චාතුම සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතං යනු චාතුම සුත්‍රයයි. එහි චාතුමායනු එනම් ඇති කුඩාගමෙහි පඤ්චඝත්තානි භික්‍ඛුසතානි අලුත පැවිදි වු භික්‍ෂුන් පන්සියයක්. තෙරවරු මෙසේ සිතූහ. මේ කුලපුත්‍රයෝ දසබලයන් වහන්සේ නොදැකම පැවිදිවුවෝය. මොවුන්ට භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නෙමු. භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි ධර්මය අසා තමාට සුදුසු උපනිශ්‍රයකින් පිහිටා සිටින්නාහුයයි ඒනිසා ඒ භික්‍ෂුන් රැගෙන ආවාහුය. සම්මොදමානා කිමෙක්ද ඇවැත්නි සැපයෙන්ද ආදී පිළිසඳර කථා කරමින්, සෙනාසනානි පඤ්ඤාපයමානා තමාගේ ආචාර්ය උපාධ්‍යාය යන්ට වසනතැන් විමසා දොර කවුළු විවරකොට ඇඳපුටු පැදුරු ආදිය ඉවත්කොට ගසාදමා නියම තැන තබමින්. පත්තචීවරානි පටිසාමය මානා ස්වාමීනි මේ පාත්‍රය මට තබනු මැනවි. මේ සිවුර මේ තලිය මේ පැන් කෙණ්ඩිය මේ සැරයටිය මට තබනු මැනවැයි මෙසේ ශ්‍රමණ පරිෂ්කාර ආරක්ෂා කරමින්
උච්චාසද්දා මහාසද්දා උඩට නැගුණු බැවින් උච්චං පැතිරීගිය බැවින් මහන්තං, නොපැහැදිලි හඬ කරන්නාහු, කෙවට්ටා මඤ්ඤෙ මච්ඡ විලොපෙ කෙවුලන් මාළුපැස් තිබුතැන්හි මහජනයා රැස්ව මේ මට වෙනත් මාළුවකු දෙව. මාළුපැසක් දෙව. මෙයාට ගොඩක් දුන්නේය. මට ටිකක් දුන්නේය මෙසේ උස්හඬ මහ හඬ කරත් ඒ සඳහා මෙය කියනලදී. මසුන් ගැනීම පිණිස දැල දැමූවිටද එම ස්ථානයෙහි කෙවුලෝද අන්‍යයෝද පිවිසියෝද නොපිවිසියෝද ගත් තැනැත්තේද නොගත් තැනැත්තේද මහා ශබ්දයක් කරති එය සඳහාද මෙය කියන ලදී. පණාමෙමි එළියට ඇදදමමි. නංවො මම සන්තිකෙ වත්‍ථබ්බං තෙපි මාවැනි බුදුවරයකු වසන තැනට පැමිණ මහා ශබ්දයක් කරහු. තමාගේ ස්වභාවයෙන් වසන්නාහු කුමක්නම් සරුප් දෙයක් කරවුද, තොප වැන්නවුන්ට මාගේ සමීපයෙහි වැසීමක් නැතැයි පෙන්වයි. ඔවුන් අතරින් එක් භික්‍ෂුවක්වත් භාග්‍යවතුන් වහන්ස ඔබවහන්සේ මහාශබ්ද මාත්‍රයකින් අප නරපතියි හෝ අන් කිසිවක් කීමට නොහැකිවිය. සියල්ලෝ භාග්‍යවතුන් වහන්සේගේ වචනය පිළිගන්නාහු එවංභන්තෙ එසේය ස්වාමීනියි කියා නික්මගියහ. ඔවුන්ට මෙසේ සිතිණ අපි ශාස්තෲන් වහන්සේ දකින්නෙමු දහම් කතා අසන්නෙමු. ශාස්තෲන් වහන්සේ සමීපයෙහි වසන්නෙමුයි පැමිණියෝ වෙමු. මෙබඳු ගරුකටයුතු ශාස්තෘ කෙනකුන් වෙත පැමිණ මහා ශබ්දයක් කළම්හ. නෙරපා හරිනු ලැබුයේ අපගේ දෝෂය නිසයි. භාග්‍යවතුන් වහන්සේ ගේ සමීපයෙහි කිසිදු වස්තුවක් නොලැබිණ. රන්වන් සිරුර බලන්නට මිහිරිහඬින් දහම් ඇසීමට නොලැබිණ ඔවුහු මහත් දොම්නසින් යුතුව ගියාහුය.
තෙනුපසඞ්කමිංසු ඒ ශාක්‍යයෝ පැමිණෙන විට හෝ එහිම හිඳනාවිට ඒ භික්‍ෂුන් නුදුටුවාහ. ඉක්බිති ඔවුන්ට මෙසේ සිතිණ. මේ භික්‍ෂූන් පිවිසි සැණින්ම ආපසු හැරී ගියේ කුමක් නිසාද ඒ කරුණ දැනගන්නෙමුයි සිතා ඒ භික්‍ෂූන් සිටි තැනට එළඹුණාහුය. හන්‍ද නිගමනාර්ථයෙහි නිපාතයකි. කහංපනතුම්හෙ ඔබ දැන් පැමිණ කොහි යනුද, ඔබට කිසියම් අනතුරක්ද නැතහොත් දසබලධාරීන් වහන්සේට අනතුරක්ද ඒ භික්‍ෂූන්ට අනතුරක්ද එසේය ඇවැන්නේ අපි භාග්‍යවතුන් වහන්සේ දකිනු පිණිස පැමිණියෝ වෙමු. ඔබ භාග්‍යවතුන් වහන්සේ දුටුවාහුද, දැන් තමාගේ වසන තැනට යමුයි කිසියම් බහින්බස්වීමක් ඇත. මෙබදු ව්‍යාජයක් නොකොට සිදුවූ දෙයම දන්වන්නාහු ඇවැත්නි භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂුසංඝයා එළවා දමන ලද්දේයයි කීහ. ඒ රජවරු වනාහි සසුනෙහි බර උසුලන්නෝය, ඒනිසා මෙසේ සිතූහ. දෑග සව්වන් සමග පන්සියයක් භික්‍ෂූන් ගමන් ගන්නා විට භාග්‍යවතුන් වහන්සේ ගේ පතුල් බිඳෙන්නේය. මොවුන් නවතන අයුරක් කරන්නෙමුයි මෙසේ සිතා, තෙනායස්මා එසේනම් ඇවැත්නි යනාදිය කීහ. ඒ භික්‍ෂූන් අතරද අපි මහා ශබ්ද මාත්‍රයෙන් නෙරපා හරිනු ලැබීමු. අපි ජීවත්වන්ට නොහැකිව පැවිදි වුවෝ නොවෙමු. ඒ විරුද්ධව සිටි එක් භික්‍ෂුවක් වත් නොවීය. සියලු දෙනම සමසමව එසේය ඇවැත්නියි පිළිගත්හ.