භද්දාලි සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතං යනු හද්දාලිසුත්රයයි. එකාසන භෝජනං එක් පෙරවරුවක ආසන භෝජනය වැළඳිය යුතුය යන අර්ථයි අප්පාබාධං ආදිය කකචොපම සුත්‍රයෙහි විස්තර කරන ලදී. න උස්සහාමි නොහැකි වෙමි. සියා කුක්කුච්චං සියා විප්පටිසාරො මෙසේ වළඳන්නේ දිවි ඇතිතාක් බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙන්ට හැකිවෙම්ද නොහැකි වෙම්දැයි මෙසේ මට විපිළිසර කුකුසක් වන්නේ ය යන අර්ථයි. එකදෙසං භුඤ්ජිත්වා පුරාණ තෙරවරු වනාහි පාත්‍රයෙහි බත් දමා ගිතෙල් දුන් කල්හි ගිතෙලින් උණුඋණුවේම මඳක් වළඳා අත් දොවා ඉතිරිය පිටතට ගෙනවුත් සෙවන හා ජලය පහසු තැනක හිඳ වළදත්. ශාස්තෲන් වහන්සේ ඒ සඳහා වදාළ සේක භද්දාලි මෙසේ සිතිය. යම් හෙයකින් තම පාත්‍රය පුරවා දුන් බත වළඳා නැවත පාත්‍රය සෝදා බතින්පුරවා ලද දෙයක් පිටතට ගෙනවුත් සෙවන ජල පහසුකම් ඇති තැනෙක වළඳත් නම් එසේ වටනේය. වෙනත් අයුරකින් කවරෙක් සමත්වේද. එහෙයින් එවම්පි ඛො අහං භන්තෙ න උස්සහාමි කීය. මොහු වනාහි අතීතයෙහි අනන්තර ජාතියෙහි කාකයෝනියෙහි උපන්නේ ය. කපුටෝ නම් මහා කුසගිනි ඇත්තෝ වෙති. ඒනිසා මහඡාතක තෙරුන් වහන්සේයි නමක් ඇතිවිය. ඔහු හඬනගද්දීම භාග්‍යවතුන් වහන්සේ එය මැඩ පවත්වා යටපත්කොට යම් භික්ෂුවක් විකල්හි කෑයුතු දෙයක් හෝ පියයුතු දෙයක් කන්නේ හෝ බොන්නේ නම් පචිති ඇවතක් වෙයි යයි ශික්ෂාපදයක් පැනවූසේ. එහෙයින් කියනලදි අථඛො ආයස්මා භද්දාලි -පෙ- අනුස්සාහං පවෙදෙසි.......... යනුවෙන්.
යම්සේ ශික්ෂා නොපුරන්නෙක් එක් වෙහෙරක වසන්නේ ශාස්තෲන් වහන්සේ හමුවීමට නොදේද එසේ නොදුන්නේ ය. යන අර්ථයි. භාග්‍යවතුන් වහන්සේට උවටැන් කිරීමටද නොගියේය. දම්දෙසන තැනට නො ගියේය. සීමා මාළකයටද නො ගියේය. එකඳු පිණ්ඩපාත මාර්ගයකට පිවිසියේද නැත. යම් ගෘහයක භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳිනා සේක්ද, එහි දොරටුවෙහි පවා නොසිටියේය. ඉදින් භාග්‍යවතුන් වහන්සේ ඔහු වසන තැනට වඩනාසේක්ද හෙතෙම පෙරාතුවම දැන අන්තැනකට යයි. කුල පුත්‍රයා ශ්‍රද්ධාවෙන් පැවිදිවූවෙකි. පිරිසිදු සිල්ඇත්තේය. එහෙයින් ඔහුට වෙනත් විතර්කයක් නොවීය. මා විසින් උදර හේතුවෙන් භාග්‍යවතුන් වහන්සේගේ ශික්ෂා පද පැනවීම ප්‍රතික්ෂේප කරන ලදී. මා විසින් නුසුදුසු දෙයක් කරන ලද්දේය යන මේ විතර්කයම විය. එහෙයින් එක් වෙහෙරක වසන්නේ වුවද ලජ්ජාවෙන් ශාස්තෲන් වහන්සේගේ හමුවීමක් නුදුන්නේය.
