ගුලිස්සානි සූත්ර වර්ණනාව
එවම්මෙසුතං යනු ගුලිස්සානි සුත්රයයි. එහි පදරසමාචාරො දුර්වල සමාචාරයයි. පහත් ආචාරයයි. ප්රත්යයන්හි අපේක්ෂා ඇති මහාරක්ඛිත තෙරුන් මෙන් උන්වහන්සේ උපස්ථායක නිවසක හුන්කල උපස්ථායකයා මෙසේ ඇසීය. ස්වාමීනි මා විසින් අසුවල් තෙරුන්ට සිවුරක් දෙන ලදී. ඔබ කළේ යහපත් දෙයකි. එයම සිත සිතා වාසය කරන උන්වහන්සේට සිවුරක් දීමෙන් ඔබ කළේ යහපත් දෙයකි. ස්වාමීනි ඔබ වහන්සේටද දෙන්නෙමි. මැනවි එසේ කරන්නෙහි එයම සිතමින් සිටිනහුට යැයි කීහ. මෙයද එබඳු පහත්ආවාරයක් විය. සප්පතිස්සෙන ජ්යෙෂ්ඨයන් ඇත්තහු විසින්, තමා ජ්යෙෂ්ඨ කොට නොවිසිය යුතුය. සෙරිවිහාරෙන ස්වච්ඡන්දවිහරණයෙන්. අවිනය විහරණයෙන්.
නානුපඛජ්ජ බලයෙන් ඇතුළුනොවී, අනුව නොපිවිස එහි යමෙක් දෙපස මහතෙරුන් දෙනම වැඩහුන් කල්හි ඔවුන් නොවිචාරාම සිවුරින් හෝ දණින් හිඳගනී. මෙය අනුපඛජ්ජ. බලයෙන් ඇතුළුවී හිඳුගනී නම්වේ. මෙසේ නොකොට තමාට පැමිණි අසුන සමීපයෙහි සිට ඇවැක්නි හිඳවයි කීකල්හි හිඳගත යුතුය. ඉදින් නොපවසන්නේනම් ස්වාමීනි හිඳිමියි විමසා හිඳගතයුතුය. විමසන ලද කල්හි සිට හිඳගනුවයි කීකල්හිද. නොකියු කල්හිද හිඳගන්ට වටී. නපටිඛාහිස්සාමි මෙහිදී යමෙක් තමාට පැමිණි අසුන ඉක්මවා නවකයන් පැමිණෙන තැන හිඳගනී. මෙය නවක භික්ෂුන් අසුනින් වළක්වයි නම්වේ. එහිදී එසේ හුන් නවක භික්ෂුව අපට හිඳගන්නට නොදෙතියි දොස්නගමින් සිටිත් නැතහොත් ආසනයක් සොයමින් ඇවිදිත්. එනිසා තමාට පැමිණි අසුනෙහිම හිඳගතයුතුය. මෙසේ එය නොවළක්වයි නම්වේ.
ආභිසමාචාරිකම්පි ධම්මං නියම හැසිරීම වත්පිළිවෙත් මාත්රයක් නාතිකාලෙන ඉතා උදෑසන නොපිවිසිය යුතුය. ඉතාදවල් කල ඉවත්වී නොයා යුතුය. භික්ෂුසංඝයා සමගම පිවිසිය යුතුය නික්මිය යුතුය. ඉතා උදෑසන පිවිස නොදවල් කල්හි නික්මෙන්නාගේ චෛත්යමළු බෝමළු වත් පිරිහෙයි. උදෑසනින් මුව දොවා මකුළුදැල් කඩාගෙන, පිනිබිඳු පාගාගෙන ගමට පිවිස කැඳ සොයා දන්වළඳන කල් එනතුරු ඇතුළුගමෙහිම නානාප්රකාර තිරිසකතා කියමින් හිඳ බත්කිස නිමවා දවල්හි නික්ම භික්ෂූන් පාදොවන කල්හි විහාරයට ආපසු පැමිණිය යුතු වෙයි. නපුරෙ භත්තං පච්ඡාභත්තං කුලෙසු වාරිත්තං ආපජ්ජිතබ්බං යම් භික්ෂුවක් ආරාධනා කරනු ලැබ අහර වළඳා ශාන්තවු භික්ෂුවක නොවිමසා පෙරබත් කල්හි පසුබත් කල්හි නියමිත කාලයේදී හැර කුල චාරිත්රයන්ට එළඹේද පචිති ඇවැත්වේය යන ශික්ෂා පදය රක්තහු විසින් විභඞ්ගයෙහි කියන ලද පෙරබත් කල්හි පසුබත්කල්හි චාරිත්රයන්ට නොඑළඹිය යුතුය. උද්ධතො හොති වපලො උඬගු ස්වභාව ඇත්තේ හෝවෙයි. සිවුරු සැරසීම්, පාත්ර සැරසීම් සෙනසුන් සැරසීම් මේ කුණුසිරුර කෙළිපිණිස කරන සැරසීම්යයි මෙසේ කියන ලද තරුණ දරුවන්ගේ චපල භාවයෙන් යුත්.
පඤ්ඤවතා භාවිතබ්බං කළයුතු. චීවරකර්ම ආදීන්හි උපාය ප්රඥාවෙන් යුක්ත විය යුතුය. අභිධම්මෙ අභිවිනයෙ අභිධර්ම පිටකයෙහි මෙන්ම විනය පිටකයෙහිද පෙළ වශයෙන් අටුවා වශයෙන්ද යෙදීම කළයුතුය. අඩුතරමින් අභිධර්මයෙහි දුකතිකමතික සමග ධමමපදය විභාගය හැර නොවටී. විනයෙහි කම්මාකම්ම විනිවජය සමග සුවිනිශ්චිත ප්රාතිමෝක්ෂ දෙක හැර නොවටී
ආරුප්පා එපමණකින් අටසමවත්ද කියන ලද්දේවෙයි. ඒවා සියල්ලෙහි යෙදීමට නොහැක්කකු විසින් සතකවත් යෙදීම කළයුතුය. සයක, පහක අඩුවශයෙන් එක් කසිණයෙක පරිකර්ම කර්මස්ථානය ප්රගුණකොට ගෙන හැසිරිය යුතුය. මෙහිදී එයහැර නොවටී. උත්තරිමනුස්සධම්ම මෙයින් සියලු ලෝකෝත්තර ධර්මයන් දක්වයි. ඒනිසා රහත්වී වාසය කළ යුතුය. රහත්බව ලැබීමට නො හැකිවන්නකු විසින් අනාගාමි ඵලයෙහි සකදාගාමි ඵලයෙහි සෝතාපත්ති ඵලයෙහි පිහිටියයුතුය. අඩුතරමින් එක් විදර්ශනා මාතෘකාවක් රහත්බව තෙක් ප්රගුණ කොටගෙන හැසිරිය යුතුය. සෙස්ස සියලු තැන නොගැඹුරුමය. මේ ධර්ම දේශනාව ආයුෂ්මත් ශාරිපුත්ර තෙරහු නෙය්ය පුද්ගල වශයෙන් අභිසමාචාරික වතෙහි සිට පිළිවෙළින් රහත්බවට පමුණුවා නිමවා වදාළහ.