඤ්ඤිතානං සියලු තෘෂ්ණා දෘෂ්ටි මාන තුන පිළිබඳව හැඟීම ඇති මථිතානං ඒවාටම වෙනත් වචනයකි. දැන් ඒවා බෙදා දක්වන්නේ. සබ්බඅභිඞ්කාර මමිංකාර මානානුසයානං යයි කීය. මෙහි අභිඞ්කාර නම් දෘෂ්ටියය ..මිකාරය තෘෂ්ණාවය. මානානුසය මානයයි. අනුපාදා විමුත්තො සිව් උපාදානයන් අතුරින් කිසියම් දහමක් නොගෙන මිදුණු, නැපෙති නොයෙදේ.
මෙහිද නඋප්පජන්ති යන්න අනුදැනියයුතුව තිබුණි. කුමක්නිසාද මෙසේ කීකල්හි ඒ පිරිවැජියා උච්ජේදය ගනු ඇත. උපපජ්ජති කියුවිට ශාස්වතයයි. උප්පජ්ජතිච නො උප්පජ්ජති ඒකච්ච සස්සත වාදයයි. නෙව උප්පජ්ජති නන උපපජ්ජතිච අමරා වික්ෂේපයයි. ඒ නිසා භාග්යවතුන් වහන්සේ මෙය ප්රතිෂ්ඨා රහිතවේවා අනාලම්බවේවා සැපයට පිවිසෙන තැනක් නො ලබාවායි අවසර නොදී සිට අවසර දුන් දෙයද ප්රතික්ෂේප කළසේක. අලං සමත්. ප්රමාණවත්, ධම්මො ප්රත්යාකාර ධර්මය අඤ්ඤත්ථ යොගෙන අන්තැනක යෙදීමෙන්. අඤ්ඤත්ථ ආචරිය කෙන ප්රත්යාකාරය නොදන්නා අන් ගුරුවරුන් සමීපයෙහි වසන්නහු විසින්
තෙනහිවච්ඡ යම් හෙයකින් ඔබ සම්භෝගයට පැමිණියෙමියි කියහිද ඒනිසා එයම මෙහිදී නැවත විචාරන්නෙමි. අනාහාරො නිබ්බුතො ප්රත්ය නැතිව පිරිනිවියේය.
යෙන රූපෙන යම් රූපයකින් සත්ත්ව සංඛ්යාත තථාගතයා යයි පනවන්නේනම් ගම්භීරො ගුණයෙන් ගැඹුරු. අප්පමෙය්ය ප්රමාණයක් ගැනිමට නොහැකිවන දුප්පරියෝගාහො ගැනීමට අපහසු දැනීමට අපහසු සෙය්යථාපි මහා සමුද්දො යම් සේ මහ සමුදුර ගැඹුරුද ප්රමාණ කළ නොහැකිද දැනගැනීම අපහසුද එසේම ආශ්රවක්ෂය කළ පුද්ගලයාද ඒ අරබයා උපදීය ආදී සියල්ල නොයෙදේ. කෙසේද නිවීගිය ගින්න අරබයා පෙරදිගට ගියේය ආදි සියල්ල නොයෙදේද ඒවාගේ,
අනිච්චතා අනිත්යතාවෙන් සාරෙපතිට්ඨිතං ලෝකෝත්තර ධර්ම සාරයෙන් පිහිටි, සෙස්ස සියලු තැන නොගැඹුරුමය.