චීවර කම්මං කරොන්ති මිනිස්සු භාග්‍යවතුන් වහන්සේට සිවුරු සළුවක් දුන්හ. එය ගෙන සිවුරු මසත්. එතංදෙසකං මේ අවසරය මේ අපරාධය, ශාස්තෲන් වහන්සේ ශික්ෂාපද පනවන විට ප්‍රතික්ෂේප කිරීම මනාසේ සිත්හි තබාගනී යන අර්ථයි. දුක්කරතරං වස්වස දිසාවට ගිය භික්ෂූන්ගෙන් කොහි විසුහුදැයි අසත්. ඔවුන් දෙව්රමෙහි වුසුම්භයි කිකල්හි ආයුෂ්මත්නි භාග්‍යවතුන් වහන්සේ මේ වස්කාලය තුළ කිනම් ජාතකයක් වදාළසේක්ද, කිනම් සුත්‍රයක් වදාළසේක්ද කිනම් ශික්ෂාපදයක් පැනවු සේක්දැයි ඇසුවෝ වෙති. ඉන්පසු විකාල භෝජන ශික්ෂා පදය පැනවුසේක. භද්දාලිනම් එක් තෙරනමක් ප්‍රතික්ෂේප කළැයි කියති. ඒ අසා භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ ශික්ෂා පද පනවනවිට ප්‍රතික්ෂේප කළහ. එය අයුතු යයිද අහේතුක යයිද කියති. මෙසේ ඔබගේ මේ දෝෂය මහාජනයා අතර ප්‍රකටවී ප්‍රතිකර්ම කළ නොහැකි තත්ත්වයට පැමිණෙන්නේයයි හැඳින්නාහු මෙසේ ඇසුව. අනිකුත් භික්ෂූහුද පවරා ශාස්තෲන් වහන්සේ සමීපයට එන්නහුය. ඉක්බිති එසේනම් ඇවැත්නි මා ශාස්තෲන් වහන්සේ කමාකරවන විට සහාය වනු මැනවැයි සංඝයා රැස්කරවන්නාහුය. එහිදී ආගන්තුකයෝ මෙසේ අසන්නාහු ඇවැත්නි මේ භික්ෂුව විසින් කුමක් කරන ලද්දේද? ඉන්පසු ඒ බව අසා බැරෑරැම් දෙයක් කරන ලද්දේය. භික්ෂුව විසින් දසබල ධාරීන් වහන්සේ ප්‍රතික්ෂේප කරනු ලබනසේක. මෙය අයුක්තියක් යයි කියති. ඔවුහු මේ අපරාධය මහජනයා අතර ප්රකටව ප්‍රතිකර්ම කළ නොහැකි තත්වයට පැමිණෙන්නේයයි හඟින්නාහු මෙසේ කිහ. අථභගවා පවාරෙත්වා චාරිකං පක්කමිස්සති ඔබ ගියගිය තැන භාග්‍යවතුන් වහන්සේ කමා කරවනු පිණිස සංඝයා රැස්කරවන්නෙහිය. එහිදී දිසාවාසී භික්ෂූහු මෙසේ අසන්නාහුය. ඇවැත්නි මේ භික්ෂුව විසින් කුමක් කරන ලද්දේද -පෙ- ප්‍රතිකර්ම කළ නොහැකි බවට පත්වන්නේයයි හඟින්නාහු මෙසේ කීහ.
එතදවොච මා විසින් නුසුදුස්සන් කරන ලදී. භාග්‍යවතුන් වහන්සේ මහත්වූද අගුණයෙහි නොලැබී මාගේ වරද පිළිගන්නා සේකැයි හඟින්නේ එතං අච්චයො මං භන්තෙ ආදී වදන් කීය. එහි අච්චයො අපරාධය. මං අච්චගමා මා ඉක්මවා අභිබවා පැවතියේය. පතිගණ්හාතු කමා කළ මැනව. ආයතිං සංවරාය අනාගතයෙහි සංවරය පිණිස. නැවත මෙබඳු අපරාධයක්, දෝෂයක් වැරැද්දක් නොකරනු පිණිස තගසා නිශ්චිතවම. සමයොපි ඛොතෙ භද්දාලි භද්දාලි ඔබ දැන ගතයුතු එක් කරුණක් ඇත. එයත් ඔබ දැන ගෙන නැත. නොසලකා හැර ඇතැයි දක්වයි.