කීටාගිරි සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතං යනු කීටාගිරි සුත්‍රයයි. එහි කාසිසු එනම් ඇති ජනපදයෙහි එථතුම්හෙපි භික්‍ඛවෙ මහණෙනි එවු, ඔබද මේ ආනිසංස පස බලමින් රාත්‍රිභෝජනය අත්හැර වළඳවු මෙසේ භාග්‍යවතුන් වහන්සේ රාත්‍රි විකාලභෝජනය දිවා විකාල භෝජනයැයි මේ භෝජන දෙක එක් පහරින් අත් නොහරවා එක්කලෙක දිවා විකාල භෝජනයම අත්හරවාපු සේක. නැවත බොහෝ කලකට පසු රාත්‍රි විකාලභෝජනය අත්හරවනසේක් මෙසේ කීසේක. කුමක් නිසාදයත්, මේ භෝජන දෙක සංසාරයෙහි පුරුදු වූවකි ගඟට බට ජලය මෙන් ඉදිරියටම යන්නකි. එළිමහනෙහිද ගෙහිද අහර අනුභවකොට වැඩුණු සුකුමාර කුලපුත්‍රයෝ භෝජන දෙක එක් පහරින් අත්හරින්නාහු ක්ලාන්ත වෙති. ඒනිසි එක්පහරින් අත්නොහරවා භද්දාලි සූත්‍රයෙහි දිවා විකාල භෝජනය අත්හැරවු සේක. මෙහි රාත්‍රි විකාල හෝජනය අත්හරවන්නේ තර්ජනය කොට හෝ අවමන් කොට නොවේ. ඒවා අත්හැරීම නිසා අල්පාබාධතාව හඳුනා ගනිවුයයි මෙසේ ආනිසංස දක්වා අත්හැරවු සේක. කීටාගිරි ඒ නියම්ගමෙහි නම.
අස්සජි පුනබ්බසුකා අස්සජි සහ පුනබ්බසුක. ඡබ්බග්ගියයන් සය දෙනා අතර ගණාචාර්ය දෙදෙන පණ්ඩුක ලෝහිතක මෙත්තිය, භූම්මජක අස්සජී පුනබ්බසුක යනු මේ ඡබ්බග්ගියෝය. මොවුන් අතරින් පණ්ඩුක ලෝහිතක දෙදෙන තම පිරිස ගෙන සැවතෙහි වෙසෙත්. මෙත්තිය භූම්මජක දෙදෙන රජගහනුවර වෙසෙත්. මේ දෙදෙන කීටාගිරියෙහි නේවාසිකයෝ වෙති. ආවාසිකා නිබඳව වසමින් ඒ හා බැඳුණු නොසැදු සෙනසුන් සදත්. දිරාගිය තැන් පිළිසකර කරති. කළ කල්හි බලවත්තු වෙති. කාලිකං අනාගත කාලයෙහි පැමිණිය යුතු ආනිසංස,
මයා චෙතං භික්ඛවෙ මෙහි කුමක් දක්වන සේක්ද මහණෙනි දවසට තෙවරක් අනුභවකොට සුබ වේදනාවම උපදවන්නා මේ සසුනෙහි කාර්ය කරන්නෙක් නම් නොවේ. මෙපමණක් වේදනාව ඉවසිය යුතුයි මෙපමණක් නොඉවසිය යුතුයි යන මේ අර්ථය දක්වනු පිණිස මේ දේශනාව ඇරඹුසේක. එවරූපං සුඛං වෙදනං පරිහරථ මෙය ගෙහසිත සෝමනස්ස සයක් වශයෙන් කියන ලදී. උපසම්පජ්ජ විහරථ මෙය නෛෂ්ක්‍රම්‍ය ආශ්‍රිත සෝමනස්ස සයක් වශයෙන් කියන ලදී. මෙසේ මෙයින් අන්‍යවූ වාර දෙකෙහි ගෙහසිත, නෙක්ඛම්මසිත දෝමනස්සයන්ද උපේක්ෂාවන්ද වශයෙන් අර්ථය දතයුතුය.
මෙසේ සේවනය කළ යුතු නොකළයුතු සියලු දේශනාව දක්වා දැන් අප්‍රමාදයෙන් ක්‍රියාකළයුතු නොකළයුතු කවරකගේද යන්න දක්වන්ට. නාහං භික්ඛවෙ සබ්බෙසංයෙව ආදීය කීහ. එහි කතං තෙසං අප්පමාදෙන යැයි අප්‍රමාදයෙන් යමක් කළයුතුද එය කරන ලද්දේය. අනුලොමිකාහි ප්‍රතිපත්තියට අනුලෝමවූ කර්මස්ථාන සත්ප්‍රාය යම්තැනක වසන්නහු විසින් මාර්ගඵලවලට පැමිණෙන්ට හැකි වෙයි. ඉන්‍ද්‍රියානු සමන්නානයමානා ශ්‍රද්ධා දී ඉන්‍ද්‍රියයන් සමසේ කරමින්,
සත්තිමෙ පුග්ගලා මෙහි කුමක් දක්වයිද, යමකුට අප්‍රමාදයෙන් කළයුත්තක් නැද්ද. ඒ දෙකක් වෙයි. යමකුට ඇත්ද ඒ පසකි. මෙසේ මේ පුද්ගලයෝ සත් දෙනෙක් වෙතියි මේ අර්ථය දක්වයි.
