ලටුකිකොපම සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතං යනු ලටුකිකොපම සුත්‍රයයි. එහි යෙන සො වන සණ්ඩො මේ මහ තෙරුන් වහන්සේද භාග්‍යවතුන් වහන්සේ සමගම පිඬු පිණිස පිවිස සමගම පැමිණියහ. ඒනිසා යෙන සො භගවතා උපසඞ්කමන්තො වනසණ්ඩො තෙනුපසඞ්කමි යයි දත යුතුය. අපහන්තා ඉවතගෙනයන්නා. උපහන්තා ළඟට ගෙන එන්නා. යංභගවා යම් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ පටිසල්ලාණා වුට්ඨිතො එලසමාපත්තියෙන් නැගී සිටිසේක්.
ඉඞ්ඝ අණ කිරීමේ නිපාතයයි. අඤ්ඤථත්තං සිතෙහි වෙනස් බව. එයද භාග්‍යවතුන් වහන්සේ නිසා මෙබඳු ප්‍රණීත භෝජනයක් නොලබන්නහු කෙසේ යැපෙන්නමු දැයි මෙසේ ප්‍රණීත භෝජන ලැබීම නිසා වීයයි දතයුතුයි. භූත පුබ්බං මෙයින් රාත්‍රිභෝජනයෙහි ප්‍රණීතබව පෙන්වයි. සුපෙය්‍යං සුපයට සුදුසු මත්ස්‍ය මාංශ පලා ආදිය සමග්ගාභූඤ්ජිස්සාම එකතුව වළඳන්නෙමු. සඞ්ඛනියො පිළියෙල කරන ලද කෑයුතුදෑ සබ්බා තා රත්තිං ඒ සියලු පිළියෙල කිරීම් රාත්‍රියෙහිම වෙයි. දිවාකාලයෙහි අල්පය. කුඩාය මඳ වෙයි. මිනිස්සු දිවා කාලයෙහි කැඳ ආදියෙන් යැපුණද රාත්‍රියෙහි ශක්ති පරිදි ප්‍රණීත දෙයක්ම අනුභව කරති.
නැවත භූතපුබ්බං මෙයින් රාත්‍රි විකාල භෝජනයෙහි ආදීනව දක්වයි. එහි අන්‍ධකාරතිමිසාය ඝන අන්ධකාරයෙහි මාණවෙහි සොරුන් විසින් කතකම්මෙහි කරන ලද සොරකම්වලින්, ඒ කරන ලද සොරකම් ඇත්තේ තම දෙවියන් යැද කිසියම් කාර්යයක් ඉටුකරගනු ලැබීද එයට බාරය පිණිස මිනිසුන් මරා ගලලෝහිත ආදිය ගනිත්. ඔවුන් තවත් මිනිසුන් මරන විට කෝලාහල ඇතිවන්නේය. පැවිද්දෙකු සොයන්නෙක් නැතැයි හඟිමින් භික්‍ෂූන් ගෙන මරති. ඒ සඳහා මෙය කියන ලදී. අකතකම්මෙහි කැලයෙන් ගමට පැමිණෙන කල්හි කාර්ය නිෂ්පාත්තියට පෙරාතුව බිලියම් කරනු කැමැත්තවුන් විසින්, අසද්ධම්මෙන නිමන්තෙති මහණ එව. අද රෑ මෙහි වළඳා මෙහිම වැස සම්පත් අනුභව කොට ගෙට යන්නෙහියයි මෛථුන ධර්මයෙන් පවරා.
නැවත භූතපුබ්බං මෙයින් තමා දුටු කරුණ කියයි. විජ්ජන්තරිකාය විදුලිය දිලිසෙන ඇසිල්ලෙහි. විස්සරමකාසි මහා ශබ්දයක් කළේය. අබ්භුම්මෙ භූති- දියුණුව අභූති - පිරිහීම - මාගේ විනාශයයි අර්ථයි පසාචො වතමං පිශාචයෙක් මා කෑමට ආයේ වන ආතුමාරි මාතුමාරි එහි ආතු යනු පියාය. මාතු යනු මවය. මෙය කියන ලදී. යමකුට පියා හෝ මව ඇත්ද ඒ මව්පියෝ ඔහු අපගේ පුත්‍රයායයි හැකි පරිද්දෙන් යම් කෑමක් බීමක් දී එක් තැනෙක නිදිකරවත්. හේ ඒ අයුරින් රාත්‍රී පිඬු පිණිස නොහැසිරේ. ඔබගේ මව්පියන් මළහයි සිතිමි. ඒනිසා මෙසේ හැසිරෙති.