නළකපාන සූත්‍ර වර්ණනාව
එවම්මෙ සුතං යනු කළකපාන සුත්‍රයයි. එහි නළකපානෙ එනම් ඇති ගමෙහි. පෙර අපගේ බෝසතුන් වහන්සේ වඳුරු යොනියෙහි ඉපිද මහා සිරුරක් ඇති වඳුරු රාජයෙක් වැ නොයෙක් දහස් ගණන් වඳුරන් විසින් පිරිවරන ලදුව කඳු පාමුල හැසිරේ. ප්‍රඥා ඇත්තේද වෙයි. මහාප්‍රාඥවු හෙතෙමේ පිරිසට මෙසේ අවවාද දෙයි. දරුවනි! මේ කඳුපාමුල විස ගඩාගෙඩි ඇත. අමනුෂ්‍යයන් විසින් අරක් ගන්නා ලද පොකුණු ඇත. උඹලා පෙර කා පුරුදු ගෙඩිම කවු. බී පුරුදු ජලයම බොවු මෙතැන ඔබලාට මා විමැසිය යුතු බවක් නැත. නොකෑවිරු ගඩාගෙඩි නොබීවිරූ ජලය මා නොවිමසා නොකවු නොබොවු
ඔවුහු එක් දවසක් හැසිරෙන්නාහු වෙනත් කඳුපාමුලකට ගොස් ගොදුරු ගෙන පැන් සොයන්නාහු එක් අමනුෂ්‍යයන් විසින් අරක්ගත් පොකුණක් දැක වහා එහි නොපිවිස ඒ වටා පිරිවරා බෝසතුන් එනමග බලමින් හුන්හ. බෝසත්හු පැමිණ, කිමෙක්ද දරුවනි, පැන් නොබොන්නේදැයි ඇසූහ. ඔබතුමා පැමිණෙන තෙක් බලා සිටිමු. මැනවි දරුවෙනි හාත්පස පියසලකුණු සොයමින් දියට බට පදසලකුණු පමණක් දුටහ. නැඟුණු සලකුණු නොදැක අනතුරු සහිතයයි දැනගත්හ. එකෙණෙහිම එහි සිටි රකුසා ජලය දෙබෑ කොට සිටගනී. ඒ ජල රකුසා සුදුපාට කටක්ද, නිල් බඩක්ද, රතු අත්පා ද, මහ දත්ද, නැමුණු දළද ඇත්තෙකි. විරූපීය. පිළිකුල්ය හේ මෙසේ කීය. ජලය නොබොන්නේ ඇයි මිහිරි ජලය බොන්න. මොහුගේ වචන ඔබ අසන්නේ නැද්ද බෝසත්හු මෙසේ කීහ. තෝ මෙහි අමනුෂ්‍යයෙක් වෙහිද ඔව් මම වෙමි. තෝ මෙහි බට තැනැත්තකු අල්ලාගන්නෙහිද ඔව් අල්ලාගනිමි. නොහැකිය. පැන් බොන්න පැනුත් බොන්නෙමු. මෙසේ ඇති කල්හි ඔබ එකෙක්වත් මිදී නො යන්නේ ය. පැන් බොන්නෙමු ඒත් තාගේ වසඟයට නොයන්නෙමු. එක් බට දඬුවක් ගෙන්වා ගෙන කෙළවරින්ගෙන පිම්බහ. සියල්ල එක් සිදුරක් වීය. ඉවුරෙහි හිඳ පැන් පානය කළහ. සෙසු වඳුරන්ටද එක් එක් බටදඬුව බැගින් ගෙන්වාගෙන පිඹ දුන්හ. සියල්ලෝ යක්ෂයා බලා සිටියදීම පැන් බීහ. එය මෙසේ කියන ලදී -
දිස්වා පදමනු තතිණ්ණං දිස්වා නොත්තරිතං පදං
නළෙන වාරිං පිවිස්සාමි නෙව මංත්‍වං වධිස්සසී
බැස ගිය පා ලකුණු දැක
ගොඩවු ලකුණු නොම දැක
බට දඬුවෙන් දිය බොන්නෙමු
තට මා නසනු නොහැකිය.
එතැන්පටන් අද දවස දක්වා ඒ ස්ථානයෙහි බටගස් එකම සිදුරක් ඇත්තේය. මේ සමග මේ කල්පයෙහි කල්පයක් පවත්නා පෙළහර සතරක් නම් ඇත. චන්ද්‍රයාගේ ශශරූපය. වට්ටකජාතකයෙහි සත්‍යක්‍රියාකළ තැන ගින්න වැළකීම, ඝටීකාර කුඹල්කරුගේ මව්පියන් වසන තැනට වැසි නොවැසීම, ඒපොකුණු තෙර බටගස්වල එක්ම සිදුරක් තිබීම. මෙසේ ඒ පොකුණ බටදඬුවෙන් පැන් බිව් බැවින් නළකපාන යයි නමක් ලැබීය. පසුකලෙක ඒපොකුණ නිසා ගමක් ඇතිවිය. එයට නළකපාන යයි නමක් ඇතිවිය. නළකපානෙ යනුවෙන් ඒ සඳහා කියන ලදී. පලාසවනෙ කිනිහිරි වනයෙහි,
තග්ඝ මයං භන්තෙ ස්වාමීනි අපි ඒකාන්තයෙන් ඇලුණෝ වෙමු. යම් අන්කිසිවෙක් ඔබ වහන්සේගේ සසුනෙහි ඇලෙත්ද ඔවුහුද අපමෙන් වී ඇලෙත්යයි පෙන්වයි.