එහි උභතොභාග විමුත්තො භාග දෙකින් මිදුනේ අරූප සමාපත්තියෙන් රූපකායෙන් මිදුනේ වෙයි. මාර්ගයෙන් නාමකායෙන් මිදුනේ වෙයි. හේ අරූප සමාපත්තී සතරෙහි එකඑකකින් නැගිට සංස්කාරයන් මැනවින් දැන රහත් බවට පත් වුවන් සිව්දෙනාගේද නිරෝධයෙන් නැගිට රහත්බවට පත් අනාගාමියාගේද වශයෙන් පස්වැදෑරුම් වෙයි. මෙහි පෙළ නම් උභතො භාග විමුත්ත පුද්ගලයා කවරෙක්ද මෙහි එක්තරා පුද්ගලයෙක් අෂ්ට විමෝක්ෂයන් කයින් ස්පර්ශකොට ආශ්‍රවයෝ ක්ෂීණ වූහයි ප්‍රඥාවෙන් දැකද වසානුයි අභිධර්මයෙහි අෂ්ට වීමෝක්ෂ ලාභියා ගේ වශයෙන් පැමිණියේය.
ප්‍රඥවෙන් මිදුනේනුයි පඤ්ඤාවිමුත්තො, හේ ශුෂ්ක විදර්ශකයෙක්ද වී චතුර්ථධ්‍යානයන්ගෙන් නැගිට රහත්බවට පත් සිව්දෙනද වශයෙන් පස්වදෑරුම් වෙයි. මෙහි පෙළනම් උභතො භාග විමුත්ත පුද්ගලයා කවරෙක්ද මෙහි එක්තරා පුද්ගලයෙක් අෂ්ට විමෝක්සයන් කයින් ස්පර්ශකොට ආශ්‍රවයෝ ක්ෂීණවූහයි ප්‍රඥාවෙන් දැකද වසානුයි අභිධර්මයෙහි අෂ්ට වීමෝක්ෂ ලාභියා ගේ වශයෙන් පැමිණියේය. ප්‍රඥාවෙන් මිදුනේනුයි පඤ්ඤා විමුත්තො හේ ශුෂ්ක විදර්ශකයෙක්ද වී චතුර්ථධ්‍යානයන්ගෙන් නැගිට රහත්බවට පත් සිව්දෙනද වශයෙන් පස්වැදෑරුම්මවෙයි. මෙහි පෙළ අෂ්ටවිමෝක්ෂ ප්‍රතික්ෂේප වශයෙන්ම ආයේය. කියනලද්දේමැයි. අෂ්ටවිමෝක්ෂයන් කයින් ස්පර්ශකොට, ආශ්‍රවයෝ ක්ෂීණවූවෝයයි ප්‍රඥාවෙන් දැක විසීමක් නැත. මේ පුද්ගලයා ප්‍රඥා විමුක්ත යයි කියනු ලැබේ.
ස්පර්ශකරන ලද එය සාක්ෂාත් කරන ලද්දේයයි කායසාක්ෂියයි. යමෙක් ධ්‍යාන ස්පර්ශය පළමුව ස්පර්ශ කෙරේද පසුව නිරෝධ සංඛ්‍යාත නිර්වාණය සාක්ෂාත් කෙරේද හේ සෝවාන් පලයෙහි පිහිටියහු ආදිකොට අර්හත් මාර්ගස්ථයා දක්වා සවැදෑරුම් වේයයි දත යුතුය. එහෙයින් කීය. මෙහි එක්තරා පුද්ගලයෙක් අෂ්ට විමෝක්ෂයන් කයින් ස්පර්ශ කොට ඇතැම් ආශ්‍රව ක්ෂීණවූයේයයි ප්‍රඥාවෙන් දැක වාසය කරයි. මේ පුද්ගලයා කාය සාක්ෂියයි කියනු ලැබේ.
දුටු දෙයෙහි අන්තයට පත්වූයේනුයි දිට්ඨප්පත්තො. සංක්ෂේප ලක්ෂණයයි. සංස්කාර දුකය. නිරෝධය සැපයැයි ප්‍රඥාවෙන් දත්තේ, දැක්කේ. මැනවින් දත්තේ සාක්ෂාත් කරන ලද්දේ බලන ලද්දේනුයි දිට්ඨිප්පත්තනමි විස්තර වශයෙන් හෙතෙමේද කාය සාක්ෂි මෙන් සැවැදෑරුම් වේ. එහෙයින් කීය - [missing trans]